සිංහල බෞද්ධකම ඥානසාරගේ අයිතියක් බවට පත්කර ගනී

Published in පුවත්
Wednesday, 29 April 2015 07:07

සිංහල බෞද්ධ ශුද්ධ අයිතියක්‌ ඇති දේශපාලන පක්‍ෂයක්‌ බිහිකරන බවත් එහිදී දේශපාලන පක්‍ෂ නායකයකු වී නුදුරේදීම ඉදිරියට පැමිණ ඉදිරි මැතිවරණයේදී එම දේශපාලන පක්‍ෂයෙන් තරග කරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර අවධාරණය කරයි.

සිංහල බෞද්ධකම දේශපාලන පාපන්දුවක්‌ කිරීමට මින් මතුවට ඉඩ නොතබන බව ඔහු පවසයි.

ආධ්‍යාත්මික හා සෞඛ්‍යමය වශයෙන් පිරිහී ඇති සිංහල බෞද්ධකම අනිවාර්යයෙන්ම නිරෝගී කිරීමට තම සංවිධානය කටයුතු කරන බවත් හෙතෙම පැවැසීය.

ගලගොඩඅත්තේ ඥනසාර ඊයේ (28 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

බොදුබල සේනා සංවිධානය තමාගේ ජනාධිපතිවරණ පරාජයට හේතුවක්‌ වූ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රංශ පුවත් සේවයට කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් එම සංවිධානයේ මතය පැහැදිලි කිරීම සඳහා එම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥනසාර මෙසේද පැවැසූහ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් නිදිවර්ජිතව අනේකවිධ කම්කටොළු විඳිමින් කළ අපරිමිත කැප කිරීමට මෙවැනි ආකාරයෙන් කෘත ගුණ සැලකීම ගැන අප ඒ මහතාට ස්‌තුතිවන්ත වෙනවා.

නමුත් අපට ඒ ගැන කියන්න තියෙන්නේ ඉල්ලන් කාගෙන පැරදිලත්, සියල්ල අනාගෙන නැවත නැවතත් වැරදි මාර්ගයේම යන එක ගැන අපට බොහෝම කනගාටුයි කියලයි. අපට අහන්න ඇත්තේ අවුරුදු දෙකකට කලින් විසුරුවා හැරලා ලක්‍ෂ 18 ක්‌ ඡන්ද අඩු කරගෙන ඉල්ලන්කෑවේ ඇයි කියලයි.

අපගේ රජ පෙළපතේ මහසෙන් කියලා උද්ධච්ඡ රජ කෙනෙක්‌ සිටියා. ඔහු ඇමැතිවරුන්ගේ උපදේශකයන්ගේ කිසිවක්‌ ඇහුම්කන් දුන්නේ නැහැ. නමුත් ඉන්දියාවෙන් පැමිණි සංඝමිත්‍ර නම් ඔත්තුකරුවෙක්‌ව ඔහු විශ්වාස කළා. අනතුරුව ඔහුගේ ළඟම සෙනවියා මහසෙන්ට එරෙහිව යුද ප්‍රකාශ කළ පසුයි ඔහු ඇත්ත තේරුම් ගත්තේ. මහින්ද මහත්තයා මහසෙන් රජු වගේ ඇත්ත තේරුම් ගත්තේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයෙන් සිදුවූයේ එයයි.

මොන අඩුපාඩු තිබුණත් යුද්ධය අවසන් කළ නායකයා නිසයි අප ඔහුට සහාය දුන්නේ. අපට සහය නොදී ජාමේ බේරාගෙන ඉන්න තිබුණා. එහෙම කළානම් අප කුමන්ත්‍රණ කළා කියා මෙහෙම නෙමෙයි කියන්නේ. අපේ පන්සල්වලට බෝම්බත් ගසාවි.

මහින්ද රාජපක්‍ෂ මහතා ගැන දැන්නම් අපට මෙලෝ හැඟීමක්‌ නැහැ. ඔහු කළ ප්‍රකාශයෙන් අප කම්පා වන්නේ නැහැ. පෙරට වඩා අප ශක්‌තිමත්ව කටයුතු කරනවා. අප අපගේ අරමුණින් කිසිසේත් බැහැර වන්නේ නැහැ. මා ඉතා වගකීමෙන් කියන්නේ බලාපොරොත්තු දල්වාගෙන අප දෙස බලාගෙන සිටි මිනිසුන්ට එයින් මිදෙන්න එපා කියලයි. සිංහල බෞද්ධ ශුද්ධ අයිතියක්‌ ඇති දේශපාලන පක්‍ෂයක්‌ අප බිහිකරනවා.

එහිදී දේශපාලන පක්‍ෂ නායකයකු වෙලා නුදුරේදීම අප ඉදිරියට පැමිණෙනවා. මීළඟ මහ මැතිවරණයට හෝ ඉදිරි මැතිවරණයේදී අප එම දේශපාලන පක්‍ෂයෙන් තරග කරනවා.

සුදු ඇන්දට, පන්සල් ගියාට ඒ අය මතවාදීව සිංහල බෞද්ධකම තුළ නැත්නම් ඔවුන්ගෙන් රටට ආගමට ඇති වැඩක්‌ නැහැ. දේශපාලනඥයන් සිතාගෙන ඉන්නේ සිංහල කමයි බෞද්ධකමයි පාපන්දුවක්‌ කියලා. එය ඉදිරියට දමා මැතිවරණ ජයග්‍රහණය කර අන්තිමට ඔවුන් එයට පයින් පහර දෙනවා. ඒ සියලු අයට අප කියන්නේ සිංහල බෞද්ධකම පාපන්දුවක්‌ කර නොගන්නා ලෙසයි.

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us