මෝදිගේ පැමිණීම ගැන රජිව්ට ගහපු රෝහණ කියන කතාව

Published in පුවත්
Tuesday, 10 March 2015 14:43

නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන්නේ හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කළ ආකාරයේ අරමුණකින් නොවන බව රජීව් ගාන්ධි මහතාට පහර දුන් හිටපු නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි මහතා කියා සිටියි.

ඒ මහතා ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායනය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කරන ලද්දේ තමන් ඉන්දීය අගමැති මෝදි මහතාට ඉතා ප්‍රිය කරන බවත් ඔහු ඉතා හොඳ මනුෂයෙක් බවත් ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයට කිසිදු අකමැත්තක් නොමැති බවත් ය.

400x262-images-stories-feb2015-Vijitha3

1987 ජූලි මස 30 වැනි දින මුළු ලොවේම නෙත් මෙරට වෙත යොමු වූ අවස්ථාවක් විය. ඒ ‘ඉන්දු - ලංකා ගිවිසුම’ අත්සන් කිරීමට දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි වෙත, නාවික හමුදාවේ බලනැවි විජිත රෝහණ විජේමුණි විසින් රයිපල් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙනි.

1987 ජූලි මස 29 වැනි දා එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා හා රජීව් ගාන්ධි මහතා අතර මෙම ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබිණ. ගිවිසුම අත්සන් කර පෙරළා ඉන්දියාවට යාමට මත්තෙන් රජීව් ගාන්ධි වෙත සමුදීමේ ප්‍රභූ උත්තමාචාර උත්සවය ජනාධිපති මන්දිරය අබියසදී පැවැත්වුණි. මෙම සමුදීමේ උත්තමාචාර අවස්ථාවට සහභාගි වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණ්ඩායමකි. රජීව් ගාන්ධි අගමැතිවරයා වෙත රයිපල් ප්‍රහාරය එල්ල වූයේ එම අවස්ථාවේදීය.

399x260-images-stories-feb2015-Vijitha5

මීට වසර 27කට පමණ ඉහත දී සිදු වූ එම අවස්ථාව යළි සිහිපත් කරමින් විජිත රෝහණ මහතා සඳහන් කරන ලද්දේ තමන් රජිව් ගාන්ධි අගමැතිවරයාට එලෙස ප්‍රහාරයක් එල්ල කලේ ඔසු සමඟ පැවැති තදබල වෛරය හේතුවෙන් බවයි.

ඔහු ඊට හේතු පැහැදිලි කරමින් කියා සිටියේ “1987 ජුනි 03 වැනිදා ඉන්දීය මුහුදු යාත්‍රා සහනාධාර රැගෙන ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කිරීමට තැත් කළා. ඒ ගැන ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුනට අනතුරු අඟවනු ලැබුවා. ඉන් පසු ඉන්දීය මුහුදු යාත්‍රා පෙරළා සිය රටටම යාත්‍රා කළා.“

“ජුනි 04 වැනිදා ඉන්දීය ගුවන් යානා ඇවිත් යාපනයට හාල්, පරිප්පු, සීනි, ලුණු උඩින් දැම්මා. ඔවුන් ඒක කලේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් ද උල්ලංඝණය කරමින්. මේ සියල්ලම මම බලාගෙන හිටියා. වඩමාරච්චි මෙහෙයුම හදිසියේම නතර කළා. ජයග්‍රහණය පෙනි පෙනී මෙහෙයුම නතර කළේ. එසේම මේ හේතුවෙන් අපේ තරුණයින් 28,000කට පමණ ජීවිත අහිමි වුණා. පුදුම කලකිරීමක් මගේ හිතට ඇතිවුණේ හැම සෙබළෙක්ම වගේ හිටියේ ලොකු කනස්සල්ලකින්“

ඒ අනුව තමා දැඩි වෛරයකින් මෙම ප්‍රහාරය හිටපු ඉන්දීය අගමැතිවරයාට එල්ල කළ බව විජිත රෝහණ මහතා සිහිපත් කළේය. මේ ප්‍රහාරය සිදු කරනු ලබන විට විජිත මහතාගේ වයස අවුරුදු 22කි.

ඉන් පසු සිර භාරයට පත්වන විජිත එහිදී ‍ජ්‍යොතීර්වේදය ප්‍රගුණ කර මේවන විට ජ්‍යොතීර්වේදියෙකු ලෙස කටයුතු කරනු ලැබේ.

කෙසේ නමුත් ඔහු, ඉන්දීය වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, මෝදි මහතා යුක්තිගරුක මනුෂයෙක් ලෙස හැදින්විය හැකි බවයි. ඔහු රජිව් මෙන් බලයෙන් මුසපත් වූ නායකයෙක් නොවන බවත් අනෙක් රටවල ඒකීය භාවය, ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නායකයෙක් බවත් විජිත රෝහණ මහතා කියාසිටියි.

එසේම මෝදි අගමැතිවරයා වෘශ්චික ලග්න හිමියෙකි. එම ලග්න හිමියන් කෙලින් කතා කරන කෙලින් වැඩකරන අය බවද විජිත රෝහණ මහතා සිය ජ්‍යොතීර්වේදී දැනුම ඔස්සේ ද පැහැදිලි කළේය. තමන් මීට පෙර 2013 වසරේ දී ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් නරේන්ද්‍ර මෝදි මහතා අගමැති වීමේ අනාවැකියත්, එවකට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට හැකියාව නොලැබෙන බවත් මුල්වරට හෙළි කළ බව පැවසීය.

400x245-images-stories-feb2015-Vijitha4

කුමන රටක රාජ්‍ය නායකයෙක් පැමිණියද ඔහු සමඟ රටට අහිතකර අන්දමේ ගිවිසුම්වලට යාමෙන් වැළකී සිටීමේ වැදගත්කම ද විජිත රෝහණ මහතා අවධාරණය කළේය. අප රට නිදහස් රටක් බවත් එයට බලපෑම් කිරීමට කිසිදු රාජ්‍ය නායකයෙකුට සදාචාර අයිතියක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසන ලදි.

රජිව් ගාන්ධි අගමැතිවරයාට රයිපල් ප්‍රහාරය එල්ලවන දර්ශන රාමුවක් . . . .

ලංකාපුවත්

 

Last modified on Tuesday, 10 March 2015 14:45

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us