එළවළු හිඟයට බැසිල් බෙදපු පුස් බීජත් හේතුවක්

Published in පුවත්
Friday, 06 February 2015 08:26

පාරිභෝගික ජනතාවට දරාගැනීමට නොහැකි ලෙසට මිල ඉහළ යමින් පසුගිය සති කිහිපය තිස්සේ එළවළුවල හිඟයක් පැවැතියේ අයහපත් කාලගුණය නිසා පමණක් නොව "දිවිනැඟුම" ව්‍යාපෘතිය යටතේ බෙදාදුන් පුස් එළවළු බීජ නිසා බවත් පෙන්වා දුන් නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සංවිධාන ලේකම් එම්. ජෝර්ජ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ එවැනි හොර බීජ ගෙන්වීමට සම්බන්ධ නිලධාරීන් එයට වගකිව යුතු බවයි.

"දිවි නැඟුම" ව්‍යාපෘතිය ආරම්භයේදී ගෙවතු වගාව සඳහා මෙලෙස ලබාදුන් එළවළු බීජ සාර්ථකව පැළවී පල හට ගත් නිසා බොහෝ ගෘහණියන්ට එළවළු සපයා ගැනීම සඳහා කඩයට, වෙළෙඳපොළට යෑමට අවශ්‍ය නොවූ හෙයින් 2013 වසර පුරාවට එළවළු මිල පහත බැස තිබීම නිසා ඇතැම් එළවළු ගොවීහු එළවළු වගාව අතහැර වෙනත් විකල්ප භෝග සඳහාද නැඹුරු වී සිටියහ.


එහෙත් එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් පසුගිය වසර අග භාගයේ සිදුවූ දෑ ඒ මහතා මෙසේ විස්තර කළේය.

"ගිය කන්නයේ වගා කරන්න කියලා දිවි නැඟුමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගෘහණියන්ට බෙදලා දුන්නු බීජ සේරම පුස්. රාබු හිටවපුවාම අල නැතිව මල් පිපුණා. කැරට් ඇට පැළවුණේ නෑ. බණ්ඩක්කා, දඹල ඇට නුවරඑළියට හරියන්නේ නැතත් දීල තිබුණ ඒවා කොහේ පැළවුණාද කියන්න දන්නෙ නෑ. බෝංචි පැළවෙලා සති දෙකෙන් මැරිලා ගියා.

එක පැළයකින්වත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් එව්ව නෙවෙයි බෙදල දීල තියෙන්නේ. මිනිසුන්ව විහිළුවට අරන් කවුරුහරි කටයුතු කරලා තිබුණු හින්ද තමයි එහෙම තත්ත්වයකට මුළු රටටම මුහුණ දෙන්න වුණේ.


'නැත්තන් මොන තරම් වැහි, සුළං ආවත් අපේ ගෘහණියෝ තමන්ගේ ගෙවත්තේ තියෙන එළවළු පැළ ටික පරිස්සම් කරගත්තා. ඒත් දිවිනැඟුමෙන් බෙදල දුන්නු හොර පුස් බීජ හින්දයි අපේ පාරිභෝගික ජනතාවට මේ තරම් ඉහළ මිලක් දීලා එළවළු ග්‍රෑම් 100 - 200 ගෙවල්වලට අරන්යන්න සිද්ධ වුණේ. දීල තිබුණ බීජ පුස් නොවුණත් ඒ සේරම ඇට ටික රුපියල් පනහක් වටින්නෙ නෑ. ඒත් එක්ක දාලා තිබුණ ඇසුරුමට කොයි තරම් වියදම් කරලද. ඇතුළේ තිබුණු පත්‍රිකා 5ට කොයි තරම් මුදලක් යන්න ඇතිද. මේකෙන් තේරෙන්නේ හොරකමටත් වඩා ගොවි ජනතාව එහෙම නැතිනම් අපේ ගෘහණියන් ගැන තිබුණ අවතක්සේරුව.'
මින් ඉදිරියට එවැනි අදූරදර්ශී ක්‍රියාවන් නොකිරීමට වගකිවයුත්තන් කටයුතු කළහොත් පාරිභෝගිකයාත් ගොවියාත් දෙදෙනාටම එකසේ සාධාරණයක් ඉටුවන එළවළු වගාවක් කළහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

 

- mawbima

Last modified on Friday, 06 February 2015 08:34

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us