ඉතුරු උනේ 'කටවුට් මහින්ද' විතරයි. ඒ දේශපාලනය දැන් අවසන්.

Published in පුවත්
Sunday, 25 January 2015 17:37

“අපි හිතුවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා. අපේ ජනාධිපතිවරයාත්, මමත් නියෝග ලබාදුන්නා අපේ කටවුට්, පෝස්ටර් ගලවන්න කියලා. දැන් එතුමගේ මූණවත්, මගේ මූණවත් දකින්න නෑ. දකින්න තියෙන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයගේ මූණවිතරයි. ඒක ගලවන්න කියලා අපි කිවුවෙ නැහැ. ඒක තියෙනවා නම් වඩා හොඳයි හැමෝටම බලන්න.

මොකද අපි යන්නේ අලුත් දේශපාලන සංස්කෘතියකට. අපි එතනට යනකොට මේක ජනතාවගේ ජයග්‍රහණයක්. අපි ජනතාවට සේවය කරන්නෙ කියලා මතක තියාගන්න ඕන. ඒ සේවය මුළු ලංකාවටම ගෙනියන්න ඕන.ශ්‍රී ලංකික තරුණ, තරුණියන්ට අනාගතයක් තියෙන්න ඕන..." යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

අගමැතිවරයා මේ බව පැවසුවේ මාතර, දෙණියාය නායමුල්ල ප්‍රදේශයේ වැඩසටහන් සඳහා ඊයේ හා පෙරේදා එක්වෙමින් බව මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

"අපි දැන් ඊළඟ ජන්දයට සූදානම් වෙන්න ඕන, ජූලි මාසයේ ඒ පිම්ම පනින්න ඕන, ඒ ඡන්දයේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගන්න තීන්දුව එක්සත් ජාතික පක්ෂයට අසාධාරණයක් කරන්නෙ නෑ කියලා මට කිවුවා... අපටත් ඕන වෙලයි තිබුණෙ එතුමා නිදහස් පක්ෂයේ සභාපති කරන්න. දැනට චන්ද්‍රිකා මැතිනියත්, මහින්ද මහත්තයත් ඒ පක්ෂය තුළ ඉන්නවා. මේ දෙන්න එකතු වෙලා කතා කරනවද කියලයි ලොකුම ප්‍රශ්නය"

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us