බොදුබලේ මහලේකම් වෛරී සහගතයි

Published in පුවත්
Thursday, 24 July 2014 11:32

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ වෛරී සහගත ප්‍රකාශ හා සංකේත අන්තර්ගත බැවින් ෆේස් බුක් ගිණුම අහෝසි කිරීමට තීරණය කළ බව ෆේස් බුක් බලධාරීන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ෆේස් බුක් සමාගමේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝණය කරමින් ඥානසාර හිමියන්, සිය ෆේස් බුක් ගිණුම හරහා අන්තවාදී වෛරය පතුරුවාලීම පිළිබඳ බොහෝ දෙනා වාර්තා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද එකී නිවේදනයේ සඳහන්ය.

"අවස්ථා ගණනාවකදී තම ෆේස් බුක් ගිණුම්වලට යම් යම් අඬතෙට්ටම් කරමින් සිට අවසාන වශයෙන් එය මේවන විට සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට කටයුතු කර ඇති බව" මේ පිළිබඳ අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කර ඇත.

තමන්ගේ ෆේස් බුක් ගිණුම පමණක් නොව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වෙනත් රටවල සිට පවා ජාතිකවාදී පදනමකින් තමන් සමග කටයුතු කරන බොහෝ දෙනෙකුගේ ෆේස්බුක් ගිණුම් මේවන විට අත්හිටුවීමට ක්‍රියා කර ඇති බව ද ඥානසාර හිමියන් පවසයි.

උන්වහන්සේ අවධාරණය කර ඇත්තේ ලංකාවේ මෙන්ම විදේශයන්හි සිටද ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී සංවිධාන විසින් දිගින් දිගටම තමන්ට එරෙහිව ෆේස් බුක් බලධාරීන්ට කරන ලද වාර්තා කිරීම් හේතුවෙන් මෙලෙස තම ගිණුම් අක්‍රීය කර ඇති බවයි.

රට තුළ ජාතික හැඟීමෙන් කටයුතු කරන පුවත්පත් කර්තෘවරුන්ට, මාධ්‍යකරුවන්ට, මාධ්‍ය ආයතන හිමිකරුවන්ට ද මෙම මුස්ලිම් අන්තවාදීන් විසින් දිගින් දිගටම තර්ජන එල්ල කරන බවත්, ඒ නිසාම සත්‍යය තත්ත්වය ජනතාව හා බෙදාහදා ගනු ලැබුවේ ප්‍රධාන වශයෙන්ම සාමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස් බුක් මගින් බවත් ඥානසාර හිමියන් පෙන්වාදෙයි.

ෆේස් බුක් බලධාරීන් දන්වා ඇති පරිදි තමන් කිසිසේත්ම කිසිදු ජනවර්ගයකට හෝ ආගමකට එරෙහිව වෛරීය ප්‍රකාශ සිදුකිරීමක් හෝ ආගමික සංඥා පළකිරීමක් කර නොමැති බවත්, තමන් පෙනී සිටියේ අන්තවාදයට එරෙහිව බවත් උන්වහන්සේ සඳහන් කළේය.

ලෝක ධර්මයට අනුව මේවන විට ධර්මය යට ගොස් අධර්මය රජ කරන යුගයක් උදාවී ඇති බැවින් මෙවැනි අකටයුතුකම් සිදුවන බව ඥානසාර හිමියන් කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ෆේස් බුක් බලධාරීන්ට ඊ-මේල් පණිවිඩ මාර්ගයෙන් කරුණු දැක්වීමට තමන් විසින් දැනටමත් උපදෙස් ලබාදී ඇති බවත්, ඊට ප්‍රතිචාර දක්වමින් ඒ පිළිබඳව තව දුරටත් සොයාබලන බව එම බලධාරීන් විසින් දන්වා ඇති බවත් උන්වහන්සේ කියා සිටියේය.

තතු කෙසේ වුවද සයිබර් අවකාශය වාරණය කිරීමට හැකියාවක් නොමැති බැවින් වෙනත් උපාය උපක්‍රම මගින් තම මතය ජනතාව අතරට ගෙනයාමට දිගින් දිගටම කටයුතු කරන බවත්, මේ ආකාරයට ගියොත් අවිහිංසාවාදී සියලු සමාජයන්ට අබසරණම වන බවත් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

(අද දෙරණ)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us