මහින්ද බබා ගේ සම්මුඛ සාකච්ඡාව

Published in පුවත්
Tuesday, 12 May 2015 07:21

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ‘අල් ජසීරා’ රූපවාහිනියේ මිනෙලි ෆර්නැන්ඩස් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව ද දිගටම බලයේ රැදී සිටීමට උත්සාහ කළ බවට නැඟෙන චෝදනා ඔහු තරයේ ප‍්‍රතික්ෂේප කළේ ය. පහත පළවන්නේ එම සම්මුඛ සාකච්ඡවේ පරිවර්තනයකි.


අල් ජසීරා : බලයට පත්වූ නව රජය ප‍්‍රකාශ කොට තිබෙනවා ඔබ සම්බන්ධයෙන් සනාථ කළ හැකි වාර්තා ඔවුන් සතුව ඇති බවට?

මහින්ද රාජපක්ෂ මහතා: තමන් සතුව සනාථ කළ හැකි වාර්තා තිබෙන බව ඔවුන් හැමවිටම ප‍්‍රකාශ කරනවා. ඒ පිරිස දැන් මගේ ප‍්‍රතිරූපයට, මගේ පවුලට පහර ගසනවා. අපට එරෙහිව නඩු පවරනවා. අපට හිරිහැර කරනවා. මගේ පවුලට සම්බන්ධ කිසිවකු දේශපාලනයට එනවාට ඔවුන් කැමති නැහැ.

අල් ජසීරා : ජනාධිපතිවරණය පැවැති දින රාති‍්‍රයේ ඔබ නැවත වරක් බලහත්කාරයෙන් බලයේ සිටීමට උත්සහ කළාද?

මහින්ද රාජපක්ෂ මහතා: නැහැ. මම කලින්ම තීරණය කොට තිබුණා පරාජය වුවහොත් බලය අතහැරීමට. එනිසයි උදෑසන 5.30වන විට මා අරලියගහ මන්දිරයෙන් ඉවත් වුණේ. එවැනි ප‍්‍රකාශ මහත් විහිළුවක්. ඔබට පුළුවන්ද පැයක් හෝ දෙකක් හෝ ඇතුළත කුමණ්ත‍්‍රණයක් කොට බලය අල්ලා ගැනීමට. මේවා විකාර කතා.

අල් ජසීරා : බලය මාරු කිරීමට කටයුතු කරන්නැයි ජාත්‍යන්තරයෙන් ඔබට දන්වා තිබුණා. ඒ අනුව මෙම තීරණය ඔබ විසින්ම ගනු ලැබූ එකක් ද නැතිනම් කිසියම් බලපෑමක් මත එය සිදු වූවා ද?

මහින්ද රාජපක්ෂ මහතා: කිසිවකුට මට බලපෑම් කළ නොහැකියි. මා තීරණයක් ගත් කල එහි වගකීමද මා ගන්නවා. ඒ තීරණය මවිසින් ගන්නා ලද්දක්.

අල් ජසීරා : ලොව පැවැති දරුණුතම ගැටුම්වලින් එකක් ලෙස සැලකෙන වසර 30 මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය නිමා කළ ජනාධිපතිවරයා ලෙස ඔබ ඉතිහාසගත වෙනවා. සාමදූතයකු ලෙස තිබූ ඔබේ ප‍්‍රතිරූපය, යුද්ධය නිමාවී වසර 6කට පසුව ඔබ ඒකාධිපතියෙකු හා වංචා දූෂණ හමුවේ දෑස වසා සිටින පුද්ගලයකු බවට නැඟුණු දෝෂාරෝපණ හමුවේ බිදවැටීමට පටන් ගන්නවා. එය ඔබේ ජනාධිපතිවරණ පරාජයට බල පෑ එක් සාධකයක් වූවාද?

මහින්ද රාජපක්ෂ මහතා: නැහැ. ඒ අවස්ථාවේ ඔවුන් තැතිගෙනයි සිටියේ. ඒ නිසා විශාල ව්‍යාපාරයක් ආරම්භ කළා. එය මට එරෙහිව මනාව සැලසුම් කළ මඩ ප‍්‍රහාරයක්.

අල් ජසීරා : ඔබ ජනාධිපතිධුරය දැරූ සමයේ පැවැති යුද්ධය දෙස නැවත හැරී බැලූවහොත් එකී යුද ජයග‍්‍රහණය ළඟාකර ගැනීමට අති විශාල වැයක් දැරීමට සිදුවූ බව විවේචකයන් සදහන් කරනවා. ඔබ සිතන්නේ එය වටිනවා කියාද?

