මෝදි අද අනුරාධපුරයට

Published in පුවත්
Saturday, 14 March 2015 09:27

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (14)අනුරාධපුරය, තෙලයිමන්නාරම සහ යාපනයේ සංචාරයක නිරතවේ. මෙම සංචාරයේදී අනුරාධපුර රුවන්වැලි මහසෑය සහ ජය ශ‍්‍රී මහබෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට අග‍්‍රාමාත්‍යවරයා අපේක්‍ෂා කරයි. තලෙයිමන්නාරමේ දී, තලෙයිමන්නාරම - මැදවච්චිය දුම්රිය මාර්ගයේ තලෙයිමන්නාරම සිට මඩු දක්වා කොටස විවෘත කිරීමට අග‍්‍රාමාත්‍යවරයා සුදානමින් සිටී.

යාපනය පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම ද ඔහුගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරෙනු ඇත. යාපනයේ කෙරෙන මෙම සංචාරයේ දී එහි සැබෑ තත්ත්වය සියැසින්ම දැක බලා ගැනීමට ද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට හැකිවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

මේ අතර කොළඹ සහ අවට ප‍්‍රදේශ කිහිපයක අදත් විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ක‍්‍රියාත්මකයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වුවා පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා.

පෙරවරු 8.15 සිට 8.45 දක්වා ද පස්වරු 3.15 සිට 4.30 දක්වාද ගාලු මෝදර ඉදිරිපිට ගාලු පාර,NFA වටරවුම, ලෝටස් පාර, සෙරමික් හන්දිය, රීගල් වටරවුම,චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත, කොම්පඤ්ඤ විදිය පොලිස් ස්ථානය ඉදිරිපිට වටරවුම දක්වාද එමෙන්ම පස්වරු 6.15 සිට 6.45 දක්වා ගාලුමෝදර ඉදිරිපිට ගාලු පාර, කොල්ලුපිටිය, ධර්මපාල මාවත, ලිබර්ඩි වටරවුම, ආර්.ඒ.ද මැල් මාවත, තර්ස්ටන් පාර ඔස්සේ ඉන්දියන් නිල නිවාසය දක්වා විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණු අග‍්‍රාමාත්‍යවරයා ද්විපාර්ශ්වික ගිවිසුම් 04ක් අත්සන් තැබීමේ අවස්ථාවට ද සහභාගි වුයේය. නරේන්ද්‍ර මෝදි මහතා ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද මුණ ගැසුණු අතර ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප‍්‍රකාශයක් ද කළේය. ශ්‍රී ලංකාව ලබන දියුණුව ඉන්දියාවේ ප්‍රබෝධයට හේතු වෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us