රට පුරා මැයි රැලි 25ක්, කොළඹ මැයි රැලි හා පෙළපාළි 17ක්

Published in පුවත්
Friday, 01 May 2015 07:44

ලෝපුරා වැඩකරන ජනතාව මැයි දිනය සමරන අද (01) ශ්‍රී ලාංකික වැඩකරන ජනතාව ද ඊට එක්ව සිටිති. දිනාගත් පැය අටේ සේවා මුරය ඓතිහාසික ජයග්‍රහණය සමරමින් මෙවරත් මැයි දින සැමරුමට කම්කරු ජනතාව ලහිලහියේ සූදානම් වෙමින් සිටින අතර දිවයින පුරා සැමරුම් රැලි හා පෙළපාළි විසිපහකට අධික ප්‍රමාණයක් පැවැත්වේ.

එකසිය විසිනව වෙනි වරටත් සමරන කම්කරු දිනයේදි කොළඹ නගරය තුළ පමණක් මැයි රැලි හා පෙළපාළි දහහතක් පැවැත්වීමට නියමිත අතර හැටන්, තලවාකැලේ, යාපනය, ත්‍රීකුණාමලය, කිලිනොච්චිය ප්‍රදේශවලද මැයි දින සැමරුම් රැස්වීම් හා පෙළපාළි පැවැ‍ත්වීමට විවිධ දේශපාලන පක්ෂ හා ඊට සම්බන්ධ වෘත්තීය සමිති කටයුතු සංවිධාන කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය හා වෘත්තීය සමිති තරුණ, කාන්තා, බහුජන සංවිධාන වෙනත් සංවිධාන එක්ව අද සවස 3.00ට කොළඹ හයිඩි පිටියේදි මැයි රැලිය පැවැත්වේ. මේ සඳහා නෙළුම් පොකුණ මංසන්දිය, ගාමිණි හෝල් මංසන්දිය හා කොම්පඤ්ඤවීදිය ද මෙල් ක්‍රීඩාංගණය අසලින් ආරම්භ කරන පෙළපාළි හයිඩ් පිටිය දක්වා ගමන් කිරීමට නියමිතයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයට අයත් ජාතික සේවක සංගමය, තරුණ, කාන්තා හා තවත් සංවිධාන මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් එක්වී එතැන් සිට සංඝරාජ මංසන්දිය, බොරැල්ල මංසන්දිය, බේස්ලයින් පාර ඔස්සේ කැම්බල් පිටියට පැමි‍ණෙනු ඇත. රැස්වීම සවස 3.00ට පැවැත්වේ.

සමාජවාදි ජනතා‍ පෙරමුණට අයත් ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශවිමුක්ති ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙලඋරුමය වැනි දේශපාලන පක්ෂ හා ඊට අයත් වෘත්තීය සමිති රැසක් එක්ව පවත්වන වැඩකරන පන්තියේ එක්සත් මැයි රැලි සැමරුම කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදි එහි පෙළපාළිය නාරහේන්පිට මංසන්දියෙන් ආරම්භ කෙ‍රේ.

ජනතා විමුක්ති පෙරමුණට අයත් අන්තර් සමාගම් සේවක සංගමය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය හා එම පෙරමුණට අයත් තරුණ සමිති, කාන්තා සමිති ඊට අයත් සංවිධාන සවස 1.00ට දෙහිවල සී. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණයට එක්වි පෙළපාළියෙන් හැව්ලොක් ටවුන් බි.ආර්.සි. ක්‍රිඩාපිටියට පැමිණ සවස 3.00ට රැස්වීම පවත්වනු ලබයි.

එක්සත් සමාජවාදි පක්ෂය සවස 1.00ට ඔරුගොඩවත්ත රජයේ ගබඩා සංකීර්ණය (නව ගුවන් පාලම) අසලින් පෙළපාළිය අරම්භ කොට ඔරුගොඩවත්ත මංසන්දිය හරහා ස්ටේස් පාර ඔස්සේ කොස්ගස් හංදියට පැමිණ එහි රැස්වීම පවත්වයි.

සමාජවාදි සමානතා පක්ෂය පෙළපාළියක් ගමන් නොකරන අතර නවනගර ශාලාවේදි රැස්වීමක් පවත්වනු ලබයි.

