මෛත‍්‍රි ආණ්ඩුව ගෙන යන්නේත් රාජපක්ෂ පාලනයමයි-ශිෂ්‍ය මර්දනය තවදුරටත්

Published in පුවත්
Saturday, 07 February 2015 15:28

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් ශිෂ්‍ය මර්දනයට එරෙහිව හා තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් මීට වසරකට පෙර එනම් රාජපක්ෂ පාලන සමයේ කැළණිය විශ්වවිද්‍යාලයේ සිට පැවැත්වූ පා ගමනක් සම්බන්දයෙන් කට උත්තර දීම සඳහා මෛත‍්‍රී පාලන යටතේ අද දින(7) ශිෂ්‍ය නායකයින් පිරිසකට පොලිසියට පැමිණෙන ලෙස සිතාසි නිකුත් කර ඇත.

යුද්ධය ජයග‍්‍රහනය කිරීමත් සමග 2010 වසරේ නැවත වතාවක් බලයට පත් මහින්ද රාජපක්ෂ රජය අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමේදි ඇති ප‍්‍රබලම බාධකය ශිෂ්‍ය ව්‍යාපාරය බැවින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම ප‍්‍රථමයෙන් ආරම්භ කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පැවසුවේය.

රාජපක්ෂ පාලනය විසින් ගෙන ගිය ශිෂ්‍ය මර්දනයට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස දිඟින් දිගටම සටන් කරන ලදී. පසුගිය 2014 මාර්තු 19 වන දින ප‍්‍රධාන වශයෙන් ශිෂ්‍ය මර්දනය ඇතුළු ඉල්ලීම් ගනනාවක් මුල් කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිට පා ගමනක් ආරම්භ කල අතර එම පාගමනට අසලදී පොලිස් ප‍්‍රහාරයක් එල්ල විය. එම පා ගමන නවතන ලෙස අධිකරණ නියෝගයක්ද දී තිබුණි. මෙම පා ගමන පවත්වා වසරක කාලයක් ගත වීමට ආසන්නව තිබෙන අතර මේ වන විට එම පාගමනට අදාලව හිටපු ශිෂ්‍ය නායකයින් කිහිපදෙනෙකුට ‘නව ආණ්ඩුව යටතේ’ සිතාසි නිකුත් කර තිබේ.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජානක ප‍්‍රදීප් , ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සම්පත් වික‍්‍රමසිංහ හා කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරී අයි.එම්.එන්. එස්. කුමාර හා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියන් හට මේ වන විට මෙලෙස සිතාසි නිකුත් කර තිබේ.

අද දින(7) උදෑසන කිරිබත්ගොඩ පොලිසියට පැමිණ කට උත්තරයක් ලබා දෙන ලෙස එහි නියෝග කර ඇත. මෙම සිතාසි ඔවුන්ට අයත් පොලිස් කොට්ටාසයේ පොලිසිය විසින් නිවසට ගොස් බාර දී ඇත. පසු ගිය රාජපක්ෂ සමයේ ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස් වලට මෙලෙස පොලිස් නිලධාරින් යවා දෙමාපියන් බිය වැද්දීම, ඔහුන් පිලිබඳ අසත්‍ය තොරතුරු ගම් වාසින් අතර ප‍්‍රචාරය කරමින් සිදු කල ක‍්‍රියාවලියම යළි සිදු කර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සදහන් කරයි.

ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් විශ්වවිද්‍යාල ගැටළු විසදන ලෙසත් පවසමින් බලයට පැමිණි මෛත‍්‍රි ආණ්ඩුව මේ වන විට කරමින් සිටින්නේද රාජපක්ෂ පාලනය අධ්‍යාපනය සඳහා සිදුකල ක‍්‍රියාවලියම බවත් ශිෂ්‍ය මර්දනය පිළිබඳ, සිසු ඝාතන පිලිබඳව හෙලිදරව් කරනවා වෙනුවට රාජපක්ෂ පාලනය තුල අසාධාරණ ලෙස පන්ති තහනම් වූ, ශිෂ්‍ය භාවය අහෝසි වූ සිසුන්ට නොලැබුනු මහපොළ හා ශිෂ්‍යාධාර වාරික ලබා දී සාධාරණය ඉෂ්ඨ කිරීම වෙනුවට නැවතත් රාජපක්ෂ පාලනය සිදු කල පරිදිම මර්දනය ක‍්‍රියාතමක කරමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us