අත්වැල්තොට විදුලි බලාගාරයට ගම්වාසීන් සමඟ ගැ‍ටුමක් නැහැ - ධම්මික රණතුංග

Published in පුවත්
Wednesday, 04 March 2015 15:51

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය සභා සීමාවේ පවතින 'අත්වැල් තොට දිය ඇල්ල' හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට විරුද්ධවූ එම ගම්වාසීන්ට ධම්මික රණතුංග හා ඔහුගේ මැර කණ්ඩායකම් විසින් තර්ජනය කර ඇති බවට අප විසින් 'පරිසර අධිකාරිය, රණතුංගලාට අත්වැල්තොට ඇල්ල වසා දමන්න අවසර දෙයි' සිරස්තලය යටතේ පළ කළ පුවත අසත්‍ය බව ධම්මික රණතුංග මහතා අප වෙත ලිපියක් යොමු කරමින් පවසයි.

එම ලිපිය පහත පළවේ.

Dammika-Ranathunga1

Dammika-Ranathunga-2

 

සංස්කාරක සටහන:


අත්වැල් තොට කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධයෙන් අප විසින් පළ කළ පුවත එම ප්‍රදේශවාසීන් විසින් අපවෙත දැන්වූ කරුණු කාරණා වේ.

එහිදී ඒ සම්බන්ධයෙන් ධම්මික රණතුංග මහතාගෙන් විමසීමට තරම් දෙයක් අප වෙත නොවුයේ මෙම විදුලි බලාගාරය නිසා පරිසරයට වන හානිය ඉන් පිරිමැහිය නොහැකි බැවිනි.


කෙසේ නමුත් අප පළ කළ පුවත අසත්‍ය නම් ඒ සම්බන්ධයෙන් වූ ධම්මික රණ තුංග මහතාට වූ අපහසුතාවය ගැන අප කණගා‍ටු වෙමු.

එහෙත් අත්වැල්තොට හරස් කර කුඩා ජල විදුලි බලාගාරයක් ජනතාවගේ විරෝධය නොතකා ඉදිකිරීම අසත්‍ය කරුණක් නොවේ. ඒ සත්‍යයකි.

එමෙන්ම අත්වැල් තොට විදුලි බලාගාරයක් ඉදිකිරීමට ගත් උත්සහයට එම ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වූයේ අද ඊයේ සිට නොවේ.

මෙහි මුල් උත්සහය ගනු ලැබුවේ 1994 දීය නැවතත් 2006 වසරේදීද මෙවැනිම උත්සහයක් ගනු ලැබීය. ඒ අවස්ථා දෙකේදීම ඒ පැවැති ආණ්ඩුවලට අකුලා ගැනීමට සිදු වූයේ. මෙම විදුලි බලාගාරය පරිසරය වනසන වැරදි ක්‍රියා මාර්ගයක් වූ බැවිනි. නැවතත් පණ පොවා ඇත්තේ එම කටයුත්තටය.

ධම්මික රණතුංග මහතා ආයතන ගනනාවකින් මේ සඳහා අවසර ගත් බව කියයි. එම අවසරයන් ගත්තේ කෙසේදැයි අපටද එම ප්‍රදෙශවාසීන්ටද බරපතල සැකයක් ඇති වී තිබේ. මන්ද එම ප්‍රදේශවාසීන් අදාල ආයතනවලට මේ සම්බන්ධයෙන් කරන ලද පැමිණිලිවලට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම මෙන්ම අපගේ පසුගිය පුවතෙන් පෙන්වා දුන් පරිදි එම පැමිණිළි රැගෙන මැරයන්ගේ කඩා වැදීම සිදුවීමත්, පසු ගිය පාලන සමයේදී සංවර්ධ ව්‍යාපෘති සඳහා පාරිසරික ප්‍රශ්න පැත්තකට දමා අවසර ලබා ගෙන තිබූ ආකාරය ගැන දැන් අනාවරණය වෙමින් පැවැතීම නිසාය. වරාය නගරයේ පරිසර ප්‍රශ්නය ඊට කදිම උදාහරණයකි.

දේශපාලන බලපුලුවන් කාරකම්, මැර තර්ජන, අල්ලස්, කොමිස්, ආදිය මත තීන්දු තීරණ ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට සිදුවූ යුගයක මෙම ජල විදුලි බලාගාරය සඳහා අවසර ලැබී තිබේ. එම නිසා මේ සියළු ආයතන යළි තමන් ලබා දුන් අවසර ගැන යළි පරික්ෂා කිරීම සිදු කළ යුතුය. රාජ්‍ය නිලධාරීන්ට දැන් ඒ සඳහා කොන්ද කෙළින් තබා ගෙන වැඩ කළ හැකිව ඇතැයි අපි විශ්වාස කරමු.ජනමාධ්‍ය ආයතනයක් ලෙස මෙම ප්‍රශ්නය හෙළිදරව් කිරීම අප විසින් මේවන විට සිදු කර ඇති අතර එහි ඉදිරි පියවරයන් එම ප්‍රදේශවාසීන්ද නිලධාරීන්ද සිදු කළ යුතුව තිබේ.


කෙසේ නමුත් අපගේ අවබෝධය මත මේ ප්‍රශ්නය ධම්මික රණතුංග මහතාට විසඳා ගන්න වෙන්නේ එම ප්‍රදේශවාසීන් සමඟය. අපට එම ප්‍රදෙශවාසීන් සමඟ මේ වෙනුවෙන් පෙනී සිටිනවා හැර පරිසරය විනාශ කරන මෙවැනී ඊනිසා සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් පෙනි සිටිය නොහැකි බව අවසන් වශයෙන් සඳහන් කරමු.

සබැදි පුවත්
පරිසර අධිකාරිය, රණතුංගලාට අත්වැල්තොට ඇල්ල වසා දමන්න අවසර දෙයි

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us