මහින්දත් විජාතික කොන්ත්‍රාත්කාරයෙක් ! බොදුබලේ අනතුරු අඟවයි

Published in පුවත්
Sunday, 10 May 2015 18:32

බොදු බල සේනා සංවිධානය අද දින මාධ්‍ය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය බටහිර කුමන්ත්‍රණයක් බවට ගෙන යන ප්‍රචාරයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියා මාර්ග ගන්න බව දැඩිව අවධාරණය කර තිබේ. එමෙන්ම එම සංවිධානය මෙම බටහිර කුමන්ත්‍රණයක් බවට ගෙන යන ප්‍රචාරය දේශපාලන කොන්ත්‍රාත්තුවක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

බොදු බල සේනා සංවිධානය බටහිර කුමන්ත්‍රණයක් බව පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අවධාරණය කර තිබිණි. රාජපක්ෂ පාලන සමයේදී බොදු බල සේනා සංවිධනය රාජපක්ෂ පාලනය සමඟ සමීපව ගනු දෙනු කළ සංවිධානයක් වන අතර මහින්ද රාජපක්ෂට ඡන්ද ය දිය යුතු බවත් පැහැදිලිවම ප්‍රකාශ කළේය. මේ නිසා අන් කවරෙකුටවත් වඩා බොදු බල සේනා සංවිධානය යනු කුමක්දැයි දන්නේ රාජපක්ෂවරුන්ය. මේ නිසා රාජපක්ෂවරු එම සංවිධානය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශයන් සුළුකොට තැකිය නොහැක.

 

බොදු බල සේනා නිවේදනය

"බොදු බල සේනා" පිලිබඳ අසත්‍ය ප්‍රචාර කරමින් හා කරුණු විකෘති කරමින් සංඝ බේදය ඇති කිරීම, බෞද්ධයින් බෙදවීම , සිංහලයින් බෙදවීම යන අරමුණු තුලින් පොදුවේ බුදු දහමට හා බුද්ධ ශාසනයට හානි කරමින් සිය දේශපාලන අරමුණු හා ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීමටත් මේ සඳහා වූ ජාතික හා ජාත්‍යන්තර කොන්ත්‍රාත් භාර ගත් පුද්ගගලයින් හා ආයතන ක්‍රියාත්මක වන බව පසුගිය වසර තුන තුලම අප පැහැදිලිව හඳුනාගෙන ඇත්තෙමු. එලෙසම එසේ පලකරනු ලබන අසත්‍ය ප්‍රචාර මෙම කොන්ත්‍රාත් වලට සම්බන්ද නැති අහිංසක මාධ්‍යවේදීන් හා ආයතනද රැවටෙන බවත් ඒ අනුව තමන්ගේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු කර ගන්න බවද අප පසුගිය කාලය තුල දුටුවෙමු .

පසුගිය සතිය තුල විශේෂයෙන් "බොදු බල සේනා දේශපාලන පෙරමුණ" කරලියට ඒමත් සමග බොදු බල විරෝධී මාධ්‍ය හැසිරීමක් බලවත් වූ බව දක්නට ලැබුණි.
පසුගිය සතිය තුල මුලික වශයෙන්

1. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා බොදු බල සේනා දේශපාලන පෙරමුණ අතර නැති සම්බන්ධයක් ඇති කිරීම
2. බටහිර කුමන්ත්‍රණයක් පිලිබඳ වැරදි ලෙස චෝදනා කිරීම
3. ජාතික හෙළ උරුමයේ සාමාජිකයින් "බොදු බල සේනා දේශපාලන පෙරමුණ" ට සම්බන්ද වන බවට මා කල ප්‍රකාශය නම් වූ අසත්‍ය හා එයට එරෙහි මාධ්‍ය නිවේදනය
4. ශ්‍රීලනිප මන්ත්‍රී වරුන් සමග සාකච්ජා කල බව හා "බොදු බල සේනා දේශපාලන පෙරමුණේ" නායකත්වයට කුරුනෑගල දිස්ත්‍රික් ශ්‍රීලනිප නායකයෙක් සම්බන්ද වීම් පිලිබඳ අසත්‍ය වාර්තා

ලෙස අසත්‍ය ප්‍රචාර හා කොලමයන් ලිවීම ( අප දකින්නේ කෝලම් ලෙසය) විවිධ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.

හිටපු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ට බොදු බල සේනා දේශපාලන පෙරමුණ නිල වශයෙන් ආරාධනා කිරීමක් හෝ එතුමා මේ පිලිබඳ අප සමග කිසිදු එවැනි සාකච්ජාවක් නොකළ බව බොදු බල සේනා පැහැදිලිව ප්‍රකාශ කරමු. මෙය එතුමාගේ දේශපාලන අපේක්ෂාවන්ට මෙන්ම බොදු බල සේනා දේශපාලන පෙරමුණට එරෙහිව ක්‍රියාත්මක කොන්ත්‍රාත් වල කොටස් බව අප පැහැදිලිව ප්‍රකාශ කරමු. මෙසේ විකෘති මානසිකත්වයකින් යුත් මාධ්‍ය ව්‍යාපාර පවත්වා ගෙන යාමට වඩා මහා පාරේ හිඟා කෑම සදාචාර සම්පන්න බව අපගේ මතයයි.

කේලම් අසා කෝලම් ලියන ඊනියා කොලම්කරුවන් විසින් බොදු බල සේනා බටහිර කුමන්ත්‍රණයක් ලෙස දක්වමින් අපගේ පුද්ගලික නම් එනම් විශේෂයෙන් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා දිලන්ත විතානගේ යන නම් සඳහන් කරමින් කරනු ලබන මාධ්‍ය නිසා අපට පුද්ගලිකව ජීවිත වලට ඇතිවිය හැකි තර්ජන ගැනද අපගේ අවධානය යොමු වී ඇත. මෙම බටහිර කුමන්ත්‍රණ පිලිබඳ කතාවද එක්තරා දේශපාලන කොන්ත්‍රාත්තුවක් බව ප්‍රකාශ කරන බොදු බල සේනා මෙම චෝදනාවද දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලබයි.

එලෙසම අංක 3, 4 යන තොරතුරුද සාවද්‍ය බව බොදු බල සේනා පැහැදිලිව ප්‍රකාශ කර සිටී

ඒ අනුව මෙම පහත් පෙලේ මාධ්‍යවේදයට තිත තැබීම පිණිස ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බොදු බල සේනා සංවිධානයක් ලෙස හා පුද්ගලිකව ක්‍රියාකරන බව පැහැදිලිව හා අවවාදාත්මකව දැනුම් දෙමු.

නිවැරදි හා සදාචාර මාධ්‍යකරණයක් උදෙසා බොදු බල සේනා විමසා නිවැරදි කරුණු පමණක් වාර්තාකරණ ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර සමහරුන්ට අවවාද කරන්නේ හුදෙක් කේලම් පමණක් අසා නොදන්නා දේ ලියන්නට ගොස් අමාරුවේ වැටෙන්නට එපා කියාය.

මෙහිදී පසුගිය වසර තුන තුල නිවැරදි මාධ්‍ය වාර්තාකරණයක් කරමින් බොදු බල සේනා පිලිබඳ නිවැරදි චිත්‍රයක් ඉදිරිපත් කරමින් රටේ ජනතාවට සාධාරණයක් කරනු ලැබූ සියලු මාධ්‍යවේදීන්ට හා ආයතන වලට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය.

Last modified on Sunday, 10 May 2015 18:35

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us