සිරස ටී.වී. ඩීල් කතාව මඩක්. අගමැති උත්තර දෙයි

Published in පුවත්
Wednesday, 04 March 2015 16:23

තමන් අග‍්‍රාමාත්‍ය පදවියට පත්වීමෙන් පසු 'හිරු ටී.වී' වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම සම්බන්ධයෙන් 'සිරස ටී.වී' ආයතනය දක්වා ඇති මතවාදයන් සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමුකරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(04) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළේය.

ජනාධිපතිවරණ සමයේ ද රූපවාහිනි නාලිකා 3 ක් තමන්ගෙන් සම්මුඛ සාකච්ඡා ඉල්ලා තිබූ බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලීම් කළ අනුපිළිවෙලින් ඒවා ලබාදුන් බව ද කියා සිටියේය.

ඒ අනුව, අග‍්‍රාමාත්‍ය පදවියට පත්වීමෙන් පසු මුල්ම සම්මුඛ සාකච්ඡාව 'හිරු ටී.වී' වෙත ලබාදුන් අතර, ඉල්ලීම් කළ අනුපිළිවෙල මත අනෙක් නාලිකා වෙත ද එවැනි සාකච්ඡා ලබාදෙන බව අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කියා සිටියේය.


සිරස ටී.වී චෝදනා :

දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට එරෙහිව පැන නැගී ඇති චෝදනා ඉදිරියේ ඔහු ආරක්ෂා කිරීමට තමන් කි‍්‍රයා කරන බවට, පසුගියදා සිරස ටී.වී ඔස්සේ විකාශය වූ වැඩසටහනකට සම්බන්ධ වී සිටි එම ආයතනයේ ප‍්‍රශ්න විචාරකයෙකු කෙලින්ම කියා සිටි බව ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

හිරු ආයතනය සමග තමන් ඞීල් දමා ඇති බව ද එම ප‍්‍රශ්න විචාරකයා කියා සිටි බව අග‍්‍රාමාත්‍යවරයාගේ කියා සිටියේය.

පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී ද සිරස නාලිකාවේ වාර්තාකාරිනියක් මේ මතවාදයම මතුකරමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගෙන් ප‍්‍රශ්නයක් විමසූ බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

'' රූපවාහිනි නාලිකා සම්මුඛ සාකච්ඡා ඉල්ලා ඇති අනුපිළිවෙලට ඒවා ලබාදීමට තමන් කි‍්‍රයාකර තිබියදී හිරු ටී.වී වෙත සම්මුඛ සාකච්ඡාව ලබාදීම ඞීල් එකක ප‍්‍රතිඵලයක් ලෙස පෙන්වාදීම සාධාරණ නැහැ. විද්‍යුත් මාධ්‍ය අතර තරඟකාරිත්වයක් පවතින නිසා එක් නාලිකාවකට වඩා ඉදිරියෙන් සිටීමට අනෙක් නාලිකා උත්සාහ දරනවා. එවැනි උත්සාහයකට රටේ අගමැතිවරයා ඈදා ගැනීමත්, අගමැතිවරයා වෙත අසාධාරණ හා පදනම් විරහිත චෝදනා නැගීමත් පිළිගන්නට බැහැ. '' යයි පැවසු අගමැතිවරයා, නීතිය ඉදිරියේ තිබෙන කටයුතුවලට තමන් බලපෑමක් එල්ල නොකරන බව අවධාරණය කළේය.


නීතියේ ආධිපත්‍යය :

එමෙන්ම නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් හැමවිටම පෙනී සිටින බවත් අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

යමෙකුට චෝදනා ඇති පමණින් ඔහු වැරදිකරුවෙකු ලෙස හැදින්විය නොහැකි බව අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. කෙසේ වෙතත්, තමන් යහපාලනය ස්ථාපිත කිරීමේ අරමුණින් කිසිදිනෙක බැහැර නොවන බවද ඔහු කියා සිටියේය.

තමන්ට මෙවැනි චෝදනා එල්ල කිරීමෙන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු හා අගමැතිවරයා ලෙස තමාගේ රාජකාරි හා වගකීම්වලට බාධා පමුණුවන්නට උත්සාහ කිරීම සිය අයිතීන් හා වරප‍්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙස ද අග‍්‍රාමාත්‍යවරයා හැඳින්විය.

''එවැන්නක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. එම නිසා මේ ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස'' අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.


චෝදනාවේ සත්‍යයක් :

පරීක්ෂණයකදී අදාළ චෝදනාවේ සත්‍යයක් තිබේ ද යන්න සිරස ටී.වී ආයතනයට හා එහි ප‍්‍රශ්න විචාරකයාටත් අවස්ථාව ලැබෙන බව අග‍්‍රාමාත්‍යවරයා පවසයි.

යහපාලනය ගොඩනැංවීම සඳහා ආණ්ඩුව යන ගමනට විවිධ බලවේග අකුල්හෙලන බව තමා දන්නා බව ද පැවසු අගමැතිවරයා, එම බාධා නොතකා මෛත‍්‍රී පාලනයක් ඇති කරන බවට සහතික විය.

දූෂණ හා වංචා පිටුදකිමින් ශීලාචාර ආණ්ඩුවක් පමණක් නොව, ශීලාචාර මාධ්‍ය සංස්කෘතියක් ද නිර්මාණය කරන බව අග‍්‍රාමාත්‍යවරයා අවසාන වශයෙන් කියා සිටියේ ය.

 


- srilankamirror

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us