දැන්වත් දැදුරු ඔය වනසන බැසිල්ගේ ජිෆී ගැන තීරණයක් ගන්නවාද?

Published in පුවත්
Wednesday, 28 January 2015 11:28

පොල්ලෙලි කොහු ආශ්‍රිත ව්‍යාපාරික කර්මාන්ත්‍යායතනයක් වන ජිෆී ප්‍රඩක්ට් ආයතනය විසින් කොබෙයිගනේ,නිකවැරටිය,  දැදුරු ඔය ආශ්‍රිතව පවත්වාගෙන යන කාර්මාන්ත ශාලාව හේතුවෙන් එම ප්‍රදෙශයේ දැඩි පාරිසර හානියක් සිදුව තිබෙන බව දිගින් දිගටම හෙලිදරව් කිරීම හා ඊට එරෙහිව උද්ඝෝෂණ සිදු කෙරුණද ඒ පැවැති රජයේ දේශපාලන සම්බන්ධතා මත පවත්වාගෙන ගියේය.

තතු දත් අය පවසන්නේ මෙම කර්මාන්ත ශාලාවේ හිමිකාරිත්වයක් හිටපු ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වූ බැසිල් රාජපක්ෂ මහතාටද ඇති බවය.

jiffy prodouct (pvt) Ltd නම් මෙම සමාගම නොර්වේ රාජ්‍යයට සම්බන්ධ බහුජාතික සමාගමේ රටවල් කිහිපයකම ක්‍රියාත්මක කර්මාන්තායතන ජාලයක ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආයතනය වේ.

මෙම ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා වන්නේ සන්දීප්ත ගම්ලත්ය ඔහු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතාගේ සොහොයුරාය. ඔහු බැසිල්ගේ ගජයෙක් බව ප්‍රසිද්ධ කරුණකි.

ඒ කෙසේ නමුත් මෙම කර්මාන්තායතනය සම්බන්ධයෙන් වන චෝදනා ගැන සොයා බැලිය යුතු ඊට අදාල වගකිව යුත්තන් සියල්ලම මේ සම්බන්ධයෙන් අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියකි. වයඹ පරිසර අධිකාරිය මෙන්ම වයඹ මහ ඇමැති දයසිරි ජයසේකර පවා මෙතැනදී සිටියේ කාර්මාන්ත හිමිකරුවන් ගේ පැත්ත ගනිමිනි.


කර්මාන්ත ආයතනයට එරෙහිව කටයුතු කළ ප්‍රදේශවාසීන්ට එම කර්මාන්ත ආයතයේ නිළධාරීන්ගෙන් මැර තර්ජනයන් පවා එල්ල වූ අතර මේ සම්බන්ධයෙන් කළ පොලිස් පැමිණිළිවලින් වැඩක් වූයේද නැත.

එමෙන්ම මේ පරික්ෂා කිරීමට ආ පොහොර මහලේකම් කාර්යාලයේ නිලධාරීන්ට බැසිල් රාජපක්ෂ විසින්ම තර්ජනය කර පන්නා ගෙන තිබුණේ යළි එම කර්මාන්ත ශාලාව පරික්ෂා කිරීමට නොපැමිණ යුතු බවට නියෝගයක්ද කරමිනි. බැසිල් රාජපක්ෂ මහතා දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ කොහුබත් සැපැයීම සම්බන්ධ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේද මෙම ආයතනයටය. සැබැවින්ම දිවි නැගුම මෙරට දේශීය ආර්ථිකය නංවන ව්‍යාපෘතියක් වූයේ නම් එම කොන්ත්‍රාතුව ලැබිය යුතුව තිබුනේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන දේශීය ව්‍යාපාරිකයන්ටය. එහෙත් ඒ කිසිවකුට ඒ අවස්ථාව ලැබුණේ නැත.

මෙම කර්මාන්ත ආයතනය විසින් කොහු පිරිසිදු කිරීමෙන් පසු එම අපජලය දැදුරු ඔයට මුදා හැරීම නිසා දැදුරු ඔය හා ඒ අවට ප්‍රදේශයන් හී භූගත ජලය අපවිත්‍ර වී තිබෙන බව ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී සනාත වී තිබේ. මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ගද ගැනුන නමුත් මේවන විටත් එම සමාගම එම අප ජලය පිරිසිදු කිරීමකින් තොරව යළිත් දැදුරු ඔයට හා අවට මහ මාර්ග දෙපසට( දුහුවිලි වලක්වන්නයි කියමින්) මුදා හරිමින් සිටින බව එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

දැනට වසර 4ක් පුරා සිදුවෙමින් පවතින මේ කටයුත්ත නිසා මේවන විට කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශයේ ජනතාව විවිධ රෝගාබාධ වලට ගොදුරුව සිටී. නිල් දරු උපත්, අංගවිකල දරු උපත් මෙන්ම සත්ත්ව උපත්ද වාර්තා වී ඇත. එමෙන්ම සමේ රෝග ඉතා බහුල ලෙස ව්‍යාප්තව ඇත. වගාවන් විනාශ වී තිබේ.

 

jiffy-2jiffy-3jiffy-4jiffy-5jiffy-6jiffy-7jiffy-8

 doc1 001doc2 001doc3 001doc4 001doc5 001doc6 001doc7 001doc8 001

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us