භාශ්වර,මිලියන 900ක වංචාවක, ලිපිගොනු අරන් පැනලා මාට්‍ටු

Published in පුවත්
Tuesday, 13 January 2015 17:10

 

ලංකා සංචාරක මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂක භාශ්වර සේනාංක ගුණරත්න විසින් මිලියන 900ක වංචාවකට අදාළ ලිපිගොනු කිහිපයක් සංචාරක මණ්ඩලයේ කාර්යාලයෙන් පැහැර ගැනීමට උත්සාහ ගෙන තිබේ.

 

භාශ්වර සේනාංක ගුණරත්නගේ ඥාතියෙකු වන දැනට සංචාරක මණ්ඩලයේ සහකාර අධක්ෂකවරයෙකු ලෙස සේවය කරන සුරංග ලියනපතිරණ නැමැත්තා හරහා මෙම පැහැර ගැනීම සිදු කිරීමට කටයුතු යොදා ඇත.

 

මෙම සුරංග ලියන පතිරණ නැමැත්තා කැබිතිගොල්ලාව ප්‍රදේශයට යාම සඳහා සංචාරක මණ්ඩලයේ වාහනයක් ඉල්ලුම් කර තිබේ. (කැබිතිගොල්ලාවට හා මැදමුලනට තිබෙන දුර සමාන වේ). ඒ අවස්ථාවේ සංචාරක මණ්ඩලයේ සේවකයින් ඒ පිළිබඳ සැක සිතා වාහනය පරික්ෂා කර ඇති අතර එම වාහනය මගින් වංචාවට අදාළ ලිපිගොනු පැහැර ගැනීමට උත්සාහ දරන බව අනාවරණය වී ඇත.

 

ඉන්පසු 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දන්වා සේවකයින් විසින්ම අදාළ ලිපිගොනුවලට සීල් තබා ඇත. ඉන් අනතුරුව සංචාරක අමාත්‍ය නවීන් දිසානායක හා නන්දන ගුණතිලක පැමිණ එම ලියකියවිලි රැගෙන ගොස් ඇතිබව වාර්තා වේ.

 

Last modified on Tuesday, 13 January 2015 17:14

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us