ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවලංගු කරන්න ඡන්ද පෙත්සමක්! පීරිස්ගේ පූර්ණ සහාය!! Featured

Published in පුවත්
Wednesday, 14 January 2015 10:06

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජයග්‍රහණය අභියෝගයට ලක් කරමින් 2015 ජනාධිපතිවරණ ප්‍රතිපළය අවංගු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමේ උත්සහයක් ගැන අප වෙත හෙළිවේ.

මෙම ඡන්ද පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නිතිඥ කුෂාන්ද අල්විස්, ජනාධිපති නිතිඥ කුවේර ඩී සොයිසා, ජනාධිපති නීතිඥ අලිසබ්‍රි , නීතිඥ මහතුන් මේ වන විට කටයුතු කරමින් සිටින බවත් වාර්තාවේ.

මේ සඳහා මුලීක ව උපදෙස් ලබා දෙන්නේ ප්‍රවීණ නිතිඥ දෙපලක් වන ජනාධිපති නීතිඥ ඩී එස් විජෙසිංහ සහ ජනධිපති නීතිඥ නිහාල ජයමාන්න ය.

ඩී එස් විජේසිංහ මහතාගේ කනිෂ්ඨ නීතිඥයකු ලෙස මීට පෙර සේවය කළ දැනට ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු වරයකු ලෙස කටයුතු කරමින් සිටින ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ දායකත්වයත් මෙම ජනාධිපතිවරන පෙත්සම සකස් කිරීම සඳහා ලැබී ඇත.

මෙම පෙත්සම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙත්සම් කරු ලෙස ඉදිරිපත් කෙරෙන අතර මෙහිදී රාජපක්ෂ මහතගේ ලේඛන ගත නීතිඥවරිය ලෙස අනෝමා ගුණතිලක මහත්මිය ඉදිරිපත් වීමට නියමිතය.

ඊයේ සවස වරුවේ කොළඹ තදාසන්න රාජපක්ෂ පවුලේ නිවසක ප්‍රියන්ත ජයවරධන හා නීතිඥ වරු කිහිප දෙනෙකු හා පැවැති සාකච්ඡාවකදී අගවිනිසුරු මොහාන් පීරිස් ගේ සහය සෘජුවම මේ සඳහා ලැබෙන බවත් ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන් වන ඊවා වන සුන්දර, රෝහිනී මාරසිංහ, උපාලී අබේරත්න, තාබෲ, මෙ මොහොතේ මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දෙනු ඇති බව ද එමඟින් පහසුවෙන්ම ජනාධිපතිවරන ප්‍රතිපලය අවලංගු කර යළි මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබා ගැනිමට හැකි බව ජයවර්ධන මහතා පෙන්වා දී ඇත. රාජපක්ෂ මහතට තවත් වසර 2ක් ධුරයේ සිටීමට හැකි බැවින් යළි ජනාධිපතිවරණයකට යැම වසර දෙකක දක්වා පමා කිරීමත් සිදු කළ හැකි බවත් පවසා ඇත.

ඒ කෙසේ නමුත් මේවන විට මෙම ජනධිපතිවරන පෙත්සමේ කෙ‍ටුම් පතක් මෛත්‍රෙපාල සිරිසේන මහතාට සහය දැක්වූ නීතිඥවරයකු වෙත ලැබී තිබේ.

මෙම අවසන් නොකෙරුණු කෙටුම්පත් පිටපත අනුව ප්‍රතිපලය අවලංග කිරීම සඳහා හේතූ් ගණනාවක් සඳහන් වන අතර එකිනෙකට පරස්පර හේතූන්ද තිබෙන බවත් එම නීතීඥවරයා අප වෙන පවසා සිටියේය.

Last modified on Wednesday, 14 January 2015 10:09

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us