ජවිපෙ මහ ඡන්දෙට තනියම

Published in පුවත්
Thursday, 14 May 2015 06:46

ජනතා විමුක්‌ති පෙරමුණ මීළඟ මහ මැතිවරණයේදී සීනුව ලකුණින් තනිව තරග කරන බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13 දා) සඳහන් කළේය.කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ සමඟ සන්ධානගතවීමට කටයුතු නොකරන බවද හෙතෙම කියා සිටියේය.

වත්මන් ආණ්‌ඩුව ස්‌ථාපිත කළේ දින සියයක කාලයකට පමණක්‌ බවත් එහි කාලය මේවනවිට ඉක්‌මවා ගොස්‌ ඇති බවත් එහෙයින් තවදුරටත් ආණ්‌ඩුව පවත්වාගෙන යාමට සදාචාරාත්මක අයිතියක්‌ නොමැති බවත් හෙතෙම කියා සිටියේය.

එහෙයින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයට අනිවාර්යයෙන්ම අවතීර්ණ විය යුතුව ඇති බවත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ජාතික විධායක සභාව තවදුරටත් රැස්‌වීම අර්ථ විරහිත ක්‍රියාවක්‌ බැවින් කළ යුත්තේ එය අහෝසි කිරීම බව ද ඔහු පවසයි.

'ජාතික විධායක සභාව පිහිටුවූයේ දින සියයක්‌ සඳහා. එම කාල පරිච්ඡේදය දැන් අවසන්. ජාතික විධායක සභාවට පැවරී තිබූ කාර්යභාරය සහ ඊට නියමිත කාලය දැන් අවසන්. එම නිසා එය තවදුරටත් රැස්‌වීම අර්ථ විරහිතභාවයට පත්ව තිබෙනව. ජාතික විධායක සභාවට පැවරී තිබූ කාර්යයන් වූයේ දහනව වැනි සංශෝධනය ගෙන ඒම. එය අවසන්. තොරතුරු දැනගැනීමේ පනත සහ විගණන කොමිසම් පනත පිළිබඳ විධායක සභාවේ කාර්යයන් අවසන්. දැන් එය අනුමත කිරීම ආණ්‌ඩුවේ කාර්යයක්‌. මන්ත්‍රීවරුන්ගේ ආචාර ධර්ම පද්ධතිය විධායක සභාවට ඉදිරිපත් කර මාස දෙකකට ආසන්නයි. දැන් එය සම්මත කර ගැනීම ආණ්‌ඩුවේ කාර්යයක්‌. ඡන්ද ක්‍රමය වෙනස්‌ කිරීම ජනාධිපතිවරයා ප්‍රමුඛ පක්‍ෂ නායක රැස්‌වීම හමුවේ තිබෙනවා. එම නිසා එම කාර්යය විධායක සභාවට අයත් නෑ.

විධායක සභාව තවදුරටත් රැස්‌විය යුත්තේ එහි කාර්යභාරය සමාලෝචනය කර අවසන් කිරීම සඳහා පමණයි '


divaina

Last modified on Thursday, 14 May 2015 07:01

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us