යුධ හමුදාපති හා ඉහළ නිලධාරීන් ‍රැසකට චෝදනා පිට චෝදනා Featured

Published in පුවත්
Tuesday, 20 January 2015 11:58

යුධ හමුදා විනයට පටහැනි ලෙස යුධ හමුදාව තුල දේශපාලනය කිරීම සම්බන්ධයෙන් වත්මන් යුධ හමුදා පති ලුතිනන් ජනරාල් දයා රත්නායක හා ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිඥ කණ්ඩායමක් සූදානම් වෙමින් සිටී.

මේවන විට ඊට අදාල චෝදනා 15 ඔවුන් විසින් ගොනු කර තිබේ. මෙහිදී මෙම හමුදා නිලධාරීන් විසින් හිටපු ජනාධිපතිවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරවීම සඳහා හමුදා සෙබළුන් හා නිලධාරීන් පෙළබවීම, මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගතහොත් සිදු විය හැකි අයහපත් , අවාසීදායක ,ආදී හැඟීම් යනුවෙන් වැරදි හැඳීම් වක්‍ර ආකාරයෙන් එම සෙබළුන් හා නිලධාරීන් තුල ඇතිවන ආකාරයේ මනෝ විද්‍යාත්මක ක්‍රියාවලියක් සිදු කිරීම යනාදිය පදනම් කරගෙන මෙම චෝදනා පත්‍රය සකස් කර තිබේ.

ඒ අනුව මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහට එරෙහිව සමස්ථ යුධ හමුදාවේම අණ දෙන නිලධාරීන් හමුදා මුලස්ථානයට කැඳවා රාජපක්ෂවරුන්ගේ සේවය ඇගැයීමක් සිදුකර සංග්‍රහ කිරීමත් රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහණය සඳහා ක්‍රියා කළයුතු බවට පැවැසීම,

නව වසරේ සුභ පැතුම් ලෙස යුධ හමුදාපතිවරයා නිකුත් කළ පි‍ටු 5කින් යුතු දීර්ග ලේඛනය ජනාධිපතිවරණය ඉලක්ක කර නිකුත් කිරීම,

මූල්‍ය කලමනාකරණ ශාඛාවේ අධ්‍යක්ෂ ජනරාල් මෙජර් ජෙනරාල් ආර් වී උඩවත්ත ( ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව බොරු සාක්ෂි දුන් අයෙකි) හා ජනමාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලයේ බ්‍රිගෙඩියර් කේ. ජේ. ජයවීර විසින් රජයේ අයවැය යෝජනා ඇතුලත් පත්‍රිකාවක ජනාධිපතිවරණය වෙනුවෙන් මුද්‍රණය කර බෙදා හැරීම,

විදෙශ ගත සේවාවන් හී සිටි මේජර් ජනරාල් සුමිත් මානවඩුව ( සිනමන් ග්‍රැන්ඩ් හොටලය වැටලීම හා සරත් ෆොන්සේකා මහතාව අත අඩංගුවට ගැනීම සිදු කළේ මොහු විසින්) මේජර් ජනරාල් ජගත් විජේසිරි, මේජර් ජනරාල් කමල් ගුණරත්න , මේජර් ජනරල් ශවේන්ද්‍ර සිල්වා, මෙරටට ගෙන්වා ගෝථාබය රාජපක්ෂ හා ජෙනරාල් සොයිසා යටතේ රහසිගත එකකයක් ආරම්බ කර යම් කුමන්ත්‍රන කාරී ක්‍රියාවකට සැලසුම් කිරීම,

උඩුවේ ධම්මාලොක හිමි යෝදවාගෙන හමුදාව තුල දේශපාලන ධර්ම දේශනා පැවැත්වීම, මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ තැපැල් ඡන්දයට බලපෑම් කිරීම,

මේජර් ජනරාල් මනෝ පෙරේරා විසින් බදුල්ලෙ නාය යාම සම්බන්ධයෙන් ආපදා සහන සලසමින් තවත් සහන ලැබීමටනම් රාජපක්ෂවරුන්ව ජයග්‍රහනය කල යුතු බව එන ජනතාවට පැවැසීම,

මෙලෙසම ගංවතුර සහන සැලසීමෙහි යෙදෙමින් මේජර් ජනරාල් ලාල් පෙරේරා, ද ජනතාව පොළබවා තිබේ,

එමෙන්ම යාපනයේ හිටපු ආඥාතිවරුයාව එම සේවා කාලය ඉක්මවීමට පෙර ඉන් ඉවත් කර විදේශ ගතව සිටි මේජර් ජනරාල් ජගත් අල්විස් ( සුදුවෑන් කල්ලියේ ප්‍රධානියා) ව උතුරු පළාත් අඥාදායකයා ලෙස පත් කර ජනාධිපතිවරන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම,

රණ විරු පවුල් වලට හදීසියේ වියළි ආහාර බෙදා හැරීම, ඡන්දය දින උදේ හමුදා පතිවරයා අරක්ෂක සේනා ආඥාපතිවරුන්ට දුරකතන්යෙන් අමතා රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහනය වෙනුවෙන් කැප වියයුතු බව පැවැසීම,


මේජර් ජනරාල මහින්ද හතුරුසිංහ විසින් හමුදාවේ සියලු සාමාජිකයන් වෙත ජනාධිපතිවරන ප්‍රචාරක පත්‍රිකාවක් බෙදා හැහීම,

යුධ හමුදාවේ සාමාජික නිතිඥවරුන් ශ්‍රී ලංකා නිද්හස් පක්ෂ නීතිඥ සංගමයේ සාමාජිකයන් කිරීම ට බ්‍රිගෙඩියර් රංජිත් රාජපතිරන (ෆොන්සේකා මහතාට එරෙහිව බොරු සාක්ෂි ගොතා නඩු දැමීම සිදු කළ අයෙකි) විසින් කටයුතු කිරීම,

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරන ප්‍රචාරක ‍රැළි සඳහා භාන්ඩ හා සෙවා සැපයීම හා හමුදා සෙබළුන් සිවිල් ඇඳුම් අන්දවා එම ‍රැළි වලට සහභාගී කරවීම ,යනාදිය මෙම චෝදනා පත්‍රයේ සඳහන් වේ.

mahinda-with-army

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us