මෛත‍්‍රීය වඩන ‘‘හංසාගමනය’’ දෙසැම්බර් 31 වනදා රාත‍්‍රී 7.05 ට.

Published in පුවත්
Monday, 29 December 2014 13:13

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ළමා අපයෝජන, ස්ත‍්‍රී දූෂණ කල පුද්ගලයින්ට, පුරාවිද්‍යාත්මක උරුමයන්ට පවා හානි කළ පුද්ගලයින්ට නිසි අකාරයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවුන බව ජාතික විද්වත් මණ්ඩලයේ ලේකම් සුජිත් අක්කරවත්ත මහතා ඊයේ (28) සෝලිස් හෝටලයේදී පැවති ‘‘හංසාගමනය’’ වැඩසටහන පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය.

දුරාචාරය නවතා දමා, යහපත් දේශයක් උදෙසා ජාතික සංඝයා වහන්සේලාගේ හා අන්‍යාගමික පූජකතුමන්ලාගේ එකමුතුවෙන් ආගමික මධ්‍යස්ථාන 16,363 ක් ‘‘හංසාගමනය’’ නමින් ජනතාව අතරට ගෙන යයි. මේ තුළින් යහපත් ආධ්‍යාත්මික ප‍්‍රවේශයක් ඔවුන් අපේක්ෂා කරයි. මෙහි පළමු පියවර ලෙස රටේ සොළොස්මස්ථාන වල මෛත‍්‍රී භාවනා වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරයි.

එහි දෙවන පියවර ලෙස එක් දිනකදී ස්වාමින් වහන්සේලා විසින් ගම්මාන 100 ක හඳුනාගත් විහාරස්ථාන 100 කදී ‘‘හංසාගමනය’’ ක‍්‍රියාත්මක වෙයි. මෙය හංස සංදේශය ආශ‍්‍රයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් හා අසීලාචාර පාලන ක‍්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කරණු ලබයි. එමෙන්ම මෙම මස 31වන දින බෝ මළු 200ක ජය පිරිත හා මතු බුදුවන මෛත‍්‍රී බුදුන්ට, මෛත‍්‍රී යාදිනයක් සිදු කරයි.

අපේ රටේ අටමස්ථාන වලට මෙතෙක් පාලනය කල කිසිඳු පාලකයෙක් කිසිම ආකාරයක හානියක් සිදු නොකළේය. නමුත් රාජපක්ෂ පාලනය තුළ එයට සඳ හිරු සෑයද එක් කරණු ලැබිණ. එය මේ රට තුළ පැවති චෛත්‍ය සිරිත උල්ලංගනය කල අවස්ථාවයි. මෙවැනි කටයුතු නිසා ස්වභාවධර්මය පවා අකාරුණික වෙයි.


මෙම අවස්තාව සඳහා සම්බන්ධ වූ ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියංගල ආනන්ද හිමි මෙසේ අදහස් ප‍්‍රකාශ කළේය :

ලබන දෙසැම්බර් 31 වනදා රාත‍්‍රී 7.05 ට යෙදෙන මහා ආශිර්වාදාත්මක මොහොතින් සෑම නිවසකම සෑම ආගමික ස්ථානයකම අබ තෙල් පහනක් දල්වා මෛත‍්‍රී භාවනාව වඩනමෙන් ජාතික සංඝ සම්මේලනය ජාතිමාමක, දේශමාමක සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටී. 2015 නව වසර සැමට සාධාරනත්වය යුක්තිය ඉටුවන ගුණගරුක දේශපාලනයක් පවතින යහපාලනයක් පවතීවා යන්න සිත්හි දරාගෙන සැවොම එකාමෙන් රට වෙනුවෙන් මේ ප‍්‍රාර්ථනීය මෛත‍්‍රීය වඩනමෙන් ඉල්ලා සිටී. දෙසැම්බර් 31 වනදා රාත‍්‍රීයේ පන්සලට යන, කෝවිලට යන, දේවස්ථානයට යන, පල්ලියට යන සැවොම තමන්ගේ යහපත රටේ යහපත ප‍්‍රාර්ථනය කරනවාත් සමගම මෙත්සිත පතුරමින් මෛත‍්‍රී භාවනාව වඩන්නට කටයුතු කරන්න.

සමාජයට සේවය කල හිමිවරුන් අතර ගැටුම් ඇති කළේ මහින්ද රාජපක්ෂ පාලනයයි. සමෘද්ධිමත් දේශයක් කරා ගමන් කරනා ගමන් මග මහින්ද රාජපක්ෂ මහතා වෙනස් කර ඇත. 2005 වසරේදී මහින්ද චින්තනය තුලින් මතට තිත නමින් වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක වුවත් එම වැඩපිළිවෙල යටතේ වසර තුනක් තුළ ලංකාවේ මත්ද්‍රව්‍ය තුරන් කරන බවට සඳහන් කළා. නමුත් එය එසේ සිදු උනේ නැහැ. ජාතික සංඝ සම්මේලනය විසින් ඊට විරුධව උද්ඝෝෂණයන් සිදුකළත් රාජපක්ෂ පාලනය විසින් සිදුකලේ ඔවුන්ට විරුද්ධව නඩු ගොනු කිරීම පමණකි. 2009 ත් 2014 යන වර්ෂ තුළ ශ‍්‍රී ලංකාවේ හෙරොයින් භාවිතය 44% කින් ඉහල ගොස් ඇත.

2005 සිට තැබෑරුම් හල් එකක්වත් විවෘත්ත නොවුනා යැයි රාජපක්ෂ මහතා සඳහන් කළත් 2005 සිට තැබෑරුම් හල් 400 කට බලපත‍්‍ර ලබා දී ඇත. ලංකාව තුළ මධ්‍යසාර භාවිතය 148% ඉහල ගොස් ඇත. මධ්‍යසාර පරිභෝජනය ලීටර් මිලියන 179 කි. වසරකට මිනිසුන් 20,000 මත්ද්‍රව්‍ය නිසා ජීවිතය අහිමි කරගනී, මත්ද්‍රව්‍ය නිසා රෝගී වන අය සඳහා 22% ක මුදලක් රජයෙන් වෙන් කරයි. රාජපක්ෂ පාලනයේ මූලික අදායම් මාර්ගයක් බවට මත්ද්‍රව්‍ය පත්ව ඇති නිසා එම තත්වය උදා වි ඇත. මෛත‍්‍රී පාලනයක් තුළදී මේ සියල්ලම වෙනස් කර ජනතාවට යහපත් ජිවිතයක් ලබා දීමට කටයුතු කරයි.

මෙම අවස්ථාවට ජාතික විද්වත් මණ්ඩලයේ උත්තරීතර සභාපති මහචාර්ය ඔලිවර් අබේනායක, එක්සත් ජාතික භික්‍ෂු පෙරමුණේ නියෝජ්‍ය ජාතික සංවිධායක පූජ්‍ය දුනුකේවල සන්තින්ද්‍රිය හිමි, ප‍්‍රවීණ රංගන වේදිනි දිල්හානි අශෝකමාලා හා පාලී විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය නිලන්ත දිසානායක ඇතුලූ විද්වත් පිරිසක් සහභාගී විය.

hansagamanaya-2

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us