රගර් ක්‍රීඩකයා මරා දැමු බවට යෝෂිතට යසාරාගෙන් චෝදනා ?

Published in පුවත්
Thursday, 15 January 2015 19:43

තමා සමග පෙම් සබඳතාවයක් තිබූ අවදියේ හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ, තමාගේ සමීපතම මිතුරෙකු වූ මුස්ලිම් ජාතික රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මීට වසර 5 කට පමන ඉහතදී එනම් 2009 වසරේදී කොළඹ 05, පාක් පාරේදී, මරා දැමූ බවට යසාරා අබේනායක චෝදනා කර සිටී.

මෙම මොහොමඩ් වසීම් තාජුඩීන් එවක Havelock sprots club රග්බි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා රග්බි පිලේ උපනායකයා වූයේද මොහුයි.

ඉක්මන් කේනිති කාරයෙකු වන යෝෂිත රාජපක්ෂ, තමා සහ මෙම රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් අතර අනියම් සබඳතාවයක් ඇතැයි සැක සිතා මෙම ඝාතනය සඳහා පෙළඹුනු බව යසාරා අබේනායක මෙනවිය චෝදනා කරන්නීය. තාජුඩීන් හා යෝෂිත අතර සිදුවූ බහින් බස් වීමකදී තමාගේ ඇගේ ඇති උපන් ලපයක් පිළිබඳව සඳහන් කලැයි යෝෂිත තාජුඩීන් කෙරෙහි විශාල වෛරයකින් සිට ඇත.

2009 වසරේ එක්තරා දිනක අලුයම් කාලයේ සිදුවූ මෙම ඝාතනය සඳහා යෝෂිත රාජපක්ෂ ඔහුට හිතවත් නාවික හමුදා නිලධාරීන් සහ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවළුන් යොදා ගත් බව පවසන යසාරා මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර මෝටර් රථය තුල තිබියදීම ගිනි තබා තිබේ. පසුව වසීම් තාජුඩීන්ට අයිති මුදල් පසුම්බිය පාක් පාරේ වෙනත් ස්ථානයක තිබී පොලීසිය විසින් සොයා ගන්නා ලදී. ඉන් තහවුරු වූයේ තාජුඩීන්ව එම ස්ථානයේ ඝාතනය කොට මෝටර් රථය තුලට දමා ගිනි තැබූ බවයි.

ඝාතනයෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මෙම පරීක්ෂණය යට ගසා ඇත්තේ කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාර්ගයෙනි. ඝාතනය සිදුවීමත් සමග යෝෂිතගේ ඇණවුම පරිදි එහි ගොස් ඇති අනුර සේනානායක කිරුළපන පොලීසියේ රථවාහන අංශය විසින් තබා තිබූ විමර්ශන සටහන් තම භාරයට ගෙන විනාශ කර දැමූ බව යසාරා අබේනායක සඳහන් කර සිටී.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින යසාරා අබේනායක මෙනවිය සඳහන් කර සිටින්නේ තමාට යෝෂිත සමග තිබූ පෙම් සබඳතාවය අවසන් කිරීමට මෙම ඝාතනය මූළික වූ බවයි. තමා සහ තම පවුලේ උදවිය පෙම් සබඳතාවය අවසන් වීමෙන් අනතුරුව රාජපක්ෂ පවුලේ බලපෑම මත ඕස්ට්‍රේලියාවට එවනු ලැබුවේ මෙම මිනී මැරුම සහ යෝෂිතගේ හොර ගනුදෙනු හෙලිවීම වැලැක්වීමට බව යසාරා පවසන්නීය.

මේ වන විට යෝෂිත රාජපක්ෂ ලොහාන් රත්වත්තේගේ දියණියක සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වන්නේ ඇය හා විවාහ වී උඩරට රදල පවුලකට නෑකම් කියමින් ශ්‍රී දළදා මාලිගාවේ බස්නායක නිලමේ තනතුරට පත්වීමේ අදහසින් බව යසාරා අබේනායක මෙනවිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නීය.

පසුගිය රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකා විදේශ සේවයට සිදුකර ඇති පත්වීම් අවලංගු කර සියලුම අය ශ්‍රී ලංකාවට කැඳවන පසුබිමක් තුල තමාට හා තම පවුලේ උදවියට ශ්‍රී ලංකාවට යලි පැමිණීමට සිදුවුවහොත් තමාගේ ජීවිතය විශාල අනතුරකට පත්වන බව යසාරා අබේනායක අවසාන වශයෙන් සඳහන් කර සිටී.


උපුටා ගැනිම - lankanewsweb

 

කෙසේ නමුත් මම සිදුවීම සම්බන්ධයෙන් යසාරා අබේනායක මෙනවිය අද වෙනත් මාධ්‍ය ආයතනයකට පවසා ඇත්තේ තමන් මෙම පුද්ගලයා ගැන නොදන්න බවත් තාජුඩීන් නැමැති අය සමඟ  කිසිම ගනුදෙනුවක් නොතිබුණු බවත් පවසා ඇත.

එමෙන්ම මේ නිසා ඇගේ කීර්ති නාමය කෙලෙසී ඇති බවත් ඇය පවසයි.

Last modified on Thursday, 15 January 2015 20:45

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us