ක්‍රීඩා සංගම්වලට ඉස්‌සර කෙළි දැන් කරන්න බෑ - නවීන්

Published in පුවත්
Tuesday, 27 January 2015 08:14

ඊයේ (26 වැනිදා) දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ නිලවරණය අත්හිටුවන මෙන් ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් දැනුම් දීම මත එය නොපැවැත්වීමට බැඩ්මින්ටන් සම්මේලනය තීරණය කර තිබේ. 

 
මේ අතර අදාළ නිළවරණය අත්හිටුවීම සඳහා තමන්ට ලැබුණේ වාචික නියෝගයක්‌ බවත්, එසේ නියෝග කිරීමට ක්‍රීඩා ඇමතිවරයා තීරණය කළේ කුමන හේතුවත් මතදැයි තමන් නොදන්නා බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපති සුරාඡ් දන්දෙනිය මහතා  කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් පවසා සිටියේය.
 
'අපි දන්නේ නැහැ ඇයි ක්‍රීඩා අමාත්‍යවරයා එවැනි තීරණයක්‌ ගත්තේ කියලා. නිලවරණය නීති විරෝධී කියලා ලි තව පැමිණිල්ලක්‌ කරපු කෙනෙක්‌ හෝ සංගමයක්‌ තිබෙනවාද, එහෙම නැතිනම් මේ සඳහා හේතුව කුමක්‌ද කියන එක තමයි මටත් තිබෙන ප්‍රශ්නය. ඒ කොහොම වුණත් ඇමතිතුමාට ගරු කරලා අපි නිලවරණය කල්දමන්න තීරණය කළා' යැයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ වත්මන් සභාපති සහ නියමිත නිලවරණයේ සභාපති අපේක්‍ෂක දන්දෙනිය මහතා ප්‍රකාශ කරන ලදී.
 
අදාළ නිලවරණය අත්හිටුවීමට හේතුව කුමක්‌දැයි  ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගෙන් කරන ලද විමසීමේදී, නිසි ක්‍රියා පටිපාටිය සපිරීමකින් තොරව නිලවරණ සඳහා ඉල්ලා සිටීමේදී එයට අනුමැතිය දීමේ හැකියාවක්‌ තමාට නැතැයි පවසා සිටියේය.
 
'මේ අය නිලවරණය තබන්න මගෙන් අනුමැතිය ඉල්ලා සිටියේ දුරකථන ඇමතුමකින්. තම තමන්ගේ හිතවත්කම් මත එහෙම දුරකථන ඇමතුමකින් අනුමැතිය ඉල්ලපු සහ ඒවාට අනුමැතිය ලබාදීපු කාලේ දැන් ඉවරයි. 
 
මම ඒ අයට කීවේ නිලවරණයට මගේ අනුමැතිය අවශ්‍ය නම් එය නිසි පිළිවෙලට කරන්න කියලයි. ඒ පිළිවෙලට ආවොත් මම අනුමැතිය දෙන්න ලැහැස්‌තියි. මම ඒ අයගෙන් අවශ්‍ය ලිපිගොනු වගයක්‌ ඉල්ලා තියෙනවා. ඒවා ලබාදීලා නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කළොත් මගේ අනුමැතිය ලැබේවී' යැයි නවීන් දිසානායක මහතා අදාළ නියෝගයට කරුණු පැහැදිලි කරමින් අවධාරණය කර සිටියේය. 
 
මේ අතර බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා පැවැති ව්‍යවස්‌ථාව අත්තනෝමතික ලෙස වෙනස්‌ කරමින් මීළඟ නිලවරණය සඳහා ඉදිරිපත්වීමට තිබූ බාධා ඉවත්කරගැනීමේ උත්සහයක යෙදෙන බවට ක්‍ෂේත්‍රයෙන් චෝදනාවක්‌ එල්ලවෙමින් පවතී. ඉකුත්දා සිය ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය කටයුතු කළ අතර ජාතික සංගමයක ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමේදී ඒ ආකාරයට ක්‍රියා කළ හැකිද යන ගැටලුව මේ වන විට උද්ගතවී තිබේ.
 
'නෑ කිසිම ගැටලුවක්‌ නැහැ. මේක ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතියට යවලා එහි අනුමැතිය ලබාගෙන කරපු සංශෝධනයක්‌. අනික මේක මගේ තනි උවමනාවට කරපු දෙයක්‌ නෙමෙයි. විධායක කමිටුවේ සියලුදෙනාගේ එකඟත්වයෙන් කරපු දෙයක්‌. ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ ඉල්ලීමක්‌ මත කරපු දෙයක්‌. මෙය නිත්‍යානුකූල ව්‍යවස්‌ථාවක්‌. 
 
අද වෙන විට ජාත්‍යන්තර ඔලිම්පික්‌ සම්මේලනය කියන්නේ රාජ්‍ය අංශයේ බලපෑම් අවම වන විදිහට සංගම්වල ව්‍යවස්‌ථා සකස්‌ විය යුතුයි කියලා. ජාත්‍යන්තර ඔලිම්පික්‌ සංගමයෙන්, ඒ ගැන අපව දැනුවත් කරන්න කියලා බැඩ්මින්ටන් ජාත්‍යන්තර විධායකයට උපදෙස්‌ දී තිබෙනවා. ඒ අනුව මෙයට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය අවශ්‍යයි කියන එක ගැටලුවක්‌ ' යැයි ඒ සම්බන්ධයෙන්  කරන ලද විමසුමේදී සුරාඡ් දන්දෙනිය මහතා පැවසුවේය.
 
එහෙත් ජාතික සංගමයක්‌ පනතක්‌ බිහිවීමේදී හෝ එය සංශෝධනය වීමේදී ජාතික ක්‍රීඩා පනත සමග නොගැටෙන ලෙසින් පවතීද, එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලතල ඉක්‌මවා යන්නක්‌ද, ක්‍රීඩාවේ පරිපාලන රිද්මයට හානියක්‌ වේද යන්න පිළිබඳ ක්‍රීඩා අමාත්‍යංශය හරහා අධීක්‍ෂණය වීමේ ක්‍රමවේදයක්‌ පවතී.
 
divaina

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us