මහින්දට වැඩි ආරක්ෂාවක්. හිටපු අගමැතිවරුන්ට වාසියක්

Published in පුවත්
Tuesday, 24 March 2015 15:03

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයට සපයා තිබු ආරක්ෂක රථ කිහිපයක් පසුගියදා ආරක්ෂක ලේකම් වරයා විසින් නැවත ලබා ගෙන තිබීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ විසින් බරපතල චෝදනාවක් කරමින් ආණ්ඩුව කොටි නිදහස් කරන බවත් තමාගේ ආරක්ෂාව ඉවත් කරන බවත් පැවැසීය. එමඟින් ආණ්ඩුව එල්ටීටීඊය ලවා තමාව ඝාතන කරවීමට ඉඩ සලසා දෙන බවක් වක්‍රාකාරයෙන් පවසනු ලැබීය.

කෙසේ නමුත් අද දින (24) කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා, මහින්ද රාජපක්ෂය සපයා තිබෙන අධි ආරක්ෂාව ගැන කරුණු හෙළි කළේය.

ඒ අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාරව විශ්‍රාමික ජනාධිපතිවරයකුට ලැබෙන ආරක්ෂාවට වඩා වැඩි ආරක්ෂාවක් රාජපක්ෂ මහතා වෙත ලැබී තිබේ.

වෙඩි නොවදින නිල වාහන 2 යි. එම වාහන අනුරු (ඩමි) වාහන 1 යි, ඩිෆෙන්ඩර් 1යි, ලැන්ඩ්කෲෂර් 2යි, ඩබල් කැබ් 4යි, බස් රථ 1යි, වෑන් 1යි, යතුරුපැදි 3 යි, හමුදා නිළධාරීන් 108 පොලිස් නිළධාරීන් 105 යි, හිටපු ජනාධිපතිවරයා සිය ආරක්ෂාව වෙනුවෙන් යොදා ගනී. වාහන සඳහා ඉන්ධන ලබා දීම රජය විසින් සිදු කරයි.

මිට පෙර ඩිෆෙන්ඩර් රථ විශාල ප්‍රමාණයක් සහිතව වාහන 40 කට ආසන්න ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ තනතුර හැරදා යන විට ‍රැගෙන ගොස් තිබිණි. ඒ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ අත්සනින්ය. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා රජයේ ප්‍රධානින්ගේ ආරක්ෂාවට සුදුසු වාහන හිඟ කමින් මේ වාහන විශාල ප්‍රමාණයක් නැවත ගෙන්වා ගනු ලැබ තිබේ.


එහෙත් එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකටද ලක්ව එම තර්ජනයට මුහුණ පා සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට මහින්ද රාජපක්ෂ යුගයේදී ලැබී තිබුණේ
පොලිස් අධිකාරිවරයකු ප්‍රධාන පොලිස් නිළධාරීන් 68 ක්, යුද හමුදා කපිතාන්වරයකු සහ හමුදා භටයන් 12 දෙනෙකු සහිත 80 දෙනෙකුගේ ආරක්ෂාවය. පසුව එයද අඩුකරනු ලැබූ අතර නිල රථයක් ආරක්ෂක රථයක් හා රියැදුරන් තිදෙනෙකු බවට ඒ ලඝු විය.සිය ආරක්ෂාව වෙනුවෙන් අධිකරණයට යෑමටද බණ්ඩාරනායක මහත්මියට සිදුවිය.

මේ අතර අද රාජිත සෙනාරත්න මහතා දැනුම් දුන්නේ හිටපු අගමැතිවරුන් වෙනුවෙන් රුපියල් 25000ක සංග්‍රහ දීමනාවක්ද නිලවාහනයක් හා රියැදුරෙක් හා ඉන්ධන රජයෙන් ලබා දෙන බවය.


විශ්‍රාමික ජනධිපතිවරයකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන වරප්‍රසාද මෙසේය,

විශ්‍රාම ගන්නා ජනාධිපතිවරයෙකුට තම ජීවිත කාලය පුරාම පෙර දැරූ රාජ්‍ය නායකත්වයේ අභිමානය රැකෙන පරිදි විශ්‍රාම කාලය ගත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉඩ සලසා ඇත.

ඒ අනුව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි වරප්‍රසාද හිමි වන්නේය.

තම අභිමතය පරිදි නිල නිවසක් ලබා ගැනීමට හෝ පෞද්ගලික නිවසක් භාවිත කිරීමට විශ්‍රාම ලැබූ ජනාධිපතිවරයෙකුට හැකිය.

කැබිනට් අමාත්‍යවරයෙකුට ලබා දෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමිවිය යුතුය.

කෙසේවුවද ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට ඇති තර්ජනවල ස්වභාවය අනුව ආරක්ෂාව අඩු - වැඩි විය හැකිය. විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට මිහිවන්නේ විශ්‍රාමික දීමනාවකි.

මෙකල එම දීමනාව රුපියල් අනූහත් දහස් පන්සීයකි.

නිල කාර්යාලයක් සහ කාර්ය මණ්ඩලයක් ද හිමි වේ.

නිල රථ හා ආරක්ෂක රථ හිමි අතර ඉන්ධන දීමනාවටද හිමිකම් කියනු ලැබේ.

