මුස්ලිම් කවුන්සලයෙන් ජවිපෙට ටොක්කක් Featured

Published in පුවත්
Friday, 15 May 2015 15:11

ශ්‍රී ලංකා මුස්ලිම්  කවුන්සිලය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ අභ්‍යන්තර අවතැන් වුවන් නැවත පදිංචි කිරීම පිළිබඳ එම පක්ෂයේ ස්ථාවරය පරස්පර විරෝධී එකක් වී ඇති බවයි. මෙතෙක් කාලයක් වර්ගවාදය ප්‍රතික්ෂේප කිරීමේ ස්ථාවරයක සිටි ජනතා විමුක්ති පෙරමුණ අන්තවාදී බෞද්ධ බලවේග විසින් නොමග යවා තිබීම කණගාටුවට කරුණක් බව මුස්ලිම්  කවුන්සිලය පවසයි.

 
 විල්පත්තු රක්ෂිතයේ මුස්ලිම් ජනතාව පදිංචි වී ඇති බවට අන්තවාදීන් චෝදනා එල්ල කළද එහි සැබවින්ම පදිංචි වී ඇත්තේ හම්බන්තොටින් පැමිණි සිංහල ජනයා බව ඔවුන් පවසයි. එසේම සිංහල ජනතාවට නැවත පදිංචි කිරීමේදී අක්කර 03ක ඉඩම් ප්‍රමාණයක් ලබාදුන්නත් මුස්ලිම් ජනතාවට ලබාදෙන්නේ අක්කර බාගයක කොටසක් බව මුස්ලිම් කවුන්සිලය මෙම ලිපියේ පවසා තිබේ. මෙම කරුණ කෙරෙහි ජාතිවාදී දෘෂ්ඨිකෝණයකින් නොබලා එම ප්‍රශ්නය දෙස  සාධාරණව බලන ලෙස ඔවුන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා තිබේ.  
 
පසුගිය කාලයේ මඩු රක්ෂිතය හා විල්පත්තු උතුරු අභය භූමියට ආසන්නව පිහිටා ඇති කල්ලාරු වනාන්තරයේ මාර්ග ඉදිකිරීම හා නැවත පදංචි කිරීම වෙනුවෙන් යැයි කියා වනාන්තර විනාශ පිළිබඳ විශාල කතා බහක් ඇතිවිය. එම පදිංචි කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවේ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා වෙතයි. නමුත් පසුව මෙම චෝදනා පරිසර රැකගැනීමේ වුවමනාවෙන් ඔබ්බට ගොස් ඇතැම් ජාතිවාදී සංවිධාන වල වුවමනාවන් අනුව ජාතිවාදී ස්වරූපයක් ගන්න ලදී. විල්පත්තු අභයභූමියේ සිදුවන වන සංහාරය, අනවසර පදිංචි කිරීම්, දැව ජාවාරම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ද  පරිසර සංවිධාන සමඟ එක්ව විල්පත්තු වනයේ පසුගියදා  (09) සංචාරයක නිරත විය.
MCSL-letter-to-JVP-AK-15-5-
MCSL-letter-to-JVP-AK-2

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us