මෙම සිද්ධිය සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු රෝහල් බලධාරීන් බියට පත් කරගෙන චණ්‌ඩියකු මෙන් සිටි පුද්ගලයකු බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.
මෙම සිද්ධිය වී ඇත්තේ මීට දින කීපයකට උඩදීය. අතවරයට ලක් වූ කාන්තාව රාත්‍රි රාජකාරියේ යෙදී සිටියදී සැකකරුවන් දෙදෙනා ඇය බලහත්කාරයෙන් රෝහල් කාමරයකට රැගෙන ගොස් මරණීය තර්ජන එල්ල කර අතවරයට ලක් කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.
මෙම සිද්ධිය පිළිබඳව කාන්තාව දින කීපයක් යනතුරු කිසිවකුටත් පවසා නැත. සැකකරු ඇයට තර්ජනය කිරීම නිසා ඇය ඒ බව කිසිවකුටත් කියා නැත.
පසුව මෙම කාන්තාව තමන්ට වූ අතවරය පිළිබඳව රෝහලේ හෙදියකට පවසා ඇත.
ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳව රෝහල් බලධාරීන් ද දැනගෙන තිබේ. පසුව මේ පිළිබඳව එම කාන්තාව විසින් මරදාන පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ මරදාන පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති ගාමිණී හේවාවිතාරණ මහතා අදාළ සේවකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට මුහුණ පෑ කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණයකට ඉදිරිපත් කළ අතර, එහිදී අනාවරණය වූයේ ඇය අතවරයකට ලක්‌ව ඇති බවයි.
ඇස් රෝහලේ චණ්‌ඩියකු ලෙස සිටි සැකකරු සිය දොළොස් හැවිරිදි පුත්‍රයා ද සමඟ පදිංචිව සිටින්නේ ද රෝහලේම කාමරයක බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
රෝහල් බලධාරීන් බියට පත් කර ගෙන මොහු කාලයක සිට රෝහලේ කාමරයක පදිංචිව සිටින බව ද පොලිසිය පවසයි.
කොළඹ ඇස් රෝහලේ සේවය කරමින් සිටි හැට දෙහැවිරිදි කාන්තාවක් රෝහලේ කාමරයකට ඇද ගෙන ගොස් ඇයට මරණ තර්ජන කර ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇස් රෝහලේම සුළු සේවකයෝ දෙදෙනෙක් මරදාන පොලිසිය මගින් ඊයේ (10 ) අත්අඩංගුවට ගනු ලැබූහ.
Leave a comment
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...