බොදුබලේ රෙදි ගැලවේ. මත් පැන් ව්‍යාපාරයකිනුත් සල්ලි අරන්(video)

Published in පුවත්
Thursday, 15 January 2015 14:58

වර්තමානය වන විට විවිධ කඩාකප්පල්කාරී සංවිධාන එක්වී රට ඉදිරියට ගෙන යාමට ලබා දුන් ජනතා කැමැත්ත ආපස්සට හැරවීමට උත්සාහ දරන බව බොදුබල සේනා සංවිධානයේ කම්කරු අංශයේ නායකයා මෙන්ම සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංවිධානයේ සංවිධායක ලෙස කටයුතු කරන අසේල සම්පත් මහතා පවසයි.

එම ක්‍රියාවලියට විරුද්ධව බොදු බල සේනා සංවිධානයේ සැබෑ ස්වරූපය හෙළි කරන බව අද (15)පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු පැවසුවේය.

බොදු බල සේනා සංවිධානය විසින් ජනාධිපතිවරණය ආසන්නයේදී සුරේෂ් නම් හමුදා නිලධාරියා හරහා හින්දු සංගමයක් ආරම්භ කර ඔවුන් සමග මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා ඇත. ඊට අමතරව එයට යාපනයෙන් දෙමළ තරුණ පිරිසක්ද පැමිණි අතර ඔවුන් කෝටි ගණනක මූල්‍ය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.එම ඇස්තමේන්තුවට එකග වන්නේ නම් යාපනයේ ඡන්ද නවතා දෙන බවටද ඔවුන් පොරොන්දු වූ බව ඔහු මෙහිදී පැවසුවේය.

බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දන දෙනියේ නන්ද හිමියන් ගේ වාහනයටද ගෝඨාභය රාජපක්ෂ විසින් හමුදාසේවයේ නියුතු රියදුරෙකු ලබාදී ඇත.ඔහු මේ වන විට යළි හමුදා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කරයි. පෙරේදා දින ඔහු සමග දුරකථනයෙන් කළ කතාවේ හඩ පට පවා තමා සතුවන බව අසේල සම්පත් මහතා පවසයි.

මෙයට අමතරව ජනාධිපතිවරණය ආසන්නයේදී රන්දෙනිගල අරක්කු සමාගමේ අධිපති පවා බොදු බල සේනා සංවිධානයට ලක්ෂ 40 ක් ලබාදුන් බවත් ඔහු පැවසුවේය. (මීට පෙර අවස්ථාවන ගනනාවකදී ද මෙම අරක්කු වෙළෙන්දා එම සංවිධානයේ නායකයන්ට මුදල් ලබා දීමටද කටයුතු කර තිබිණු බව වාර්තා විය.)

මෙහිදී ඔහු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ පැවසුවේ මෙම හෙළිදරව් කිරීම් මීට පෙර සිදු කිරීමට නොහැකිවූයේ තමා දෙදරු පියෙක් නිසා බවයි. බොදු බල සේනා සංවිධානයට ආරක්ෂක අංශ සමග ගනුදෙනු බොහෝමයක් පැවති බවත් ඒවා පිටතින් පෙනෙන තරම් සුළු පටු ඒවා නොවන බවත් ඔහු පැවසුවේය. එත්සත් ජනතා බොදුජන පක්ෂය ලෙස රුවන් තිලක පේදුරු මහතාව අපි ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස නම් කිරීමට යෝජනා කරනු ලැබුවා. නමුත් නන්ද හාමුදුරුවන් විසින් බැසිල් රාජපක්ෂට ඔහුව මුණගස්වා බැසිල් රාජපක්ෂ ලවා ඔහුට ලක්ෂ 20 ක අල්ලසක් ලබාදී ඔහුව ජනාධිපතිවරණයෙන් ඉවත් කරවනු ලැබුවා යනුවෙන් ඔහු පැවසුවේය.

මේ පිළිබද රුවන් තිලක සමග දුරකථනයෙන් කළ සාකච්ඡාවල හඩ පට පවා තමන් සතු බවත් මේ පිළිබද හෙට දිනයේ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට යාමට තමා සූදානම් බවත් ඔහු පවසයි.

බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂට සහාය පළ කරන බවට ඥානසාර හිමියන් කළ ප්‍රකාශ කළේ මෙවන් පසුබිමකය.මෙයින් අනතුරුව කොරියාවේ සිටින ජනාවගෙන් බොදු බල සේනා සංවිධානයට ලැබුණු ආධාර පවා අහිමිවී ගිය බවත් එම ජනතාව සමාජ වෙබ් අඩවි හරහා සිය විරෝධය ප්‍රකාශ කරන්නට විය.

දින කිහිපයකින් බොදු බල සේනා සංවිධානයේ කිරුළපන මූලස්ථානයට පරිගණක 50 ක් සහ වාහන කිහිපයක් රාජපක්ෂලාගෙන් මැතිවරණ කටයුතු කරගෙන යාම සදහා තෑගි ලෙස ලැබුණි.


මේ සිදු වන්නේ රාජපක්ෂලාට කඩේ යාමක් බව පැහැදිලිවූ නිසා අපි බොදු බල සේනා සංවිධානයෙන් එළියට බැස්සා යනුවෙන් අසේල සම්පත් මහතා පැවසුවේය

DNP 8893

මාධ්‍ය සාකච්ඡාවෙන් කොටසක්

 

Last modified on Thursday, 15 January 2015 15:19

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us