'ස්‌කයිප්' භාවිතය පරිස්සමෙන්, තරුණියන්ට අවවාදයක්‌

Published in පුවත්
Tuesday, 24 February 2015 08:16

ස්‌කයිප් තාක්‌ෂණය භාවිත කිරීමේදී සැලකිලිමත් වන්නැයි පොලිස්‌ ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා සහකාර පොලිස්‌ අධිකාරිනී ලංකා රාජිනි මහත්මිය තරුණියන්ගෙන් ඉල්ලීමක්‌ කළාය.

ඇය මෙසේද කීවාය.

"මම තරුණියන්ට කියන්නේ ස්‌කයිප් තාක්‌ෂණය ඔස්‌සේ තවත් කෙනකු සමඟ කතාබහ කරන්නට සම්බන්ධ වනවිට ප්‍රවේශම් වෙන්න කියලයි. මොකද අද තාක්‌ෂණය දියුණුයි. සමහරවිට අර ඔබ සමඟ මිතුරුව කතාබහ කරන කෙනා ඔබගේ සජීව රූපය නිරුවත්කර අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කරන්නට උත්සාහ කරාවි. ඒ විතරක්‌ නොවෙයි. සමහර පුද්ගලයන් ස්‌කයිප් තාක්‌ෂණය ඔස්‌සේ සම්බන්ධ වන තරුණියන්ට කියනවා ඔබේ නිරුවත් ඡායාරූපයක්‌ තිබෙනවා. ඒක අන්තර්ජාලයේ දානවා කියලා."

"එහෙම නොකර ඉන්න නම් කියන තැනකට එන්න කියලත් බල කරනවා. පස්‌සේ අර පුද්ගලයා තරුණියව ගෙන්වා ගෙන හෝටලයකට අරන් ගිහින් අතවර කරනවා. එවැනි සිද්ධීන් අපිට වාර්තා වෙලා තිබෙනවා.

ඒ නිසා ස්‌කයිප් තාක්‌ෂණයටගියාම බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න කියලා තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා."

Last modified on Tuesday, 24 February 2015 08:20

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us