මංගල, මිනීමරු රාජපක්ෂලා රකින්න ඔබ වෙහෙසෙන්නේ ඇයි ?

Published in පුවත්
Thursday, 05 March 2015 22:38

විදෙස් කටයුතු ඇමතිතුමනි,

කාලයක් පුරා රටේ විකල්ප මතධාරීන් සමීපව ඇසුරු කරන, ඔවුන්ගේ ආභාශය ලබන ඔබ මේ ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇතැයි ප්‍රථමයෙන් විශ්වාස කරමි.

උතුරු දකුණු සංහිදියාව ගොඩනැගීමට දකුණේ සිට ඒ වෙනුවෙන් ප්‍රගතිශීලී දායකත්වයක් සැපයූ ඔබ, දෙමළ ජනයාගේ යුක්තිය වෙනුවෙන් වන සටනට ප්‍රතිමුඛව මේ මොහොතේදී සිටගැනීමට සිදුවීම ​​දෛවයේ සරදමක් බව අපගේ අදහසයි.

දෙමළ ජනයා​ට යුත්තිය අවශ්‍ය බව පිළිගත් ඔබටම රාජපක්ෂලා සහ මිනීමරු හමුදා නිළධාරීන් බේරාගැනීමට යුධ අපරාධ චෝදනා වාර්තාව ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටීමට සිදුවීම ​දෛවයේ සරදමක් සහ දේශපාලන විහිලුවක් බව අප ඔබට අවධාරණය කර සිටිමු. අප එසේ කියන්නේ ඔ​බේ සමීපතම දේශපාලන සගයෙකු වූ ශ්‍රීපති සුරියආරච්චි ඝාතනය කරනු ලැබූ රිය අනතුර නිර්මාණය කරනු ලැබුවේද ඒ මිනීමරු රාජපක්ෂ රෙජීමය සහ ඔවුන්ගේ මිනීමරු හමුදා බලකා විසින් වීම නිසාවෙනි.

එසේම ඔබව ඝාතනය කිරීමට සැලසම් සැකසුවේද ඔවුන් නිසාම වන ​ෙහයිනි. එපමණක් නොව ඔබට විරුද්ධව සමකාමී චෝදනා එල්ලකරනු ලැබුවේද රාජපක්ෂ රෙජීමය සහ ඔවුන්ගේ සිංහල-බෞද්ධ ඊනියා සදාචාර බලුරැළ විසිනි. ඒ සෑම අවස්ථාවකදී කොළඹ මූලික විකල්ප කණ්ඩායම් ඔබ වෙනුවෙන් එකට සිටි අතර ඉතිහාසය විසින් මංගල විනිශ්චය කරනු ලබන සංදිස්ථානාත්මක කොන්ත්‍රරාත්තුවක් " යහපාලන" ආණ්ඩුව විසින් ඔබට බාර දී තිබෙන බව ඉතාම පැහැදිලිය. ඒ රාජපක්ෂ සහ දෙමළ වර්ග සංහායේ මිනීමරැවන් බේරා ගැනීමේ අන්තර්ජාතික කොන්ත්‍රත්තුව මෙහෙයවන්නා වීමය.

මංගල, අප ඔබට යමක් මුලින්ම මතක් කිරීමට කැමැත්තෙමු. ඒ ඉතිහාසය අයිති මිනීමරුවන්ට සහ ඔවුන් බේරා ගැනීමට කොන්ත්‍රරාත්තු මෙහෙයවන අයට ​නොව ඉතා අසීරු තත්ත්වයන් යටතේ දී පවා සිය මතය පාවා නොදී සිටින මිනිසුන්ට පමණක් බවයි. ඉතිහාසය ලියවන මොහොතේදී වැදගත් වන්නේ ඔබ කුමක් කලාද යන්නට වඩා වඩා අසීරු මොහොතකදී ඔබ සිට ගත්තේ කුමන පිලේද යන්නයි.

මිනීමරැ රාජපක්ෂ රෙජීමය මැදමුලදනට තල්ලුකිරීමේ පුරෝගාමී මොළකරු ඔබ බව අප නොවලහා කියන අතර නමුත් දැන් ඔබ කරමින් සිටින කාර්්‍යය ඔබගේ ඓ තිහාසික කාර්්‍යභාරය නිශේධනය කරන බවද අප නොවලහා ප්‍රකාශ කරමු.

මංගි, ගරැ විදෙස්කටයුතු ඇමතිතුමනි, රාජපක්ෂ රෙජීමට ඔබ ඇතුලු දෙමළ ජනයාගේ අයිතීන් සම්බන්ධයෙන් යම් ප්‍රගතිශීලී මතයක් දැරු අය මර්ධනය කිරීමට යොදා ගත්තේ කොටි සංවිධානය නැවත ආරම්භ කිරීමට යනවාය යනු බොරැවයි. දැන් ඔබ ඇතුලු යහපාලන ආණ්ඩුවද එයම කරමින් සිටින බවට වටින් ගොඩින් ඉගිපළ වෙමින් ති​ෙබ්.

