නුගේගොඩ රැළියට මහින්දගෙන් සුබපැතුම් පණිවුඩයක්

Published in පුවත්
Wednesday, 18 February 2015 20:35

‘‘මහින්ද සමග රට දිනවීමට ඔබ සුදානම් ද?’’ යන මැයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පක්ෂ නායකයින් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් සංවිධාන කෙරුණු ජනරැළියක් මේ වන විට නුගේගොඩදී පැවැත්වේ.

ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සුබපැතුම් පණිවුඩයක් එවා තිබුණි. එය ඉදිරිපත් කළේ ආචාර්ය දයාන් ජයතිලක මහතායි. රට වෙනුවෙන් කැප වන ජනතාවගේ අපේක්ෂා නොසලකා සිටීමේ හැකියාවක් තමන්ට නොමැති බව මහින්ද රාජපක්ෂ මහතාගේ සුබපැතුම් පණිවුඩයේ දැක්වුණි.

තමන් ඇතුළු පැවති ආණ්ඩුවේ සියල්ලන් දැන් භුක්ති විඳින්නේ පරාජයක් නොව කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බවද හිටපු ජනාධිපතිවරයාගේ පණිවුඩයේ සදහන්විය.

ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළට මුවාවෙන් බෙදුම්වාදී වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වන බව රැළිය ඇමතූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසුවේය. ජනතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමතක කර නොමැති බවද ගම්මන්පිල මහතා කියා සිටියේය. අපේ මව්බිම බේරාදුන්න නායකයාට රට බේරගන්න යළි පැමිණෙන්න කියා ජනතාව ඉල්ලාසිටින බවද ඔහු සදහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us