නිශ්ශංකව හිර කරන්න අලුත් පැමිණිල්ලක්.

Published in පුවත්
Tuesday, 12 May 2015 06:50

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රක්නා ලංකා ආරක්ෂක සමාගම විදෙස් රටවලට සහ විවිධ සංවිධානවලට මෙරටින් ආයුධ විකිණීමේ රහසිගත ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවට එම සමාගමේ හිටපු කළමනාකරුවකු වූ කපිතාන් උදය දිසානායක ඊයේ (11) රහස් පොලිසියට පැමිණිල්ලක් කළේය.

රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ඇවන් මැරිටයිම් ආයතන කරන ලදැයි කියන අපරාධ සහ වංචාවන් රැසක් ඇතුළත් ලේඛන ගණනාවක්ද පැමිණිලිකරු විසින් රහස් පොලිසියට ඉදිරිපත් කළේය.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබිණි.

තවද පසුගිය ඇවන්ගාඩ් පරීක්ෂණ සම්බන්ධව කපිතාන් උදය දිසානායක මහතා රහස් පොලිසියට තොරතුරු හෙළිදරව් කළේ යැයි ඔහුට එම සමාගමේ සභාපතිවරයා වූ මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු කණ්ඩායමක් විසින් මරණීය තර්ජන එල්ල කර ඇතැයිද ඔහු එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ. පැමිණිල්ලේ සඳහන් වන ආකාරයට මෙම ආයුධ ගනුදෙනුවලදී සහ වෙළඳාම්වලදී සිදුවූ ප්‍රධාන නීති උල්ලංඝණය කිරීම් වන්නේ මැරිටයිම් ආයතනය සහ රක්නා ලංකා ආරක්ෂක සමාගම මෙරට අවි ආයුධ සම්බන්ධ නීතිය උල්ලංඝණය කරමින් ජාත්‍යන්තර මුහුදු නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවයි. එසේ උල්ලංඝණය කර ඇති ප්‍රධාන කරුණු ලෙස ඔහු මෙසේ පෙන්වා දෙයි.

එම්.වී. මහනුවර නැවේ තිබුණ ආයුධ ගබඩා කර තිබුණේ කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරවයි. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇත්තේ බල රහිත ලියවිල්ලකි. තවද එහිදී ශ්‍රී ලංකා අවි ආයුධ ආඥා පනතේ වගන්තිවලට පටහැනිව එය සිදු කර තිබේ. තවද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලේ රහසිගතව සඟවා තිබූ සහ ගාලු වරායේ පවත්වාගෙන ගිය ආයුධාගාරයද අවි ආයුධ පනතට පටහැනිව පවත්වාගෙන ගිය ඒවා ‍වෙයි.

තවද 2012.12.24 දින එහි වරාය පොලිසියේ රඳවා තිබූ ස්වයංක්‍රීය අවි හතරක්, අර්ධ ස්වයංක්‍රීය අවි 4ක්, ස්වයංක්‍රීය පතොරොම් 690, අර්ධ ස්වයංක්‍රීය පතරොම් 450 රඳවා තිබුණි.‍ මේවා ලංකාවේ ආයුධ වෙයි. තවද යුද්ධයෙන් පසු ආරක්ෂක අංශවලට අයත් ආයුධ සහ කොටි සංවිධානයෙන් අත්පත් කර ගත් ආයුධ සහ යුද උපකරණ කට්ටල් ඇතුළු රටවලට විකිණීම, බදුදීම, කුලියට දීම සිදු කර ඇති බවද කියයි.

ඒ අතර මොරිෂස්, සීෂෙල්ස්, මාලදිවයින, ටැන්සානියාව, ජිබුටි, ෆන්රා සහ ඊජිප්තුව යන රටවල ආයුධ ගබඩා කර තිබූ බවද කියයි.

පාවෙන අවි නැව් වූ සින්බෑන්ඩි, එම්.වී. අල්පොන්සු, එම්.වී. ඇවන් කිහිප වතාවක් ගාල්ල වරායෙන් ආයුධ පටවාගෙන ෆුජරා, පිබ්‍රටි, රතු මුහුද සහ සූඩාන් ප්‍රදේශවලට අයත් මුහුදු තීරයන් සඳහා ආයුධ රැගෙන ගොස් ඇත. එම ආයුධවලට සිදුවූයේ කුමක්ද යන්න සොයා බලන ලෙසට පැමිණිලිකරු රහස් පොලිසියට දන්වා සිටියි. මීට අමතරව ටැන්සානියාව සහ ඩුබායි රටට අවි ආයුධ කට්ටල කීපයක් ගුවනින් රැගෙන ගිය සිද්ධියකට අදාළ තොරතුරුද මෙම පැමිණිල්ලේ සඳහන් වෙයි.

මීට අමතරව ජාත්‍යන්තර මාෆියා සංවිධාන සහ ත්‍රස්තවාදී සංවිධාන සමඟ අවි ගනුදෙනු කරන ප්‍රසිද්ධ ජාවාරම්කරුවකු වූ ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක කටයුතුවල යෙදෙන සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා වන බෲනෝ පැරිගන් යන අය සමඟද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මේජර් නිශ්ශංක සේනාධිපති විශේෂ සම්බන්ධතාවයන් පවත්වාගෙන ගිය බවද එහි සඳහන් කර තිබේ. මෙවැනි රහසිගත තොරතුරු රැසක් ඉදිරිපත් කරන පැමිණිලිකරු ඒ සම්බන්ධ පරීක්ෂණ කරන ලෙස රහස් පොලිසියෙන් ඉල්ලා සිටියි.

දිනමිණ ඇසුරෙණි

Last modified on Tuesday, 12 May 2015 07:01

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us