මහින්ද අගමැතිකම් කරන්න එන්නේ රෙදි ඇඳගෙනද ? - ජනපති Featured

Published in පුවත්
Monday, 02 March 2015 08:40

හිටපු ජනාධිපතිවරයා අගමැතිකම බලාගෙන මැතිවරණයට ඉදිරිපත්වීමට සැරසෙන්නේ රෙදි ඇඳගෙනදැයි යනුවෙන් ප්‍රශ්න කිරීමට තමන්ට සිදුවන්නේ යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තමාවයි හිටපු ජනාධිපතිවරයාවයි එකම වේදිකාවකට ගෙන ජනතාව ඇමතීම සඳහා කපුකමේ යෙදෙන අයත් දැන් කරළියට පැමිණ තිබෙනවා. නමුත් ඒ අය මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කවුද කියලා හරිහැටි හඳුනා නොගෙන කටයුතු කරනවා යෑයි ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස්‌ පළ කර සිටියේ ඉකුත් 27 වැනිදා කලාකරුවන්, බුද්ධිමතුන් සහ මාධ්‍යවේදීන් පිරිසක්‌ සමඟ කොළඹ පදනම් ආයතනයේදී පැවැති සුහද හමුවකදීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

පැරදුණු ජනාධිපතිවරයා මැදමුලනට ගියේ හෙලිකොප්ටරයකින්. එදා මම පැරදුණා නම් මාව හිරේ විලංගුවේ දාලා මට දස වද දෙන්න තීන්දු තීරණ අරගෙන. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන පවා සකස්‌ කර තිබූ බව රහස්‌ පොලිසියෙන් මට දැනගන්න ලැබුණා. එයා මැදමුලනට ගියාට පස්‌සෙයි මම දැනගත්තේ හෙලිකොප්ටරයෙන් ගිය බව. ඒකට මම අනුමැතිය දුන්නලු. මම එහෙම අනුමැතියක්‌ එයාට දුන්නේ නැහැ. ඒ බව දැනගෙන හිටිය නම් එයාට හෙලිකොප්ටරයෙන් යන්න මම ඉඩ දෙන්නේ නැහැ යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඉකුත් 27 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති සුහද හමුවකදීය. යහපාලනයේ දොරටු විවර කරගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අත්වැල් බැඳගත් කලාකරුවන්, බුද්ධිමතුන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

වැඩිදුරටත් කතා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.

පසුගියදා පැවැති ජනාධිපතිවරණය සම්බන්ධව එදා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්‌ක මට කතා කරන්න අවස්‌ථාව ලැබුණේ මම ආණ්‌ඩුවෙන් ඉවත් වුණු දවසේ. ඊට කලින් මැතිවරණය ගැන කතා කරන්න මට එයාව හමුවුනේ නැහැ. මම ආණ්‌ඩුවෙන් එළියට ආපු දවසේ එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ අනෙක්‌ පක්‍ෂ එකඟත්වය පළකර මාව ඒ අයගේ මිතුරෙක්‌ හැටියට පිළිගත්තා. එයින් පස්‌සේ තමයි මම පොදු අපේක්‍ෂකයා හැටියට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුණේ. එසේ ඉදිරිපත් වන විට මැතිවරණ යාන්ත්‍රණයක්‌ මට තිබුණේ නැහැ. ඒ වගේම මැතිවරණය සඳහා කිසිම සූදානමක්‌ තිබුණෙත් නැහැ. මම එදා ආණ්‌ඩු පක්‍ෂයෙන් එළියට බැස්‌සේ සියලුම දේවල් අතහැරදාලා හිස්‌ අතින්. එදා මම මැතිවරණ වේදිකාවට නැග්ගේ හුදකලා වුණු දේශපාලකයෙක්‌ විදියටයි. ජනතාව මාව ආදරයෙන් වැළඳ ගත්තා. එක්‌සත් ජාතික පක්‍ෂයත් අනෙක්‌ පක්‍ෂ හා සංවිධානවල සහායෙන් තමයි ජනාධිපතිවරණයෙන් මම ජය ගත්තේ. විශේෂයෙන් තරුණයන් ගැන සඳහන් කරන්න මම කැමතියි. ඒ අය තමන්ගේ නිවෙස්‌වල ඉඳගෙන ඉන්ටනෙට්‌, ෆේස්‌බුක්‌ හරහා තොරතුරු හුවමාරු කර ගනිමින් මගේ ජයග්‍රහණයට අතිවිශාල සහයෝගයක්‌ ලබාදුන්නා.