නිල රථය ලෙස හිමි වන්නේ වෙඩි නොවදින රථයකි.

විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට සිය නිල කාලයේදී මෙන් ගමන් යාම සඳහා හෙලිකොප්ටර් ලැබෙන්නේ නැත.

ඇයට හෝ ඔහුට හෙලිකොප්ටරයක් අවශ්‍ය නම් ඒ සඳහා ගුවන් හමුදාවට මුදල් ගෙවිය යුතුය.

හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස විදේශ සංචාරයකට ආරාධනා ලැබුණහොත් ඒ සඳහා අවශ්‍ය දීමනාද විශ්‍රාමික ජනාධිපතිවරයාට හිමිය.

රාජ්‍ය උත්සව අවස්ථාවක අසුන් පැනවීමේදී එම වකවානුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අසුන් පනවනු ලැබේ.

වසර 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන පරිච්ජේදයේ තිස් පස්වන වගන්තියට අනුව ජනාධිපති ධුරය දරන ලද කාලයේ කරන ලද කිසියම් හෝ වරදකට ඔහුට හෝ ඇයට නඩු පැවරිය නොහැක.

ජනාධිපති ධුරය දරද්දී හෝ විශ්‍රාම ලැබූ පසු ඔහු හෝ ඇය මිය ගියේ නම් වැන්දඹුවට විශ්‍රාම දීමනාවෙන් තුනෙන් දෙකක් සහ කාර්යාලය, කාර්ය මණ්ඩලය හැර විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි සියලු වරප්‍රසාද හිමිය.

වසර 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙසේ විධි විධාන පනවා ඇත්තේ විශ්‍රාම ලැබූ ජනාධිපතිවරයෙකුගේ අභිමානය ආරක්ෂා කිරීමටය.

කෙසේ නමුදු ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා කීවේ තමා විශ්‍රාම ගිය දිනයක මැදමුලන නිවසට ගොස් විශ්‍රාම සුව විඳීමට තමා මනාප බවය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නම් විශ්‍රාම දිවිය ගත කිරීමට අත්තනගල්‍ලේ හොරගොල්ල වලව්වට නොගියාය.

ඒ ආරක්ෂක හේතුන් මතය.

ඇය සිය නිල නිවස ලෙස තෝරා ගත්තේ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ පිහිටි නිවසකි.

ඇයට ‍පොලිස් අධිකාරීවරයෙකු ඇතුළුව ආරක්ෂක නිලධාරීන් 80 ආරක්ෂාවක් ලබා දී තිබිණි.

ඒ පිරිසට ඇය ධුරය දැරූ කාලයේ සේවයේ සිටි විශ්වාසවන්ත නිලධාරීන් පිරිසක් අයත් වූහ.

මේ ආකාරයෙන්ම ආරක්ෂාවක් ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන හා ඩී.බි.විජේතුංග ජනාධිපතිවරු විශ්‍රාම ගිය අවස්ථාවේ ලැබිණි.

නමුත් පසුකාලීනව ඔවුහු තම ආරක්ෂාව නිලධාරීන් සුළු පිරිසකට සීමා කර ගත්හ.

ජේ.ආර්. ජයවර්ධන මහතා රජයේ නිල නිවසක් ලබා නොගත්තේය.

ජීවත් වූයේ වෝඩ් පෙදෙසේ පිහිටි සිය පෞද්ගලික නිවස වූ බ්‍රිමාර් මැදුරේය.

ජනපති ධුරය දැරූ කාලයේත් ඔහු පදිංචිවී සිටියේ රජගෙදර නොව බ්‍රිමාර් නිවසේය.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මිය ගිය පසු ඔහුගේ කාර්යාලය සහ කාර්ය මණ්ඩලය අහෝසි විය.

නමුත් ජයවර්ධන ආර්යාවට නිල රථයක් සහ ආරක්ෂාව ලබා දුනි.

ජනාධිපතිවරයෙකු මිය ගිය විට වැන්දඹු වූ තැනැත්තියට කාර්යාලය, කාර්ය මණ්ඩලය හැර අන් සියලු වරප්‍රසාද හිමිය.

ඝාතනයට ලක්වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියටද නිල නිවසත් ලබා දුන්නේය.

ඇයට නිල රථ හා ආරක්ෂාවද හිමි විය.

ඩී.බි.විජේතුංග මහතාගේ නිල නිවස සහ කාර්යාලය පිහිටා තිබුණේ කොළඹ 05 පැජට් පාරේය.

එම කාර්යාලයේ විසි දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සේවය කළේය. එහෙත් විජේතුංග ජනාධිපතිවරයා මෙම නිවසේ පදිංචි වී නොසිටියේය. ඔහු පදිංචිව සිටියේ තම ගම වූ පිළිමතලාවේ මහ ගෙදරය.

හිටපු ජනාධිපතිවරුන්ගේ කාර්යාල දෙපාර්තමේන්තුවකට සමානය.

කිසිදු අමාත්‍යාංශයක් මගින් පාලනය නොවන මෙම කාර්යාල සඳහා අවශ්‍ය මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලින් වෙන් කරයි. ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරි වසර තුළ කෙරෙන වියදම් එම කාර්යාලය මගින් ඇස්තමේන්තුගත කළ යුතුය.

 

 

Last modified on Tuesday, 24 March 2015 16:00

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us