මහින්ද හෙට මහනුවර එනවාමයි ! - ජනිපෙ

Published in පුවත්
Thursday, 05 March 2015 14:28

විමල් වීරවංශ ප්‍රමුඛව දේශපාලන අවිනිශ්චිතතාවකට ලක්වූවන් හෙට දිනයේ මහනුවර නගරයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන ‍රැළිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම සම්බන්ධ වන බව ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නියෝජිතයකු පැවැසීය.

නුගේගොඩ ‍රැළිය සඳහා ලක්ෂ 5 කට අධික ජනතාවක් එක් ‍රැස් වීම නිසා මහින්ද රාජපක්ෂ මහතාද අගමැති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්‍රමුඛත්වයෙන් බිහිවන නව පෙරමුණකින් තරග කිරීමටද එකඟ වී ඇති බව පක්ෂයේ ඉහළ නිළධාරීන් තමන්ව දැනුවත් කොට ඇති බවත්
ඔහු පවසයි.

තමාගේ සහභාගිත්වයකින් තොරව තමන් වෙනුවෙන් මෙතරම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරිපත් වීම නිසා එම ජනතාවට කරන කළ ගුණ සැලකීමක් ලෙස ඉදිරි මහ මැතිවරණය ඉදිරිපත් විය යුතු බව එම පවුලේ තීරණය ද වී ඇති බවත් එමෙන්ම මහනුවරට ලක්ෂ 08 පමණ ජනතාවක් පැමිණෙනු ඇති බවත් තම පක්ෂය විශ්වාස කරන බවත් ඔහු පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගනනාවක්ම එම පක්ෂයේ තීරණය නොතකා මෙම ‍රැළියට සහභාගී වෙමටද නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us