සිවිල් ආරක්ෂකයින්ටත් යහපාලනයක් ඕනේ. දැන් එතැන ගණිකා මඩමක්

Published in පුවත්
Monday, 26 January 2015 21:41

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය රාජපක්ෂ පාලනය යටතේ ඉතා දූෂිත දෙපාර්තමේන්තුවක් බවට පත්වූ බවත් එයට නිසි පාලකයකු පත්කර රටට වැඩදායි ආයතනයක් බවට පත් කිරීමට මෛත්‍රීපාලනයෙන් අපෙක්ෂා කරන බව සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් ලංකා ඩේලි වෙත පැවැසීය.

විශේෂයෙන්ම මෙහි පලමු අධ්‍යක්ෂ ජනරාල් වරයා වූ අද්මිරාල් සරත් වීරසේකර මහතාගෙන් පසුව එම තනතුරට පත්වූ රියර් අද්මිරාල් ආනන්ද පීරිස් යටතේ මෙම බලකාය මුළුමනින්ම රාජපක්ෂලාගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යෙදවූ බවත් එම ඉහළ නිළධාරීන්ට හිතේ හැටියට දූෂණ වංචාවන් සිදුකර පොහොසත් වන්නටත් ඔවුන්ගේ ලිංගික වුවමනාවන් හා සුඛෝපභෝගී ජීවිත නඩත්තු කිරීමටත් යොදා ගැනුණු බවත් එම සෙබළු පෙන්වා දෙයි.

ආණ්ඩු පෙරළියෙන් පසුව දූෂිත අධ්‍යක්ෂ ජනරාල්වරයා එම තනතුරෙන් නික්ම ගියද ඔහු යටතේ වැඩ කළ තවත් අන්ත දූෂිත නිළධාරීන් කිහිප දෙනෙකුම තවදුරටත් මෙම දෙපාර්තමේන්තුව තුල සුපුරුදු ලෙස ක්‍රියා කරමින් සිටින බව පැවසේ.

හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ ලේකම්වරයකු ලෙස කටයුතු කළ මේජර්වරයකු මෙම බලකායේ සේවය කරන කිසිදු තරුණ සෙබලියකට නිදහසේ ‍රැකියාව කරගෙන යාමට ඉඩ නොදී ලිංගික බලහත්කාරකමේ යේදී තිබේ. ඔහු අලුතෙන් සේවයට බැ‍ඳෙන තරුණියන්ට පවසන්නෑද මෙහි සිටින සියලුම ගැහැනු තමන් හා නිදිවැදි බවත් තමුන්ට ‍රැකියාව අවශය නම් තමුන්හා නිදිවැදිය යුතු බවත්ය. ඊට එරෙහිවූ තරුණියන්ට බලහත්කාරකම්ද මොහු විසින් සිදු කර ඇත.

එමෙන්ම මෙහි සංස්කෘතික අංශය භාරව ක්‍රියා කරන මේජර් වරයාද අන්ත දූෂිතයෙක් වන අතර ඔහු මුදල් වංචා රැසක් සිදු කළ අයෙකි. පැළුනු බෙර පළුවක් අලුතෙන් දැම්මත් ලක්ෂ ගනනිත් හොර බිල දමා මුදල් වංචා සිදු කර ඇත. කලක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සංගීත කණ්ඩායම බාරව සේවයේ යෙදී සිටියදී මුදල් වංචා නිසා මොහුව ඉන් ඉවත් කර තිබේ. පසුව සිවිල් ආරක්ෂක සේවයට සම්බන්ධ වූවෙකි. එමෙන්ම මෙලෙස ප්‍රසිද්ද වංචාකරුවකු වීම නිසා මොහුගේ ගුවන් බලපත්‍රයද අසාදු ලේඛන ගත කර ඇත.

මෙම නිළධාරීන් දෙදෙනා විසින් සිදු කළ වංචා දූෂණ වලට අදාල ලියකියවිලි ‍රැසක් සාක්ෂි වශයෙන් ඇති අතර ලිංගික බලහත්කාරකම් කිරීම සම්බන්ධයෙන් හඬ පට හා වීඩියෝ පට ‍රැසක් ද මෙම සෙබළුන් විසින් අප වෙත ඉදිරිපත් කරන ලදී.

කෙසේ නමුත් මෙම දූෂිතයන් විසින් මෙම දෙපාර්තමේන්තුව තුල අවංකව ක්‍රියා කළ අනෙක් නිළධාරීන්ටද නිසි ලෙස කටයුතු කිරීමට ඇති ඉඩ කඩද අහුරා දමාතිබුණේ රාජපක්ෂලාගේ දේශපාලන බලය පෙන්වීමෙනි.

දෙපාර්තමේන්තුව තුල අවංකව වැඩ කළ නිළධාරියකු ලෙස ප්‍රසිද්ධ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ මේජර් ජනරාල් මොහාන් සුමනසේන මහතා එලෙස කැපිලි කෙටිලිවලට හසුවූ නිළධාරියකු බව එම සෙබළුන් පෙන්වා දෙයි.

එමෙන්ම සංස්කෘතික අංශයේ කටයුතු කළ අවංක නිලධාරියකු වූ කපිල කොලඹගේව ඉවත් කර නාවික හමුදාවේ සෙබලියන්ගේ නිරුවත් දර්ශන පටිගත කර විකිණීමේ ජාවාරමක යෙදී හසුව ‍රැකියාවෙන් ඉවත් කරන ලද කොඩප්පෙරුම නැමැති දූෂිත නිළධරණියට එම තනතුර ලබා දීම තවත් උදාහරණයකි.


එමෙන්ම සෙබළුන්ගේ කෑම පතෙන් පමණක් නොව මළපහ ටැංකි අස්කිරීමෙන් පවා ගසා කන තවත් නිළධාරීන් කිහිප දෙනෙකු මෙහි සිටිති.එම දෙපාර්ත මෙන්තුවේ ප්‍රාධාන කාර්යාලයද අද බේබද්දන්ගේ සල්ලාලයන්ගේ පාතාල ගුබ්බෑයමක් බව පත්ව ඇත. එහි එක් පසක මත්පැන් බීම වෙනුවෙන් හා අඟන ‍රැඟුම් වෙනුවෙන් වෙන් වූ ශාලාවක් මෑතකදී සකස් කොට ඇත. මෙහි පැවැත්වෙන මත් සාද වෙනුවෙන් නළඟන් ලෙස කටයුතු කිරීමටද සිදුව ඇත්තේ සිවිල් ආරක්ෂක බලකායේ රූමත් සෙබලියන්ටමය.


සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වත්මන් තත්වය එසේය. රාජපක්ෂලාගේ නරුම කාලකණ්නි පාලන ක්‍රමවේදයට අනුව ඒ සැකසී තිබේ. ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදා පතිව සිටි යුගයේදී මෙවැනි තත්වයක් තබා එවැන්නක් සිහිනෙකුදු හිතන්නට කිසිවකුට ඉඩක් නොතිබුණු බවත් මෙම සෙබළුන් අප හා පැවසීය. ඔවුන් අවසන් වශයෙන් ඉල්ලා සිටින්නේ පසුගිය කාලයේ මෙරට වූ සංවර්‍ධන කටයුතුවලදී වැඩිම ශ්‍රම දායකත්වයක් සැපයූ සිවිල් ආරක්ෂක බලකායට, හමුදාවක පැවැතිය යුතු විනය යලි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us