නවක වදය ඉවසිය නොහැකිව සබරගමු සරසවි සිසුවිය ගෙල වැලලා ගනී -අවසාන කටයුතුවලට සරසවි සිසුන් එපා

Published in පුවත්
Wednesday, 18 February 2015 08:22

නවක වදය ඉවසීමට නොහැකි බවට ලිපියක් ලියාසබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයේ සිසුවියක් සිය නිවසේ වහලයේ බාල්කයේ ගෙල වැලලාගෙන මිය ගොස් අැත.මියගොස් ඇත්තේ කොට්ටාව මාබුල්ගොඩ අංක 114/2 නිවසේ පදිංචිව සිටි සායක්කාර හේවගේ අමාලි චතුරිකා (24) සිසුවියයි. තමන්ගේ අවසාන කටයුතුවලට ද කිසිදු සරසවි සිසු සිසුවියකට සහභාගි නොවන ලෙස සඳහන් කරමින් ලිපියක් ලියා අැත.

අැය කොළඹ දේවි බාලික විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරිමෙන් පසු 2014.03.23 වන දින උසස් අධ්‍යාපනය සදහා සබරගමුව (බෙලිහුල්ඔය) විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයට ඇතුළත් වී ඇත.

සිය එකම දියණියගේ හදිසි මරණය සම්බන්ධයෙන් හඩා වැළපෙමින් මව වන වසන්තා පද්මිණී ඇල්විටිගල මහත්මිය මෙසේ පැවසුවාය
'මියගොස් ඇත්තේ එකම දරැවාය. මියගිය දුවත් මමත් පමණයි අප නිවසේ ජීවත් වුයේ. මෙසේ සිටියදී දුව පසුගිය වසරේ මාර්තු මස සබරගමුව විශ්ව විද්‍යාලයට තේරැණා. තේරී එහි ගියවිට දුවට දරැණු ලෙස එම සරසවියේ සිසු සිසුවියන් නවක වදයට ලක්කරලා තිබුණා.

මේ නිසා දුව යම් මානසික රෝගී තත්වයකට පත්වෙලා සිටියා. මේ නිසා මම දුවව නිවසට රැගෙන ආවා. අනතුරැව දුවව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නුවා. එම වෛද්‍යවරයා දුවට අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. ඉන්පසු දුවට නියම කර තිබු බෙහෙත් ද රැගෙන නැවතත් සරසවියට ගියා. එහිදීත් නැවත නැවතත් දුවව නවක වදයට ලක්වෙලා තිබුණා.

මෙය ඉවසන්න නොහැකිව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී දුව බෙහෙත් පෙති 18 ක් එකවර පානය කර ජීවිතය නැති කර ගන්නත් හදලා තියනවා. පසුව බලංගොඩ රෝහලට ඇතුළත් කර දින ගණනාවක් ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත නිවසට පැමිණ ටික දිනක් සිට නැවත සරසවියට ගියා. එහි සිසු සිසුවියන් නැවතත් නවක වදය දරැණු විදියට ලබා දී තිබෙනවා. මේ නිසාම දුව ගෙදරට වී සිටියා. මෙසේ සිටියදි ලබන මාර්තු වල නැවත සරසවියට යාමට තිබුණත් දෙන නවක වදය නිසා සරසවියට යාමට ලොකු බියකින් සිටියා.

මම පෞද්ගලික රෝහලක රැකියාව කරන අතර මම අද (17) උදෑසන රැකියාවට ගොස් මද වේලාවකින් නිවසේ සිටින දුවට දුරකථනයෙන්කතා කිරීමට උත්සාහ කලවිට දුරකතනයට ප්‍රතිචාරයක් දැක්වුවේම නෑ. මම කිහිප විටක්ම දුරකතනයෙන් දුවට කතා කරන්නට හැදුවත්දුව කතාකරන්නේ නැති නිසා මගේ සහෝදරයාගේ බිරියට දුරකතන ඇමැතුමක් අරගෙන කිව්වා දුව දුරකතනයට කතාකරන්නේ නැහැ ගිහින් බලන්න කියලා. ටික වේලාවකින් නංගි ඇවිල්ලා කිව්වා ගෙදර කරදරයක් ඉක්මනට එන්න කියලා. ඒ සමගම මා නිවසට ආවා. පැමිණ බලන විට දුව නිවසේ වහලේ බාල්කයක් මත එල්ලී සිටිනවා දැක්කා'

සබරගමුව විශ්ව විද්‍යාලයේ නීති පිඨයට කොළඔ පාසලකින් පැමිණි එකම සිසුවිය අැය බැවින් කොළඔන් පැමිණි සිසුවියක් නිසා සරසවියට ඇතුල් වු දවසේ සිට අනෙක් සිසුන්ට වඩා දියණියට නවක වදය දී අැති බව මව පවසාසිටියේය.

'දුව මෙම අනතුර කර ගැනීමට පෙර ලිපියක් ලියා තිබෙනවා. එම ලිපියේ කියා තිබෙන්නේ මගේ මරණය වු පසුව අවසන් කටයුතු සරලව මාගේ ආදර මා ඉගෙනගත් පාසල වන දේවි බාලිකා විදුහල අසල ඇති කොළඔ කනත්තේ ආදාහනය කරන ලෙසත් මගේ අවසන් කටයුතු වලට සබරගමුව විශ්ව විද්‍යලයේ කිසිම සිසු සිසුවියකට සහභාගි වීමට ඉඩ නොදෙන ලෙසත් මට යම් දේපලක් ඇත්නම් එම දේපල මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට යම් උපකාරයක් වන ආකාරයට ලබා දෙන ලෙස සදහන් කර තිබෙනවා.

මම අවසාන වශයෙන් කියන්නේ මට හිටි එකම වස්තුවත් මේ දරැවායි. අද මේ දරැවගේ ජීවිතය සරසවි සිසුසිසුවියන් උදුරා ගත්තා. මෙවැනි දෙයක් මේ රටේ වෙනත් අයෙකුටත් අත් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.'

මේ සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මරණ පරික්ෂණය හෝමාගම මුලික රෝහලේදී හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා විසින් සිදුකල අතර පශ්චාත් මරණ පරික්ෂණය හෝමාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි සුධීර සිරිවර්ධන මහතා සිදුකල අතර හෝමාගම පොලීසියේ පො.කො. 12284 පාලිත මහතා විසින් සාක්ෂි මෙහෙයවීම සිදුකළ අතර සිත්තැවුලක් හේතුවෙන් සියපත හානි කර ගත් මරණයක් බවට හදිසි මරණ පරීක්ෂක මහතා නිගමනය කෙළේය.

දිනමිණ

Last modified on Wednesday, 18 February 2015 10:28

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us