ලංකා වෙළඳ කාර්මික ‍සහ පොදු කම්කරු සංගමය (සි.එම්.යු.) ප්‍රධාන කාර්යාලය අසලින් පෙළපාළිය සවස 1.00ට ආරම්භ කොට ගාලුමුවදොර හා ලිබර්ටි වටරවුම වෙත පැමිණ යළි ප්‍රධාන කාර්යාලයට ගොස් රැස්වීමක් පවත්වනු ඇත.

නිදහස් වෙළඳ කලාප සහ පොදුසේවා සේවක සංගමය දෙමටගොඩ සමන්තා සිනමාශාලාව අසලින් සවස 1.00ට පෙළපාළිය ආරම්භ කර මාළිගාවත්ත බෝධිරාජ මාවත මාළිගාවත්ත පටුමග ඔස්සේ කලීල් ක්‍රීඩාංගණයට පැමිණ රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වෘත්තීය සමිති මහා සම්මේලනය හා ලංකා බැංකු සේවක සංගමය පවත්වන මැයි රැලිය කොළඹ 02, ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගණයේදි පැවැත්වේ. ඔවුන්ගේ පෙළපාළිය කොම්පඤ්ඤ වීදිය අසලින් ආරම්භ වේ.

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදි මැයි සැමරුම සිදුකරන අතර සවස 1.00ට කොළඹ 07 වෝඩ් පෙදෙසින් පෙළපාළිය ආරම්භ කෙරේ.

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය සංවිධාන කරන මැයි සැමරුම කොල්ලුපිටිය පොල්වත්ත ශුද්ධ වු මිකායෙල් හා සුරදූතයන්ගේ දෙව් මැදුරේදි පෙරවරු 8.00ට පැවැත්වේ.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හා ලංකා සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම පවත්වන මැයි සැමරුම නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංඟපීඨයේදි පවත්වයි. පෙළපාළිය සවස 1.00ට නාරහේන්පිට කිරිමණ්ඬල හංදියෙන් ආරම්භ කරනු ඇත.

නව සමසමාජ පක්ෂය සිය මැයි රැලිය ගුණසිංහපුර ප්‍රයිස් පිටියේදි සවස 2.00ට පවත්වන අතර පෙළපාළියක්ද පවත්වනු ලබයි.

ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ කොළඹ 13 ජම්පාටා පටුමගේදි මැයි රැලිය පවත්වන අතර පෙළපාළිය සවස 1.00ට එම ස්ථානයෙන්ම ආරම්භ කරයි.

රජයේ ග්‍රම නිලධාරි සංගමය පෙළපාළියක් නොපවත්වන අතර රැස්වීමක් මහජන පුස්තකාලයේදි පවත්වනු ඇත. පෙරටුගාමි සමාජවාදි පක්ෂය රජගිරිය බණ්ඩාරනායකපුර ක්‍රීඩාංගණයේදි සවස 3.00ට සිය මැයි දින සැමරුම සිදු කරයි.

මීට අමතරව කොළඹින් පිට ප්‍රදේශවලදි තවත් මැයි සැමරුම් කිහිපයක් සිදුකරන අතර ලංකා කම්කරු කොංග්‍රසය තලවාකැලේ ක්‍රිඩාංගණයේදි සවස 3.00 රැස්වීමක් පවත්වන අතර පෙළපාලීයක්ද එම නගරයේ පවත්වයි. කඳුරට ජනතා පෙරමුණට හැටන් නගරයේ තවත් මැයි සැමරුමක් සිදුකරනු ඇත.

දෙමළ ජාතික සන්ධානය ත්‍රිකුණාමලය, යාපනය හා කිලිනොච්චියේදි මැයි සැමරුම් තුනක් සිදුකරනු ලබයි. මෙහි සෑම නගරයකම එම සන්ධානය පෙළපාළියක් රැස්වීමක් පවත්වන අතර කිලිනොච්චියේ රැස්වීම පමණක් පෙරවරු 10.00ට ආරම්භ වේ.

ජනමාධ්‍යවේදීන්ගේ ජාතික හා ප්‍රාදේශීය එකමුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි සැමරුමක් පවත්වයි. එය කොළඹ 07 සව්සිරිපාය ශ්‍රවණාගාරයේදි පැවැත්වීමට නියමිතයි.

ම.එ.පෙ. විකල්ප කණ්ඩායම මැයි රැස්වීමක් පමණක් පවත්වන අතර එය බත්තරමුල්ල පන්නිපිටිය පාර රෝයල් ප්ලසා ශාලාවේ දි පැවැත්වේ.

Last modified on Friday, 01 May 2015 07:52

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us