ගම්මන්පිල තනියම වීදි සටනක් දෙනවලු

Published in පුවත්
Tuesday, 31 March 2015 06:19

ජේ.ආර් හෝ චන්ද්‍රිකා මෙන්ම මහමැතිවරණ කල්දමන්න‍ට මේ ආණ්ඩුව විසින් කටයුතු කරනු ලැබුවහොත් වීදි සටන් කරන බව ඒක පුද්ගල පක්ෂයක නායකයකු වන එජනිස බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මේවන විට මහින්ද උණුසුම සිසිල් කිරීම සඳහා මැතිවරණය කල්දැමීමේ සැලසුම් සකස්කරමින් සිටින බව හෙතෙම කියා සිටියේ ඊයේ(30) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

කෙනෙක් මැරුණම 7 දවසේ දානෙ දෙන්නේ අඬ අඬා බවත්,3 මාසේ දානෙ දෙන්නේ මූණ එල්ලගෙන බවත්,අවුරුද්දෙ දානෙ දෙන්නේ හිනාවෙවී බවත් ඔහු සිහිපත් කළේය.

කෙසේ නමුත් ව්‍යවස්ථානූකුලව මහ මැතිවරණය පැවැත්වීමට ඇත්තේ ලබන වසරේ අප්‍රේල් මාසයෙන් පසුවය.පළාත්පාලන මැතිවරණය කල් දමනු ලැබුවේ එම මැතිවරණයට අදාල මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කටයුත්ත තවමත් නිසි පරිදි සිදුවීම ප්‍රමාදවීම හේතුවෙනි.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාව තමන්ට නො එසේ නම් බයියන් යනුවෙන් හැඳින්වෙන කණ්ඩායමට අමතක කළ නොහැකි බවට විසිළු සහගත කරුණු 4ක් ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.

පළමුවැනි කාරණය නම් එතුමා තාමත් ජනතාව හමුවෙමින්,අදහස් උදහස් බෙදාගනිමින් දේශපාලනය කිරීම බවත්,දෙවැන්න නම් මේ රජය දවසින් දවස තමන්ගේ නොහැකියාව පෙන්නුම් කරමින් සිටීම බවත් ඔහු අවධාරණය කළේය.

තෙවැනි කාරණය නම් ආණ්ඩුවේ ඉහළම තැන සිට පහලම උදවිය දක්වා පිරිස් රාජපක්ෂ මහතාට අභූත චෝදනා එල්ල කිරීම නිසා එතුමාගේ ජනප්‍රියත්වය හා එතුමා කෙරෙහිවන ජනතා ප්‍රසාදය තව තවත් වැඩිවීම බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ඒ නිසාම මහින්ද රාජපක්ෂ මහතාට ‍අභූත චෝදනා එල්ල කරන අයට ස්තූතිවන්ත වන බවද ඔහු කියා සිටියේය.

එසේම සිව් වන කාරණය නම් මහින්ද රාජපක්ෂ මහතා අමතක නොවන තැනට තමන් ඇතුළු විපක්ෂයේ පිරිස් දිගින් දිගටම ඔහු පිළිබඳ කතා කිරීම බව හෙතෙම අවධාරණය කළේය.

මේ අතර පළාත් සභා ක්‍රමයට එරෙහිව, බලය බෙද හැරීමට හා විමධ්‍යගත කිරීමටද එරෙහිව හඬ නඟන ගම්මන්පිල මහතා ඒ පළාත් සභා ක්‍රමය නිසා තමන් ලැබූ ජයග්‍රහණයක් ගැනද උදම් ඇණීම ගම්මන්පිලලාගේ කබරගොයා තලගොයා කර ගැනීමේ තක්කඩි දේශපාලනයට හොඳ උදාහරණයක් බව දේශපාලන විචාරකයෝ පවසති.

මේ මාධ්‍ය සාකච්ඡාවේදී පළාත් පාලන ආයතන හීලෑ නොවුණහොත් ඒවා කොමසාරිස්වරයෙකු යටතට පත්කිරීමට සූදානමක් තිබුණු බවත්,එසේ කරනු ලැබුවහොත් ඊට එරෙහිව උසාවි යන බවට තමන් ප්‍රතිචාර දැක්වූ බැවින් ඊට බියවී අවසානයේ තව ටික කාලයක් නිල කාලය කල්දැමූ බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූල බලය ඇත්තේ ප්‍රධාන අමාත්‍යවරයාට මිස මධ්‍යම රජයේ පළාත් පාලන ඇමතිවරයාට නොවන බවත්,මධ්‍යම රජයේ පළාත් පාලන ඇමතිවරයා නිකම් බෝඩ් ලෑල්ලක් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.

පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් නීති විරෝධී ලෙස පත්කරමින් ආ ගමන බස්නාහිර පළාතෙන් නතර කිරීමට තමන්ට හැකිවූ බවත්,ඒ අනුව තමාට බලයක් නැති වග මධ්‍යම රජයේ පළාත් පාලන ඇමතිවරයා විසින් පිළිගෙන තනතුර අතහැරිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Last modified on Tuesday, 31 March 2015 10:21

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us