No Fire Zone මෙරට ජනතාවට පෙන්විය යුතුයි !

Published in පුවත්
Wednesday, 11 March 2015 14:59

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ වැඩසටහන් නිශ්පාදකයකු වන කැලම් මැකරේ මහතා නිශ්පාදනය කළ No Fire Zone - The Killing Fields of Sri lanka සම්මානනීය වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත පසුගිය 10 වන දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවේ කාමර අංක 21 හී ප්‍රදර්ශනය කරනු ලැබුවේය.

මෙම සිංහල චිත්‍රපටය මෙරට පෙන්වීම සඳහා අවසර දෙන මෙන් එහි අධ්‍යක්ෂක වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. ඊට ඔහු දැක්වූ ප්‍රතිචාරය පැහැදිලි නැතත් ඒ වැදගත් කොට සලකණු ඇතැයි කලපනා කළ හැකි නොවේ. මන්ද වත්මන් ආණ්ඩුවද යුධ ජයග්‍රහණයෙන් මල් වෙඩි සංදර්ශන වලින් ඇස් නිලකාර කරගත්තවූවන්ගෙන් ගහන බැවිනි. යුධ අපරාධ චෝදනා මඟ හැරෙන්නේ දෙමළ දේශපාලන සිරකරුවන්ට සාධාරණය ඉ‍ටු වීම පමාවෙන්නෙ එබැවිනි.

ඒ එසේ වෙද්දී ශ්‍රී ලංකාවේ වූ සිවිල් යුධ තත්වය තුල උතුරේ දෙමළ ජාතික සිවිල් පුරවැසියන්ට මුහුණ පාන්නට වූ ඛේදජනක තත්වය අල්ලා මේ වාර්තා චිත්‍රපටය නිර්මාණය වී තිබේ. මෙහි ඉංග්‍රීසි පිටපත ද දෙමළ පිටපත ද මීට පෙර නිකුත් වූ අතර මේ සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක්ද ඇති විය.

කෙසේ නමුත් මෙම සිංහල චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනයට ඉඩ දිය යුතු නැතැයි කියමින් රාජපක්ෂ යුගයේ කුළියට දේශප්‍රේමීන් වූ කිහිප දෙනෙකු යළිත් කෙඳිරි ගානට පටන් ගෙන තිබේ. එමෙන්ම තමන්ගේ පුවත් වෙබ් අඩවි ජනප්‍රිය කර ගැනීමට නම් දැන් හුදු ආණ්ඩු විරෝධීන් වියයුතු යැයි කල්පනා කරමින් අසත්‍ය පුවත් නිර්මාණය කිරීමත් හා රාජපක්ෂ හිතවාදී බව පෙන්වීම කළ යුතු බවත් කල්පනා කරන ඇතැමුන්ද යළි රට අවුලන ජාතිවාදී පුවත් නිර්මාණය කරන වුන්ද මෙම විඩියෝව ප්‍රදර්ශනය නොකළ යුතු බවට මත පළ කරමින් තිබේ.

අප දැක්කේ රාජපක්ෂලා රූපවාහිනියෙන් පෙන්වූ යුද්ධය පමණී. රාජපක්ෂලා යුධ විරුවන් යැයි කීවේ රුපවාහිනියෙනි. යුද්ධය මහා ජයග්‍රහණයක් වූයේ රූපවහිනියෙනි. එහෙත් ඇත්ත නම් උතුරේ දෙමළ ජනතාව යුද්ධයට පෙරත් යුධ සමයේදීත් ඉන් පසුව තවමත් පීඩාවට පත්ව සිටින බව පමණකි. මැකරේ, කියන්නට උත්සහ ගන්නේ ඒ අප නොදන්න කතාවය. එහෙත් ඒ පීඩිතයාගේ හඬිනි. අපට ඊට සවන් දිය නොහැකි නම් ඒ ඉවසිය නොහැකි නම් එහි වරද මැකරේගේ හෝ ඒ පීඩිතයාගේ හෝ නොවේ.

මේ විරෝධය එන්නේ අප තුල පැලපදියම්ව ඇති ජාතිවාදී පීඩකයාගේ වර්ග සංහාරක ම්ලෙච්ඡ වුවමනාවේ කොටසක් ලෙස නිසා මිස උත්කර්ෂයට නංවන මහා සිංහලකම හෝ බෞද්ධකම හෝ දෙදහස් පන්සීයේ ශ්‍රේෂ්ඨ සංස්කෘතිය අනුව නොවේ. අඩුම තරමේ පීඩාවට පත්වූ එකාගේ හඬට හෝ කන්දීමට තරම් මනුස්සකමක් හෝ අප තුල නොමැතිකමින් නිසා බවද පැහැදිලිය.

මෙම චිත්‍රපටය මෙරට ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් මඟින් විකාශය කරන්නේ නම් මේ ගැටළුව සම්බන්ධයෙන් ඇති බොහෝ අනවබෝධයන් නිරාකරණය කර ගැනීමටත් සාදනීය සංවාදයක් ගොඩ නැගීමටත් හේතු වනු ඇත. ගෝත්‍රවාදී ලෙස කල්පනා කිරීම වෙනුවට ඊට වඩා පුළුල්ව සිතීමක් සහිත මිනිසුන් සමඟ ප්‍රශ්න විසඳා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී රජයකට පහසු වනුද ඇත.

සැබැඳි පුවත්:

කැලම් මැකරේගෙන් නියම වැඩක්. NO FIRE ZONE සිංහලෙන්

යුක්තිය සෙවීම සම්බන්ධයෙන් සිංහල ජනයාගේ භූමිකාව වැදගත් - කැලම් මැක්රේ


නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත ශ්‍රී ලංකාවේ විකාශය කිරීම අවහිර නොකරන මෙන් එහි නිෂ්පාදක කැලම් මැක්රේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටි අවස්ථාව

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us