වනජීවි නියාමක නිලධාරී 200 කට පත්වීම් පිරිනැමේ

Published in පුවත්
Thursday, 07 May 2015 13:08

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියාමක තනතුරේ පැවැති පුරප්පාඩු සඳහා නියාමක තනතුරු 200ක් සදහා පත්වීම් ලිපි ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දී පිරිනැමුණි.

විභාග දෙපාර්තමේන්තුව මගින් 2014 වසරේ දී පවත්වන ලද විභාගයක ප්‍රතිඵල මත සුදුසුකම් ලැබූවන් මෙසේ පත්වීම් ලැබූවන් වෙති.

එමෙන්ම විවෘත තරග විභාගයකින් වනජීවි නියාමකවරියන් බඳවා ගන්නා ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. ඒ අනුව කාන්තාවන් 06දෙනෙකු ද අද දින නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් පත්වීම් ලිපි ලබාගත්තේය.

මෙම නිලධාරීන් මාස 06ක පුහුණුවක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව ස්ථීර සේවයට බඳවා ගන්නා අතර පුහුණු කටයුතු ගිරිතලේ ජාතික වනජීවි පුහුණු මුල්කරගනිමින් පැවැත්වෙන අතරම හෝර්ටන් තැන්න, විල්පත්තුව, යාල, උඩවලව, ලුණුගම්වෙහෙර සහ වස්ගමුව යන ජාතික උද්‍යානවලදී පැවැත්වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us