යහපාලනයට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා - සම්බන්ධන්

Published in පුවත්
Thursday, 05 March 2015 14:47

ඒකීය රටක් තුල ස්ථිර දේශපාලන විසඳුමක් ඉල්ලා සිටිමින් දෙමළ ජනතාව, දීර්ඝ කාලයකට පසු, ප්‍රජාතන්ත්‍රවාදයට තම පුර්ණ සහයෝගය ලබාදී ඇති බව ප්‍රකාශ කර ඇති දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, එම සහයෝගය ලබාදුන් දෙමළ ජනතාව දැඩි විශ්වාසයකින් සිටින බවත්, රජය එය ආරක්‍ෂා කළ යුතු බවත් ප්‍රකාශ කර ඇත.

පසුගිය කාලයේ ඒකාධිපති පාලනයක් දැක ගත හැකි වූ බවත්, එම තත්වය වෙනස් විය යුතු බවත්, යහපාලනයක් වෙනුවෙන් දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කළ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

පසුගිය 03 වන දින නැගෙනහිර පළාතේ සංචාරය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් සංවර්ධන කමිටු රැස්වීම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදී පවත්වා ඇත. මෙම රැස්වීමට සහභාගි වී කතා කළ අවස්ථාවේදී ආර්.සම්බන්ධන් මේ බව ප්‍රකාශ කර ඇත.

“මෙරට ජීවත් වන සියළු ජනතාවගේ සහයෝගය ලබාගත් ඔබතුමා දේශපාලනික වශයෙන් හිටපු ජනාධිපතිවරයාව පරාජය කර, ප්‍රථමවරට ජනාධිපතිධුරය හොබවමින් සිටියි. ඔබතුමා නීත්‍යානුකූලව හිටපු ජනාධිපතිවරයාව පරාජය කර ඇත. උතුර, නැගෙනහිර, දකුණ සහ බස්නහිර යන සියළු ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාව සහයෝගය ලබාදීම හේතුවෙන්, ඔබතුමා ජනාධිපති ධුරයට පත්වී ඇත. එවැනි සහයෝගයක් මත ඔබතුමාගේ බලය තහවුරු වූ බව මා අදහස් කරන්නෙමි.

‘උතුරු නැගෙනහිර සහ දකුණේ ජිවත් වන ජනතාවගේ හදවත් එක්කළ යුතුය’ යනුවෙන් ඔබතුමා නිදහස් දින උත්සවයේදි කල ප්‍රකාශයට මා මුළු හදවතින්ම ප්‍රශංසා කරන්නෙමි. පසුගිය ජනාධිපතිවරණයෙදී යහපාලනයක් වෙනුවෙන් අපගේ පක්‍ෂයේ සහයෝගය ලබාදුන් අතර, අපගේ දෙමළ ජනතාව තම ඡන්දය ඔබතුමාට ලබාදෙන ලදි.

පසුගිය කාලයේ බලයට පැමිණි සියළු රජයෙන් විසින් උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ ජනතාව නොසලකා හැර ඇත. එමෙන්ම පසුගිය කාලයේ ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක විය. එම තත්වය වෙනස් විය යුතුය. සෑම අංශයකම කටයුතු ස්වාධීන විය යුතුය. අප ඒ වෙනුවෙන් සහයෝගය ලබාදුන්නෙමු. පසුගිය කාලයේ අධිකරණය, විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධීකරණය සහ මහාධිකරණයේ කටයුතු වලට ගරුත්වයක් ලැබී නොමැත. ඒකාධිපති පාලන ක්‍රමය තුළින් අධිකරණයේ ස්වාධිනත්වය නැතිකරන ලදි. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි විය.

ප්‍රජාතන්ත්‍රවාදය වටිනා දෙයකි. සියළු දෙනාට සියළු ආකාරයෙන් ගරුකළ යුතුය. එසේ සිදුකළහොත්, සම්පුර්ණ බලය ලබාගැනීමට හැකිවනු ඇත. ඒකීය රටක් තුල ස්ථීර දේශපාලන විසඳුමක් ඉල්ලා සිටිමින් දෙමළ ජනතාව දීර්ඝ කාලයකට පසු ප්‍රජාතන්ත්‍රවාදයට තම පුර්ණ සහයෝගය ලබාදී ඇත.

ත්‍රිකුණාමළය හින්දු භක්තිකයින් වැඩි වශයෙන් ජිවත් වන පුජනීය භූමියක් වේ. මෙහි කොනේශ්වරම් කෝවිලත්, කාලි කෝවිලත් , ඝණ දෙවි කෝවිලත් දැක ගත හැකිය.පෞරාණික ඉතිහාසයක් ඇති මෙම කෝවිල් වලට සියළු ජනතාව ජාති ආගම් භේදයකින් තොරව පැමිණ වන්දනා කරයි. ඔබතුමාගේ යහපාලනයට සියළු දෙවියන්ගේ අශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.


ලංකාටීනිව්ස් ඇසුරෙනි

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us