free wifi නව ශ්‍රී ලංකාවක් කර යෑමේ අඩිතාලමයි(audio/photos)

Published in පුවත්
Monday, 30 March 2015 15:06

නව ශී‍්‍ර ලංකාවක් ඇති කිරීමේ මූලික පියවරක් ලෙස ලංකාවේ සෑම ප‍්‍රදේශයක්ම නිදහස් අන්තර්ජාල සේවාව(free wifi) මඟින් එකතු කරන බවට දින සියය යටතේ වූ පොරොන්දුව අද දින ඉටු කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වයි ෆයි කලාප පිහිටුවීමේ සමාරම්භක උළෙල අද (30) කොළඹ දී කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ අවස්ථාවේය.

අද දින උදාවී ඇති මෙම අවස්ථාව නව දේශපාලන සංස්කෘතියකට පාතබන ඓතිහාසික මොහොතක් බවත් මේ අනුව පේදුරු තුඩුවේ ජනතාවට මෙන්ම දෙවුන්දර තුඩුවේ ජනතාවටද මේ පහසු කම හිමිවන බවත් පැවසුවේය.

මේ අවස්ථාවට එක් වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා සිටියේ තොරතුරු තාක්ෂණ යුගයකට පිවිසීම උදෙසා වයිෆයි පහසුකම නොමිලේ ලබාදීමට පියවර ගත් බවයි.

විශේෂයෙන් තරුණ තරුණියන් ගැවසෙන ස්ථාන වලට මෙය ලබාදීම තුළින් නව පරපුරකට නව සන්නිවේදන මාර්ගයක් විවෘත කර දීම තුළින් නව පරපුර නැංවීම, අධ්‍යාපනය නැංවීමද අපේක්ෂා කරන බව පැවසුවේය.

මේ සදහා රුපියල් මිලියන 1000ක මුදලක් වැය වූ බවත් මෙය අනාගතය උදෙසා වටිනා ආයෝජනයක් ලෙස සලකන බවත් පැවසු අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ මෙම පහසුකමින් උපරිම ප‍්‍රයෝජන ලබා ගන්නා ලෙසයි.

ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

{soundcloud}https://soundcloud.com/lankadaily/mangala-samaraweera{/soundcloud}

DNP 9381

DNP 9387

DNP 9423

DNP 9425DNP 9450

DNP 9461

DNP 9476

DNP 9506

DNP 9515

 

DNP 9519

DNP 9547

DNP 9557

DNP 9571

DNP 9579

DNP 9595

DNP 94462

Last modified on Monday, 30 March 2015 15:42

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us