19 සංශෝධනයෙන් මෛත්‍රීපාලටත් විධායක බලතල කිහිපයක් ඉතුරු කරයි

Published in පුවත්
Friday, 20 February 2015 11:36

යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිධුරයේ විධායක බලතල අහෝසි කෙරුණද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනතා ඡන්දයෙන් පත්වූයේ විධායක ජනාධිපතිවරයකු ලෙස බැවින් ඔහුගේ ධුරකාලයට පමණක් සීමාවන පරිදී විධායක බලතල කිහිපයක් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂය යෝජනා කර තිබේ.

විධායක ජනපති ධුරයේ විධායක බලතල සීමා කෙරෙන 17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය නැවත බල ගැන්වෙන 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මෙම මාර්තු මස මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

රුපියල් මිලියන 100 ක වියදමින් ඉදිකළ දෙමටගොඩ සුපිරි පොදු වෙළෙඳ පොළ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.


අපට දින 100 යි තියෙන්නේ. අපි මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති කළේ ඔහු යටතේ යහපාලනයක්‌ ඇති කරන්නයි. ඔහු ජනාධිපති වුණාම ඇතැම් අය කිව්වා පාර්ලිමේන්තුව ඒ වෙලාවේම විසුරුවන්න කියලා. ඒත් අපි එකතු වුණේ විධායක ජනාධිපති කම අහෝසි කරලා පාර්ලිමේන්තුව බලවත් කරන්නයි. ඒ නිසා ඒ කටයුතු අපි දින 100 තුළ කළ යුතුයි.

ඉන්පසුව අපි මැතිවරණයකට ගිහින් ජනතාවට ඉඩ දෙනවා කවුද පත්කර ගන්න ඕන, කොයි පක්‍ෂයටද බහුතරයක්‌ දෙන්න ඕනෑ කියලා. එවිට අපිට ඇතිවන්නේ අගමැති ප්‍රමුඛ ආණ්‌ඩු ක්‍රමයක්‌. දින 100 වැඩසටහනේ කිව්වා මම අගමැති ලෙස පත්වෙනවා කියලා. ඒත් අපිට ඉන්පසුව පාර්ලිමේන්තුවේ බහුතරයක්‌ තිබ්බේ නෑ.

මේ දින 100 වැඩසටහන පිළිගන්නවාද කියලා අපි පාර්ලිමේන්තුවෙන් ඇහුවා. සන්ධානය කිව්වා අපි එය භාර ගන්නවා කියලා. ඒ නිසා මේ වැඩකටයුතු කරගෙන යනවා. හැබැයි මෙහි කාලය අප්‍රේල් 23 වැනිදාට අවසන් වෙනවා. ඊට පසුව මැතිවරණයකට යා යුතුයි. ඊට වඩා යන්න අපට ආයුෂ නැහැ.

ඒත් අපිට අවශ්‍ය වුණොත් ඊට පෙර ඡන්දයකට යන්නත් වෙයි. මොකද අපිට සහයෝගය නොලැබුණොත් ඊට පෙර මැතිවරණයකට ගිහින් අපිට තවත් වරමක්‌ දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලන්න වෙනවා.

අපේ වැඩසටහන අනුව ප්‍රධාන වැඩ කොටස්‌ තුනක්‌ තිබෙනවා. පළමු එක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, එහි විධායක බලතල ඉවත් කරලා පාර්ලිමේන්තුවට වග කියන අගමැති ක්‍රමයක්‌ යටතේ කැබිනට්‌ මණ්‌ඩලයකින් රට පාලනය කරන්න. ඒ ගැන පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන්න පක්‍ෂ එකඟවෙලා තිබෙනවා.