මිනිමරැ ගෝඨාභය රාජපක්ෂලා විසින් සිරගත කෙරූ දෙමළ ජනයා තවමත් කදවුරුවල අපාදුක් විදිමින් සිටිති. කොටි සංවිධානය ගොඩ නැගීමට ආධාර දුන්නාය කියා අත්අඩංගුවට ගත් ජෙයකුමාරි තවමත් ඔබ​ගේ යහපාලන ආණ්ඩු​වේ අත්අඩංගුවේය. උතුරේ ඊනියා-අධිආරක්ෂිත කලාප කියා බලහත්කාරයෙන් පවරා ගත් ඉඩම් තවමත් හමුදා පාලනය යටතේය. එසේම තම දරුවන් ඉල්ලා හඩන උතුරේ දෙමාපියන් වෙත අවම බලාපොරොත්තුවක්වත් දල්වන්නට ඔබගේ යහපාලන ආණ්ඩුවේ කිසිදු බලධරයෙකු මෙතෙක් ඔවුන් හමුවී නොමැත. නමුත් ඔබගේ යහපාලන ආණ්ඩුවේ ඇත්තන්ට නිමල් සිරිපාල,මර්වින් සිල්වා වැනි මදාවි දේශපාඥයන් හමුවී ඉදිරි ඩීල් දමාගැනීමට වෙලාව ඇත.

මංගල මෙවනි තත්ත්වයක් මත ඔබ ලොව පුරා ටයිකෝට් දමාගෙන ගොස් රාජපක්ෂලා විරුද්ධ යුධ අපරාධයන්ට විරැද්ධව ඔවුන් බේරා ගැනීමට තටමන්නේ කෙ​සේද? එවැනි උත්සහයන් මැදමුලන පන්නයේ උත්සහයන්ම පමණි. ඔබ පළදින ටයිකෝට සහ මිනීමරුවන් බේරීමට දරන උත්සහය එකිනෙකට නොගැළපෙන එළහරක් මීහරක් ස්රූපයක් ගෙන ඇත. ඔබ තවදුරට එමග යන්නේනම්, අප ඔබට කියන්නේ රාජපක්ෂලාගෙන් කුරහන් සාටකයන් ණයට ඉල්ලාගෙන එය ඇදගෙන ඉහත උත්සහ දරන ලෙසයි.

එසේම මංගල, තවත් එකක් මතක්කරන්නට කැමැත්තෙමු. දෙමළ සහ මුස්ලිම් ජනයාගේ ඡන්දය නොලැබෙන්නට ඔබට විදෙස් කටයුතු ඇමති වන්නට නොලබෙනවා සේම ඔබගේ යහපාලන ආණ්ඩු​වද නැත. මිනිමරු රාජපක්ෂලා මැතිවරණය ජයග්‍රහණය කළේ නම්, ඊනියා සිංහල-බෞද්ධ අන්තවාදීන් සහ රාජපක්ෂලා මේ වනවිට ඔබ ඇතුලු කණ්ඩායම වළපල්ලට දමා හෝ සිරගත කර අවසානය.

මංගල, එම නිසා ඔබ ඇතුලු පිරිස මරණයෙන් ගලවාගෙන අභය දානය ලබා දී ඇත්තේ දෙමළ ජනයා විසිනි. එම නිසා ඔවුන්ට සාධාරණය යුක්තිය ඉටුකිරීමට ඔබට වගකීමක් තිබේ.එ​සේ නොමැතිව ඔබ ඈතුලු පිරිස මරණයෙන් ගලවාගත් දෙමළ ජනයා නැවත නැවතත් රවටා දේශපාලන ටොපි දීම අතිශය භයානක ප්‍රතිපල අනාගතයේදී අත්විදීමට සිදුවන බවද අප මේ මොහො​ෙත් ඉතා අවධාරණයෙන් මතක්කර සිටිමු.

මංගල, තම අතුරුදහන් වූ ආදරණීයයන් ඉල්ලා සිටි​ ජෙයකුමාරි ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන වසරකට ආසන්න කාලයක් රදවාගෙන සිටී. ඔබට එය ​නොපෙනේනට තරම් ඔබ දේශපාලනිකව අන්ධ වීද ?

දැන් ඔබට සිටගැනීමට මාර්ග දෙකක් තිබේ. ඉන් එකක් නම් රාජපක්ෂ මිනීමරුවන් බේරාගැනීමට ලෝ පුරා යමින් ඔබ සිටගෙන සිටින්නේ මිනීමරුවන් සමග බව සහ ජෙයකුමාරි ඇතුලු රදවාගෙන සිටින අපගේ දෙමළ සහෝදරයන් නිදහස් කිරීමට මැදිහත් වී රාජපක්ෂ මිනීමරුවන් ආරක්ෂා නොකර ඔබ සිටින්නේ අප සමගද බව තෝරා ගැනීමට කාලය පැමිණ තිබේ.

අවසානයේ අප ඔබට ලෙනින්ගේ සටහනක් උපුටා තබන්නෙමු.

මහත්වරුනි, ඔබට ඌරන් සමග ඕනෑම මඩවගුරක ලැගීමට ශුද්ධ වූ අයිතියක් තිබේ. නමුත් කරුණාකර අපගේ දෑත් අතහරින්න.

L-M-G


lankanewsweb

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us