මහින්ද රාජපක්ෂ මහතා: ඔව් ඇත්තෙන්ම එය වටිනවා. එසේ නොවුවා නම් අදටත් එම ප‍්‍රශ්නයට මුහුණදීමට අපට සිදුවෙනවා.

අල් ජසීරා : දූෂණ හා ඥාති සංග‍්‍රහයේ නිරත වූ බවට රාජපක්ෂ පවුලට එරෙහි චෝදනා විශාල ප‍්‍රමාණයක් එල්ල වෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා: නැහැ නාමල් හැරුණු විට වෙනත් කිසිවකු මා දේශපාලනයට ගෙන ආවේ නැහැ. එලෙස කටයුතු කළේ මට පෙර සිටි නායකයනුයි.

අල් ජසීරා : ඇයි ඔබේ එක් සොහොයුරෙක් ආරක්ෂක ලේකම්. තවත් සොහොයුරෙක් ආර්ථික සංවර්ධන ඇමතිවරයා.

මහින්ද රාජපක්ෂ මහතා: මට ඔවුන් පත්කර ගැනීමට සිදුවුණා. එය කළ යුතු වුණා.

අල් ජසීරා : එතකොට පාර්ලිමේන්තුවේ කථානායක?

මහින්ද රාජපක්ෂ මහතා: ඔහු මහජන ඡන්දයෙන් පත්වූ අයෙක්.

අල් ජසීරා : ගෙවුණු සති කිහිපයේ පසුගිය රජයේ සිටි ප‍්‍රබල පුද්ගලයන් කෙරෙහි දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවක් පෙනී යනවා. ඔබේ සොහොයුරා අත්අඩංගුවට ගැනුණා. ඔබේ මස්සිනා ජාතික ගුවන් සේවයේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටිනවා. ඔබේ ඥාති සොහොයුරා යුක්රේනයේ සිදුවූ අවි ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිනවා. ඔබ මෙය දකින්නේ විරුද්ධවාදීන් දඩයම් කිරීමක් ලෙසින්ද?

මහින්ද රාජපක්ෂ මහතා: ඔව් එය විරුද්ධවාදීන් දඩයම් කිරීමක්. මා ඔබ හා එකඟයි.

අල් ජසීරා : එය ප‍්‍රශ්නයක් ලෙසයි මා ඇසුවේ

මහින්ද රාජපක්ෂ මහතා: ඔබේ ප‍්‍රශ්නයට මා එකඟයි.

අල් ජසීරා : මෙවැන්නක් සිදුවන බව ඔබ පවසන්නේ ඇයි?

මහින්ද රාජපක්ෂ මහතා: ඔවුන් මට බයයි. නැතිනම් මගේ නමට බයයි. ඒ නිසා අපට පහර ගසනවා.

අල් ජසීරා: ඔවුන් බිය දක්වන්නේ කෙබදු දේවල් සම්බන්ධයෙන්ද?

මහින්ද රාජපක්ෂ මහතා: මා දන්නේ නැහැ. එහෙත් අප දේශපාලනයේ නිරතවනවාට ඔවුන් කැමති නැහැ. ඔවුන් සිතන්නේ ඊළඟ වතාවේ මා තරග කරයි කියා හෝ එවැනි දෙයක්. අප දේශපාලනයේ නිරත වන්නේ නවසිය 30 දශකයේ පටන්. අප පරාජය දැක තිබෙනවා. එහෙත් මෙවැනි තත්ත්වයක් කිසිදිනක අත්විද නැහැ.

අල් ජසීරා: රජය ප‍්‍රකාශ කරන්නේ ඔවුන් නීතිය කි‍්‍රයා කරන්නේ සාක්ෂි මත පදනම්ව විනා කිසි දිනෙක කැන්ගරු උසාවිවලින් (අයුක්තිය රජයන උසාවි) නොවන බවයි.

මහින්ද රාජපක්ෂ මහතා: එසේනම් අත්අඩංගුවට ගැනීමේ තීරණ ගන්නේ කවුද? ඒ සදහා අණ දෙන්නේ කවුද?

අල් ජසීරා: ඔබට ශ්‍රී ලංකාවේ මීළඟ අගමැතිවරයා විය හැකියැයි සිතන්නේ ද?

මහින්ද රාජපක්ෂ මහතා: මා එසේ කියන්නේ නැහැ. එහෙත් මා තරග කළොත් ජයග‍්‍රහණය කරන බව මා දන්නවා.

 

පරිවර්තනය – ප‍්‍රියන්ජන් සුරේන්ද සිල්වා
– ලංකාදීප

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us