මහින්ද කළ ගොංකම් එස් බී වමාරයි

Published in පුවත්
Monday, 18 May 2015 07:33

මහින්ද රාජපක්ෂ මහතාගේ බලය ‍රැකගැනීම සඳහා ඉතා අශික්කිත ආකාරයෙන් කටයුතු කළ එස්බී දිසානායක මහතා නැවත අංශක එකසිය අසූවකින් කැරකී රාජපක්ෂ පාලනය විවේචනය කරන්නට පටන් ගෙන තිබේ. එස්බීගේ දේශපාලනයව සුවිශේෂීතාවය මෙයය. ඇට නැති දිව ඕනෑ පැත්තකට හැරවීමේ හැකියාව අන් කවෙරෙකුටත් වඩා ඔහු සතුය.

ඔහු ශ්‍රී ලනීපයේසිට චන්ද්‍රිකා පාලනය පෙරලා දමා එජාපයට ගොස් අමැතිකමක්ද දරූ අතර පසුව එජාපයේ මන්ත්‍රීවරයකුව සිටියදී රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කළේ ආණ්ඩුවට යන්න මම බූරුවෙක්ද යන්න පවස්මිනි. එහෙත් ඒසේ කියා සති කිහිපයකින් ඔහු රාජපක්ෂ රජයේ ඇමැතිවරයකු විය. මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිත් දිනාගෙන සිටින ඔහු රාජපක්ෂට එරෙහිව දැඩි විවේචනයක් සිදු කරයි.

පසුගියදා මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ ඔහු මේ අදහස් පළ කර තිබිණි.

ජිනීවා ප්‍රශ්නය ශ්‍රී ලංකාවට අවාසි තත්ත්වයක් කරා තල්ලු වූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දුර්වලකම් නිසා, හිටපු ජනපතිවරයා ඉක්මන් ඡන්දයකට ගියේ නැවත ජයග්‍රහණය කැර ඒ තුළින් ලබා ගන්නා ශක්තිය ඔස්සේ ජිනීවා ප්‍රශ්නයට මුහුණදීමට බවත් එහෙත් එතුමාට සිදුවූයේ පරාජය අත්විඳින්නටය.

යුද්ධය ජයගැනීම තුළින් වැඩිම වාසිය අත්වූයේ උතුරේ දෙමළ ජනතාවට වූවත් එම ජනතාව දිනා ගැනීමට මහින්ද රාජපක්ෂ රජයට වැඩපිළිවෙළක් තිබුණේ නෑ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේ තීරණාත්මක අවස්ථාවේ අපගේ සහයට සිටි ඉන්දියාවත් මුළු යුරෝපයමත් තරහ කරගනිමින් ප්‍රශ්නය ඉතා අවුල් සහගත තැනකට ගෙන ගිය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ සන්ධානය එය අනුමත නොකළ බවත් හිටපු ජනපතිවරයාගේ දුර්වලතා නිසා රටක් ලෙස අප ජිනීවා ප්‍රශ්නයේදී සිර වූ බවත් ඔහු පවසයි.

තිස්ස අත්තනායකට මැතිවරණ සමයක සෞඛ්‍ය ඇමැතිකම ලබාදීමෙන් හිටපු ජනපතිතුමන් කළේ බරපතළ වරදක්. කිළිනොච්චියේ ඡන්දයක් ප්‍රකාශයට පත් කළාමවත් මෙහේ තාවකාලික පත්වීමක්වත් නොදෙන බවත් මැතිවරණ නීතිය එය බවත් කී ඒ මහතා තිස්සට ඇමතිකමක් ලබාදීමෙන් එම මැතිවරණ නීතිය කඩ වූ බව ද ප්‍රකාශ කළේය.

ජිනීවා මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිචාර දක්වමින් එය රට අභ්‍යන්තර ප්‍රශ්නයක් බැවින් එය අපට විසඳා ගැනීමට ඉඩ දෙන්න යන පණිවුඩය එතුමා ජාත්‍යන්තරයට ගෙන ගිය බවත් එහිදී මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එතුම‍ාගේ ආණ්ඩුවේ සිටීම ජාත්‍යන්තරයට යමක් ඒත්තු ගැන්වීමට ප්‍රබල සාධකයක් බවත් හෙතෙම කීය.

යුද අපරාධකාරයින් ලෙස මෙරට පුද්ගලයන් ගණනාවක් නම් කර විවිධ ආර්ථික ‍තහංචි මඟින් ජාත්‍යන්තරය තුළ අප රට හුදෙකලා කිරීමේ පසුබිමක් ජිනීවා සමුළුව තුළින් එල්ල කළ චෝදනා ඔස්සේ නිර්මාණය වූ බවත් වත්මන් ජනපතිතුමන් එම ගැටලුවට විසඳුම් ලබා ගැනීමට ඉතා නිවැරැදි මඟක් ඔස්සේ කටයුතු කරන බැවින් එතුමාට අප සැමගේ සහය ලබාදිය යුතු බවත් ඇමැති දිසානායක මහතා පැවසූවේය.

යුරෝපය මඟින් අප රටට ආර්ථික තහංචි දැමුවහොත් මෙරට ඇඟළුම් කාර්මාන්තය, සුළු අපනයන භෝග අපනයනය ඇනහිටීමෙන් රට විශාල අර්බුදයකට තල්ලු වන බවත් එය හිටපු ජනපතිවරයා නිවැරැදිව අවබෝධ කැරනොගත් බවත් ඒ මහතා කීය.

වත්මන් ජනපතිතුමන් මේ වනවිට ඉන්දියාව සමඟ දැඩි මිතුදමක් ඇති කර ගනිමින් යුරෝපීය රටවල විශ්වාසය දිනාගනිමින් සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ සංවිධානයක් බැවින් ඔවුනට අපි අපේ ප්‍රශ්න රට තුළ විසඳා ගැනීමට අවකංව සූදානම් යන පණිවුඩය ලබාදීමට ඉතා වැදගත් බවත් හෙතෙම පැවැසුවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ‍ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව විශාල ප්‍රශ්නයක් නොවන බවත් එය ඔක්තෝමබර් දක්වා බලපැවැත්වෙන පරිදි තීන්දු කිරීම තුළ සුළු ගැටලුවක් මතුවන බවත් ඒ මහතා‍ කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ විනිසුරු තිදෙනාගෙන් එක් අයෙකු ඉවත්වූ විට සාමාන්‍යය සම්ප්‍රදාය නඩුව වෙනත් දිනයකට කල්තබා යළි විනිසුරුවරු තිදෙනකු සමඟ නඩුව කැඳවීම බවත් මෙහිදී එසේ සිදුනොවුන බවත් ඇමැතිවරයා පැවසූවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අගමැති ඇතුළු මුළු ඇමති මණ්ඩලයට චිත්තිකාරයින් කැර තිබූ බැවින් ඒ සියලු දෙනාට සිතාසි නිකුත් කැර නඩුව යළි එම සතිය ඇතුළත කැඳවිය යුතුව තිබූ බව ද හෙතෙම කීය.

Last modified on Monday, 18 May 2015 07:50

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us