මහින්ද සැලසුම් කළේ මගේ මුළු පවුලම විනාශ කරන්න - ජනපති (bbc සාකච්ඡාවේ දෙවැනි කොටස)

Published in පුවත්
Thursday, 12 March 2015 22:50

තමාගේ සහ සිය දරුවන්ගේ ආරක්ෂාව පිණිස ජනපතිවරණ දින රාත්‍රිය ගත කළේ කුරුණෑගල සිය මිතුරෙකුගේ නිවසේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ලන්ඩන් නුවර දී බීබීසී සංදේශය වෙනුවෙන් ලබා දුන් විශේෂ සාකච්ඡාවක දීයි.

තමා ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම් තමා සිර භාරයට ගැනීමටත් සිය පවුලම විනාශ කිරීමටත් සැලසුම් කර තිබූ බවයි බීබීසීයේ සරෝජ් පතිරණ සමඟ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ.

‘මැතිවරණ ප්‍රතිඵලය අනික් පැත්තට ගියා නම් මගේ දරුවන් සහ මම මේ වන විට ජීවතුන් අතර ඉන්නවා දන්නෙත් නැහැ. ඒක තමයි මහින්ද රාජපක්‍ෂලාගේ ප්‍රජාතන්ත්‍රවාදය. මං ඒක හොඳට දන්නවා. දැන් ඔය කවුරුත් අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. හැබැයි ඒ අය දිනලා මම පරාජය වුනා නම් මෙලහට කී දෙනෙක් මරලද, කී දෙනෙකුගේ අතපය කඩලද, කී දෙනෙක් හිරේ ගිහිල්ලද, කී දෙනෙක්ව රස්සා වලින් දොට්ට දාලද කියල අපි දන්නවා. පැහැදිලිවම ඒ අය සැළසුම් කරලා තිබුණේ මං පරාජය වුනා නම් අපේ මුළු පවුලක් පිටින් සිර භාරයට ගන්න, විනාශ කරන්න.’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ව්‍යවස්ථා සංශෝධනය

දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව තමාගේ කිසිදු කැමැත්තක් නොමැති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.

‘18 වැනි සංශෝධනය හදිසි පනතක් ලෙස ගේන කොට එදා විපක්ෂයේ සිටි හැමෝම ඇහුවා ඇයි මේක හදිසියේ ගේන්නේ කියල. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් හැටියට ගේන්න ඕන නැහැ. ඒකට මමත් එකඟ නැහැ. මොකක්ද තියෙන හදිස්සිය. ඒක අපිට දින සියය ඇතුළත කරන්න පුළුවන්.’

‘මැතිවරණ ක්‍රමය එකක්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තව එකක්. මේ දෙකම යන්නේ පනත් දෙකක් විදියටනේ. ඒ නිසා මම 16 වැනිදා මැතිවරණ කොමසාරිස්වරයා සහ පක්‍ෂ නායකයන් ඇතුළු ආයතන ප්‍රධානීන් රැස්වීමක් සඳහා කැඳවා තිබෙනවා. ඒ සාකච්ඡා තුළ ලැබෙන තොරතුරු මත ඉදිරි කටයුතු තීරණය කරනවා.’ ජනාධිපතිවරයා පැවසීය.

විධායක බලතල

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව බීබීසීය කළ විමසීමට ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

‘ජනාධිපති ධූරය අහෝසි කරනවද එහි බලතල අවම කරනවද කියන කරුණුත් තවම සංවාදයක තියෙන්නේ. මැතිවරණයේදී අපි පැහැදිලිවම කියල තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ අසීමිත බලතල ඉවත් කරනවා කියලයි. මේ ධූරය අහෝසි කරනවා කියලත් අපි කියල නැහැ.’
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය හිටපු ජනාධිපතිවරයාට ලබා දෙන ලෙසට කිසිවෙකු තවම තමාගෙන් ඉල්ලීමක් කර නැති බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ.

මහින්ද රාජපක්‍ෂ

එහෙම ඉල්ලීමක් හෝ යෝජනාවක් ආවොත් එදාට මං දෙන්න ඕන උත්තරේ දෙනවා.’ ඔහු තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘හදවත’ තමා බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කර ඇති ප්‍රකාශය පිළිබඳව බීබීසීය කළ විමසීමට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියා සිටියේ පක්ෂයේ හදවත ජනතාව බවයි.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදවත, මොළය ජනතාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෝ. ඒක තමා මගේ මිණුම් දණ්ඩ. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.’ ජනාධිපතිවරයා පැවසීය.
ඉදිරි මැතිවරණයේ දී ශ්‍රීලනිපයේ සභාපති ලෙස තමා සතු වගකීම් ඉටු කළ යුතුව පවතින නමුත් ජනාධිපති තනතුරට පත් වීමට එජාපය කළ කැප කිරීම් අමතක නොකරන බවයි ඔහු කියා සිටියේ.

මුල් කොටස :යුද අපරාධ විමර්ෂණ විශේෂ කමිටුව මසක් ඇතුලත

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us