අපි ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරනවාද කියලා ජනමත විචාරණයකට යන්න ලැහැස්‌ති වෙන්නේ නැහැ. මේ ව්‍යවස්‌ථාව යටතේ තිබෙනවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි 42 වගන්තියට අනුව. එහෙනම් මේ ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවට උත්තර දිය යුතු වෙනවා. අපි දැන් මේ සංශෝධනය ගේන්නේ 42 වැනි වගන්තියට දෙවැනි උප වගන්තියක්‌ එක්‌ කරන්න. ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන්නේ අගමැතිවරයාගේ උපදෙස්‌ අනුවයි. අගමැතිවරයාගේ උපදෙස්‌ අනුවයි පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ, ජනාධිපතිවරයා වැඩ කරන්නේ පාර්ලිමේන්තු අනුමැතිය ඇතිවයි. අගමැතිගේ උපදෙස්‌ අනුව කැබිනට්‌ මණ්‌ඩලය පත්කළ යුතුයි.

ඒ වගේම 18 වැනි සංශෝධනය අහෝසි කරලා 17 වැනි සංශෝධනය නැවත අපි ගේනවා. ඒ වගේම රජයට උපදෙස්‌ දෙන්න උපදේශක සභාවක්‌, නැතිනම් රාජ්‍ය සභාවක්‌ ඇති කරන්න ඕන. ඊට පැරදුණු දේශපාලකයන් දාන්නේ නෑ. ඒකට වැදගත් පුද්ගලයන් තේරිය යුතුයි.

ඒ එක්‌කම ජනාධිපතිගේ විධායක බලය කැබිනට්‌ මණ්‌ඩලය හරහා ක්‍රියාත්මක කරනවා වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත්වුණෙත් විධායක ජනාධිපති ලෙස. එහෙනම් ඔහුටත් ඔහුගේ කාලයට පමණක්‌ සීමාවෙන විදිහට ජනාධිපති ධුරය සඳහා මේ විධායක බලතල කිහිපයක්‌ වෙන්කර දෙන්න ඕන. එය අපි එකඟත්වයෙන්, කැමැත්තෙන් කරපු දෙයක්‌. ඊට පසුව එන ජනාධිපතිවරයකුට ඒ බලතල නැහැ.

තවත් ප්‍රධාන කාරණා දෙකක්‌ තිබුණා. ඒ විශේෂයෙන්ම මේ රටේ දූෂණය ගැන හොයලා බැලිය යුතුයි. ඒ සඳහා අපිට ලේකම් කාර්යාලයක්‌ පිහිටුවා තිබෙනවා. එන සතියේ ඒ සඳහා පොලිසියේ විශේෂ අංශයක්‌ විවෘත වෙනවා.

අනෙක්‌ පියවර තමයි ජනතාවට සහන දීම. ඒ සඳහා අතුරු අයවැයක්‌ ගෙනාවා. සන්ධානයේත් සහාය මීට ලැබුණා. ඩග්ලස්‌ දේවානන්ද මහතාගේ සහයෝගයත් අපිට ලැබුණා.

මේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයටත් අපට සහාය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ 19 වැනි සංශෝධනය මාර්තු මාසේ පළමු සතිය තුළ කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එය සම්මත කර ගැනීමට අපට සහාය ලැබෙයි කියලා මම හිතනවා. එසේ නොවුණොත් ජනතාවට සිදුවෙනවා ඒ ගැන තීරණයක්‌ ගන්න.

ඒ වගේම අපි පක්‍ෂ අතර තිබෙන ප්‍රශ්න විසඳාගෙන අපි යහපාලනය ඇතිකළ යුතුයි. ඊළඟ පාර්ලිමේන්තු ඡන්දයේදී යහපාලනය වෙනුවෙන් වරමක්‌ අරගෙන සෑම දෙනාගේම සහාය ලබාගෙන සියලු පක්‍ෂවල සහාය ලබාගෙන ආණ්‌ඩුවක්‌ ඇති කරන්න අවුරුදු දෙක තුනක්‌ පක්‍ෂ ඔක්‌කොම එකතු වෙලා මේ රටේ ප්‍රශ්න විසඳිය යුතුයි.

රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් අපි දිය යුතුයි. ඒ කාලය තුළ අපි ශ්‍රී ලංකා දේශපාලනයක්‌ ඇති කරලා රට වෙනුවෙන් වැඩ කළ යුතුයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us