මහින්ද, සිගරට් කොම්පැනිකාරයාගේ පැත්ත ගත්ත හැටි රාජිත කියයි

Published in පුවත්
Friday, 30 January 2015 09:52

සිගරට් පැකට්වල සියයට අසූවක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට එවකට සෞඛ්‍ය ඇමැති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225දෙනාම අත් ඔසවා අනුමත කිරීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය ඇමැතිවරයාට දුරකථනයෙන් කතා කර බැණවැදී ඒ ගැන තමා උසාවියේදී බලා ගන්නම් යැයි ප්‍රකාශ කර තිබූ බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අවසානයේ මේ සිද්ධිය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු පාර්ලිමේන්තුව යෝජනා කළ සියයට අසූව සියයට හැට දක්වා අඩු වූ බවත් ඇමැතිවරයා පවසයි.

සිගරට් පැකට්වල සියයට අසූවක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කළහොත් මෙරටට එකම සුද්දකුවත් නොපැමිණෙනු ඇති බවත්, එය සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපානු ඇති බවත් හිටපු ජනාධිපතිවරයා හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට පවසා තිබූ බවත් ඇමැතිවරයා පවසයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී ය.

එදා සෞඛ්‍ය ඇමැතිවරයාගේ යෝජනාව නිෂේධ කිරීමේ බලය අධිකරණයට පැවති නිසා එම යෝජනාව පාර්ලිමේන්තුව මඟින් ක්‍රියාත්මක කරවීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කරයි. මේ අනුව දුම්කොළ නිෂ්පාදන ඇතුළත් ඇසුරුම්වල ඒවා භාවිතා කිරීම හේතුවෙන් ඇති විය හැකි සෞඛ්‍යමය අවදානම පිළිබඳ අවවාදාත්මක තොරතුරු ඇතුළත් කිරීමටත්, එකී ඇසුරුම්වල මතුපිට සියයට 80ක ප්‍රමාණයක එවැනි අවවාද ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීමටත් හැකිවන පරිදි දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතේ 34 වැනි වගන්තිය සංශෝධනය කිරීම සඳහා තමන් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත ජාතියේ හිතසුව පිණිස හදිසි පනතක් ලෙස සලකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 122 වැනි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව ද හෙතෙම පැවසීය.

ඉහත කී සංශෝධනයට අතිරේකව මෙම පනත අනුව පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමට රූපමය අවවාද මඟින් කටයුතු නොකරන අවස්ථා සඳහා මුල් පනතේ පනවා තිබූ රුපියල් 2000ක දඩය සහ එක් අවුරුදු සිර දඬුවම රුපියල් 50,000ක දඩයක් සහ එක් අවුරුදු සිර දඬුවමක් ලෙස සංශෝධනය කිරීමටත්, මේ සඳහා පිහිටුවා ඇති අධිකාරිය විසින් නිර්දේශ කරනු ලබන සෞඛ්‍ය අවවාද ඇතුළත් රූපමය අවවාද මාස හයකට වරක් වෙනස් කළ යුතු බවටත් විධිවිධාන සලසා තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ද, වැඩ බලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us