කාල්ටන් නිවසේ චීන හොර බඩු ! දුරකතන ටැප් කිරීමේ උපකරණත් ඒ අතර Featured

Published in පුවත්
Wednesday, 11 February 2015 09:33

දුරකත සංවාදවලට රහසිගතව සවන් දීමේ උපකරණ ඇතුළුව චීනයෙන් ආනයනය කරන ලද නවීනතම විදුලි සංදේශ උපකරණ ‍රැසක් පසු ගිය කාලයේදී හිටපු ජනාධිපතිවරයාගේ තංගල්ලෙ පිහිටි නිවසට ගෙන ගොස් තිබුණු බව ඔරුගොඩවත්තේ පිහිටි ශ්‍රීලංකා රේගුවේ නිශ්කාශන මධ්‍යස්ථාන නිළධාරීන් අනාවරණය කරති.

ඒ අනුව Huawei Technologies Lanka Co (pvt) Ltd නම් චීන සමාගම විසින් ආනයනය කරන ලද වීඩියෝ සම්මන්ත්‍රණ සඳහා වූ නවතම උපාංග කට්ටල අටක්, විශාල ප්‍රමාණයේ LCD දර්ශන පුළුල් තිර හතරක් , නවීන මාදිලියේ විදුලි සංදේශ උපකරණ කට්ටල අති විශාල ප්‍රමාණයක්, ඕනෑම දුරකතන පද්ධතියක් හරහා සිදුකරන දුරකතන සංවාද වලට රහසෙන් සවන්දිය හැකි උපකරණ පද්ධතියක්.. තංගල්ලේ කාල්ටන් නිවෙස වෙත ගෙන ගොස් ඇත.

මෙම භාණ්ඩ කිසිවකට ආනයන බදු කිසිවක් නොගෙවා නිශ්කාශනය කර ගෙනද ඇති අතර මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති කර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් හා ජනපති පුත් නාමල් රාජපක්ෂ සෘජුව මැදිහත්ව තිබේ.

එමෙන්ම මෙම භාණ්ඩවල ආනයන කරු (consigthnee) ලෙස මුලින් සඳහන් වූයේ ඉහත කී චීන සමාගම වුවත් පසුව ජූඩ් නම් වූ වාප්පු ලිපිකරුවකු විසින් නැව්ගත කිරීමේ ප්‍රකාශනය (Shiping Manifest) වෙනස් කර වෙනත් චීන පුද්ගල නමක් යොදා එවකට පැවැති Capital AEI නම් ආයතනය මඟින් මෙම භාණ්ඩ නිශ්කාශ්නය කරවා ගෙන තිබේ. ඒ තර මෙම භාණ්ඩ සඳහා ආනයනික බදු නොගෙවා අයතා ලෙස පිටමන් කිරීමට ගත් උත්සහයේදී රේගූ විශෙෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි. ඉන් පසුව ආරක්ෂක ලේකම්වරයා විසින් ලබා දුන් දුරකතන ඇමැතුමක් හේතුවෙන් ඒ අත් අඩංගුවෙන් මුදා හැරීමට එම නිළධාරීන්ට සිදු වී ඇත.

ජනාධිපතිකාර්යාලය මඟින් මෙම භාණ්ඩ ලබා ගැනීමෙන් පසුව ඊට අදාල ලිපි ලේඛන රැසක්ද ගිනි තබා විනාශ කිරීම ඔරුගොඩවත්ත රේගු නිශ්කාශ්න මධ්‍යස්ථානයේදීම සිදුව තිබේ. එහෙත් එම නිළධාරීන් පවසන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වේනම් ඒ සඳහා ලබා දීමට තරම් ලිඛිත සාක්ෂි ‍රැසක් තමන් සතුව තිබෙන බවය.


එමෙන්ම මෙම චීන සමාගම විසින් 2011 වසරේ නොවැම්බර් මාසයේදී කාලටන් නිවසේ හා මැදමුලන නිවසේ අලුත් වැඩියාව සඳහා වූ පිඟන් ගඩොල්, වායුසමීකරණ උපකරණ, ගෘහභාණ්ඩ ආදියද චීනයෙන් ආනයනය කර ඇත.

මෙම චීන ආයතනය මෙම සත්කාරයන් රාජපක්ෂ පවුල වෙනුවෙන් සිදුකරනු ලැබුවේ එම සමාගමට අයත් Hutchison දුරකතන සමාගම අති විශාල මුදලකට මොබිටෙල් ආයතනයට විකුණා දැමීමේ ගනු දෙනුව හේතුවෙනි. නමුත් මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂ ධුර හෙබවූ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වූ ශමීන්ද්‍ර රාජපක්ශ හා අනෝමා ලාෆීර් යන අය තර වූ කොමිස් බෙදා ගැනීමේ ආරවුලක් මත එම ගනුදෙනුවට බාධාවන් පැමිණුනි.

කෙසේ නමුත් මෙම චීන සමාගම හා තිබු සමිප සම්බන්ධතාවය නිසා එම සමාගම මඟින් නොවටිනා සන්නිවේදන උපකරන රැසක් ටෙලිකොම්,මොබිටෙල් ආයතනවලටත් මෙන්ම TRC අයතනයටත් ලබා ගෙන තිබේ. එමඟින් එම ආයතන ප්‍රධානින්ට විශාල වශයෙන් කොමිස් කුට්ටි ප්‍රදානයක්ද සිදුව ඇත.

එමෙන්ම මෙම චීන සමාගම2009 සිට 2012 දක්වා ඇතැම් බදු ගෙවීම් වලින් තොරව පවත්වාගෙන යාමට රාජපක්ෂවරු විසින් ඉඩ හසර ලබා දී තිබු අතර එමඟින් රටට අහිමි වූ බදු ප්‍රමාණය රුපියල් මිලියන 478 පමණ වන බව දැන ගැනීමට තිබේ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us