ලංකාවේ පැවැති දූෂිතම ජනාධිපතිවරණ මැතිවරණයයි පසුගියදා පැවැත්වුණේ. මැතිවරණ නීතිරීති කඩමින් රට පුරාම පෝස්‌ටර්, බැනර් ගසාගෙන මැරබලය, රාජ්‍ය බලය, රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය වාහන හා දේපළ සමඟ අතිවිශාල ධනස්‌කන්ධයක්‌ මහා පරිමාණයෙන් යොදවා ගෙනයි හිටපු ජනාධිපතිවරයා මැතිවරණය කළේ. මම ඒ කිසිම දෙයක්‌ නැතිවයි මැතිවරණයට ඉදිරිපත් වුණේ. මැතිවරණ සමයේදී යොදා ගත්ත ජනාධිපති කාර්යාලයට අනුයුක්‌ත කළ වාහන පිළිබඳව අද වන විට කිසිම ලේඛනයක්‌ ඇත්තේ නැහැ. වාහන ඉන්වෙන්ටි්‍රයකුත් ඇත්තේ නැහැ. මෝටර් රථ කොමසාරිස්‌ කාර්යාලයෙන් විමසුවාම ජනාධිපති කාර්යාලයට අලුතෙන් ගත්ත වාහනවලට අංක පවා නිකුත් කරලා නැහැ. ලැබී තිබෙන තොරතුරු අනුව වාහන 39 ක්‌ දැනට අතුරුදන් වෙලා. ඉන් වාහන 3 ක්‌ වෙඩි නොවදින අධි සුඛෝපභෝගී වාහන. වාහන බාරව කටයුතු කළ නිලධාරියා අද රිමාන්ඩ් භාරයේ පසුවෙනවා. එයත් දන්නේ නැහැ, කොපමණ වාහන සංඛ්‍යාවක්‌ ජනාධිපති කාර්යාලයේ තිබුණද කියලා. පොඩි නිලධාරීන්ට තමයි අද මේවට වගකියන්න සිද්ධවෙලා තියෙන්නේ.

දූෂිතයන්ට දඬුවම් කිරීම ප්‍රමාදයි කියා මැසිවිලි නඟනවා. ඒ අතරේ දින සියයේ යහපාලනයේ ජනතාවට අපි පොරොන්දු වූ වැඩසටහන ක්‍රියාත්මක කරන්නත් තිබෙනවා. හොරුන්ට දඬුවම් දීමේදී රටේ පවතින නීතියට එකඟව කටයුතු කළ යුතුයි. තමන්ගේ දේශපාලන විරුද්ධකාරයන්ට හිටපු ජනාධිපතිවරයා එදා දඬුවම් කළා වගේ නීතියක්‌ රීතියක්‌ නැතිව උවමනාව තිබූ පමණින්ම කටයුතු කරන්න අපට බැහැ. එයයි යහපාලනය. වැරදි කළ අයට දඬුවම් කරන්න ටික කාලයක්‌ යාවි. එතෙක්‌ පොඩ්ඩක්‌ ඉවසන්න.

මම ජනාධිපති වුණාට ඒ ධුරයේ කුමන බලතල තිබුණත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක්‌ නැතිව කිසිම දෙයක්‌ කරන්න බැහැ. මේක තේරුම් කර නොගෙන සමහරු නොයෙක්‌ දේ කියවනවා. වැරදි කළ අයට දඬුවම් කිරීම ප්‍රමාදයි කියලා කාටවත් අත පිසදමා ගන්න ලැබෙන්නේ නැහැ. ඒවා කරේ තියාගෙන මේ ගමන යන්නයි අපිට සිද්ධවෙලා තියෙන්නේ. මම කියන්නේ මාව කරේ තියාගෙන ජනතාවට යන්න කියනවා නොවෙයි. අප ඉදිරියේ තිබෙන ප්‍රශ්න හා ගැටලුවල තරම දැනගෙන ඒවා කරේ තියාගෙන යන්න කියලයි මම කියන්නේ.

හිටපු ජනාධිපතිවරයා නැවත අගමැතිකම බලාගෙන මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වන්නේ රෙදි ඇඳගෙනද කියලා ප්‍රශ්න කරන්න මට සිද්ධ වෙනවා. එයාවයි මාවයි එකම වේදිකාවක ජනතාව අමතන්න කපුකමේ යෙදෙන උදවියත් දැන් කරළියට ඇවිත් ඉන්නවා. ඒ අයට මම කියන්න කැමතියි මෛත්‍රීපාල කියන්නේ කවුද කියල හරිහැටි හඳුනා නොගෙන ඒ අය කටයුතු කරන බව.

ඔබට තියෙන ප්‍රශ්න මට ලියා දන්වන්න. නැත්නම් මගේ නිල නිවසට දුරකථනයෙන් කතා කරලා වේලාවක්‌ ඉල්ලගෙන මාව හමුවන්න. ඔබේ මිතුරෙක්‌ හැටියට මගේ ශක්‌ති ප්‍රමාණයෙන් ඒවාට විසඳුම් ලබාදෙන්න මම කටයුතු යොදන්නම්.

 

divaina

Last modified on Monday, 02 March 2015 08:42

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us