මහින්දව ගේන්න විමල් දඟලන්නේ ඇයිද යන්න හෙළිවේ.

Published in පුවත්
Monday, 18 May 2015 07:14

විමල් වීරවංශ මහතා හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂව නැවත බලයට ගෙන ඒම සඳහා දිවා ‍රැ වෙහෙසෙන්නේ කුමකටද යන්න ගැන ඔහුට එල්ල වී ඇති දූෂන වංචා ප්‍රමාණය අනුව පැහැදිලි වන බව දේශපාලන විචරකයන්ගේ මතය වේ. රාජපක්ෂ පාලන සමයේදී ඕනෑ තරම් දූෂණ වංචා කිරීම සඳහා ඉඩ කඩ විවෘතව තිබිණි. ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ නොපැවැත්විනි.නැවත මේ දූෂිත පාලකයාව බලයට ගෙන ඒමට සැරසෙන්නේ තමතමන්ගේ දූෂණ වංචා හෙළිවීම වලක්වා ගැනීමට බව මේ අනුව තහවුරු වේ. මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන අනෙක් විශාල පිරිසකටද  විවිධ දූෂණ වංචා සඳහා චෝදනා එල්ල වී තිබේ.

පාස්පෝර්ට් මගඩිය,කැසිනෝ සඳහා මුදල් ආයෝජනය කිරීම , ආදී චෝදනා වීරවංශ මහතාට එල්ල වූ අතර නිවාස සහ දේපොළ සංවර්ධනය සඳහා රජය විසින් පිහිටුවන ලද මුල්ම රාජ්‍ය සමාගම වන සීමාසහිත ඕෂන් විව් ඩිවලොප්මන්ට් සමාගම හරහා හිටපු ඇමති විමල් වීරවංශ මහතා විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවී ඇති බරපතළ මූල්‍ය විසමාචාර සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පිළිගත හැකි ආයතනික ක්‍රමවේදයකින් තොරව රුපියල් මිලියන 14 (රු. 14,000,000) වියදමින් දින පොත් 20,000ක් සහ දින දර්ශන 25,000 මුද්‍රණය කිරීම සඳහා මුදල් ගෙවා අවසන් කර ඇතත් ඒවා භාරගත් බවට නිසි ලියවිලි නොමැතිවීම මෙන්ම ඕෂන් ඩිව් ඩිවලොප්මන්ට් සමාගම විසින් වානිජ අලෙවිය සඳහා කහතුඩ්වේ සහ මත්තේගොඩ ඉදිකරන ලද රුපියල් මිලියන 71 (රු.71,000,000) පමණ වටිනා නිවෙස් 6ක් අඩු මිලකට තක්සේරු කොට හිටපු අමාත්‍යවරයාගේ ඥාතීන් අතර බෙදාදීම ඇතුළුව මෙම නිවාස ඥාතීන්ට භාරදීම සඳහා කහතුඩුවේ පැවැති උත්සවයට රුපියල් ලක්ෂ 38ක්ද මත්තේගොඩ පැවැති උත්සවයට ලක්ෂ 31ක් ද වැය කිරීම සම්බන්ධයෙන් ද මෙම පරීක්ෂණ ආරම්භකර ඇත.

අලුත් රජය බලයට පත්වීමෙන් පසුව ආරම්භ කරන ලද විමර්ශනය අතරතුර අදාළ නිවාසවල සැබෑ වටිනාකම අනුව තමන්ට කුලී වාරික ගෙවීමේ හැකියාවක් නැති බැවින් එම නිවෙස්වලින් තමන් ඉවත්වෙන බවට පදිංචිකරුවන් විසින් දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇති අතර මේ සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද මේ අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු සඳහන් කළේය.

පුද්ගලයින් 12 දෙනෙකු සේවයට බඳවා ගෙන ඔවුනට වාර්ෂිකව රුපියල් මිලියන 6කට අධික වැටුප් ගෙවා ඇති අතර මෙම පුද්ගලයින් සේවයට වාර්තා කළ ස්ථානයක් හෙළිදරව්වී නැති අතර ඔවුන් පූර්ණකාලීනව හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන කටයුතවලට යොදවා ඇති අය වන අතර එයින් දෙදෙනෙකු අමාත්‍යවරයාගේ ළඟම ඥාති පුත්‍රයින් බව ද තහවුරු කර ගෙන ඇතැයි මේ අතර අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අතර ඒ සම්බන්ධයෙන් ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

Last modified on Monday, 18 May 2015 07:33

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us