මහින්දගේ KKS මන්දිරය පොදු මහජන වැඩට

Published in පුවත්
Tuesday, 24 March 2015 15:32

තවත් වසර 75ක් පමණ රටේ පාලන බලය රාජපක්ෂරුන් විසින්ම හෙබවීමේ බලාපොරොත්තුවෙන් යුතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කන්කසන්තුරේ ඉදිකරමින් පැවැති අති සුඛෝපභෝගී මන්දිරය පොදු මහජන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට රජය තීරණය කර තිබේ.

'උතුරු පළාත් ජාත්‍යන්තර සබදතා මධ්‍යස්ථානය' ලෙස මේවන විට හඳුන්වනු ලබන මෙම ගොඩනැගිල්ලේ ඉතිරි අත්‍යාවශ්‍ය වැඩකටයුතු හමාර කොට එය මහජන ප්‍රයෝජනය උදෙසා ලබාදිය යුතුය යන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ (23)අනුමත කළේය.

මෙය මෙය මහින්ද රජපක්ෂ පවුලේ පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් ඉදිවන බව පසුගිය සමයේ අනාවරණය විය. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මෙය ජනාධිපති මන්දිරයක් නොව ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බවය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවලට එන විදෙස් රාජ්‍ය නායකයින් හා දෙස් විදෙස් අමුත්තන්ගේ ප්‍රයෝජනය පිණිස ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ මෙය ඉදිකෙරුණු බව හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

මෙම කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවෙදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ පිහිනුම් තටාක දෙකක් සහිතව ඉදිවූ මෙය ජාත්‍යන්තර සබදතා මධ්‍යස්ථානයක් බව පැවසූවත් වෙනත් කිසිම රටක ඇති ජාත්‍යන්තර සබදතා මධ්‍යස්ථානයන්හි පිහිනුම් තටාක නොමැති බවත් එවැන්නක් ජාත්‍යන්තර සබදතා මධ්‍යස්ථානයක් වන්නේ කෙසේද යනුවෙනි.

මෙම මන්දිරය (උතුරු පළාත් ජාත්‍යන්තර සබදතා මධ්‍යස්ථානය) වර්ග අඩි 113,00 ක වපසරියක ඉදිවන අතර මෙම ගොඩනැගිලි සංකීර්ණයේ 70% ක පමණ වැඩ මේ වන විට නිමවී ඇත.මෙහි ඉදිකිරීම් සදහා අනුමත ඇස්තමේන්තුව රුපියල් මිලියන 1,587.8 වන අතර මේ දක්වා සිදු කර ඇති වියදම මිලියන 966.3 කි.

මෙහි අත්‍යාවශ්‍ය ඉතිරිවැඩ කොටස් පමණක් ඉංජිනේරු සැළසුම් අනුව අවසන් කර එම ගොඩනැගිලි සංකීර්ණය රාජ්‍ය, අර්ධ රාජ්‍ය හෝ වෙනත් සුදුසු ආයතනයකට පවරා මහජන ප්‍රයෝජනයට යොදා ගැනීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යපෘතියෙහි ඉදිරි කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යොජනාවටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us