19න් විධායක ක්‍රමය අහෝසිවෙන්නෑ(audio)

Published in පුවත්
Thursday, 19 March 2015 15:29

19 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතක් ලෙස ප්‍රකාශයට පත්කිරීම තුළ එමගින් ඔහු බලයට ගෙන ආ පුරවැසියන්ව කොතෙක් දුරට ආමන්ත්‍රණය කර තිබේද යන්න පිළිබද අර්බුධයක් බවතින බව ගාමිණී වියන්ගොඩ මහතා සදහන් කළේය. ඔහු මේ අදහස් දැක්වූයේ අද (19) පුරවැසි බලය සංවිධානය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒකාධිපති පාලනය අහෝසි කොට ඉමහත් බලාපොරොත්තු සහගතව මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති ධූරයට පත්කරගනු ලැබුවේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම යන ප්‍රධාන මැතිවරණ පොරොන්දුවද කේන්ද්‍රකර ගනිමින් බව ඔහු පැවසුවේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විධායක බලය අත්තනෝමතික ලෙස භාවිතා කරමින් 78 ව්‍යවස්ථාව නම් රාක්ෂයාව 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑමින් තවතවත් බලවත් කළ බවත් ඔහු පැවසුවේය. මෙහි පීඩාව සමස්ත සමාජයටම දැනුණ බැවින් යහපාලන සංකල්පය පෙරදැරිකර ගෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව බලයට ගෙන ආ බවත් ඔහු පැවසුවේය.‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපති ධූරය මගින් ඡන්දයෙන් පත්වන පාර්ලිමේන්තුව මඩිනවානම් එහි ජනතා පරමාධිපත්‍යක් ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍නොමැති බවත් ඡන්දයෙන් පත්වූ 225 ක් රූකඩ බවට පත්වූ ආකාරය පසුගිය ආණ්ඩුව‍‍‍‍‍‍‍‍‍‍ යට‍තේ අත්දුටු බවත් ඔහු පැවසුවේය.

19 හි යම් යම් සාධනීය අංග ඇතත් ඒ හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම යන මූලික කාරණය ඉටුනොවී ඇති බව හෙතෙම අවධාරණය කළේය.ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයාත් ආණ්ඩුවේ නායකයාත් වීම භයානක තත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙහිදී අදහස් දක්වමින් ජේ.සී වැලිඅමුණ මහතා පැවසුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය තවමත් පනත් කෙටුම්පතක් ලෙස පවතින බැවින් තවමත් එය සංශෝධනය සදහා අවස්ථාව පවතින බවයි.ඒ නිසා අනිවාර්යයෙන්ම මෙම තත්වය වෙනස් කර ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා ලෙසත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ නායකයාත් ලෙස වෙන් වෙන් බල කේන්ද්‍ර දෙකක් විය යුතු බවයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා පිරිසක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉඩ නොදෙන තත්වයක් පවතින බවත් මෙම තත්වයන් පරාජය කර මෙම වෙනස්කම සිදු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

මෙහිදී අදහස් දක්වමින් ජයතිලක කම්මැල්ලවීර මහතා පැවසූයේ අවු 37 කට පසුව ලැබුණු මෙම අවස්ථාව තුළ විධායක ජනාධිපති ධුරය අහොසිකිරීම සදහා පියවරක් තැබිය යුතු බවයි.එසේ සිදු නොවුන හොත් ජනතාව සමග එක්වූ ක්‍රියාමාර්ගයකට එළඹිය යුතු බව ඔහු පැවසුවේය.


මෙහිදී අදහස් දක්වමින් සරත් විජේසුරිය මහතා පැවසූයේ දේශපාලඥයන් පිරිසක් තම පෞද්ගලික න්‍යායපත්‍ර මුල්කර ගනිමින් කටයුතු කරන බවත් ජනතා පරමාධිපත්‍ය අවභාවිත කරන දේශපාලඥයන් ප්‍රතික්ෂේපකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එරෙහිව කටයුතු කිරීම ජනතාවට කරන බරපතල අශීලාචාර කුමන්ත්‍රණයක් බව ධර්මසිරි බණ්ඩාරනායක මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේය.

මේ අවස්ථාවට පුරවැසිබලය සංවිධානය රයිට්ස් සංවිධානය සහ තවත් සංවිධාන කිහිපයක්ම සහභාගී වූහ.

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

J.C.-Waliamuna

Jayathilaka-Gammalweera

Darmasiri-BandaranayakeSarath-Wijesuuriya

Sudarshana Gunawardhana

{soundcloud}https://soundcloud.com/lankadaily/purawasi-balaya{/soundcloud}

Last modified on Thursday, 19 March 2015 20:12

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us