රනිල් එක්ක බෑ- ඩිලාන්(audio/photos)

Published in පුවත්
Thursday, 21 May 2015 13:53

වත්මන් අාණ්ඩුවේ අමාත්‍ය ධුර අත්හැර යළි විපක්ෂයට එක් වූයේ කිසිවෙකුගේ උවමනාවකට නොවන බවත් එයට හේතුව වන්නේ නව රජය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් නොසලකා හැර කටයුතු කිරීම බව අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ඩිලාන් පෙරේරා පැවසුවේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද(21) උදෑසන පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඩිලාන් පෙරේරා මේ බව පැවසුවේය.

වත්මන් අාණ්ඩුවේරනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ගන්නා තීරණ වලට ශ්‍රීපනිපය නියෝජනය කරන අමාත්‍යවරුන් ලෙස ශ්‍රීපනිප පාක්ෂිකයන්ට මෙන්ම රටට වගකිවයුතු බවත් පවතින තත්වය හමුවේ අසීරු තත්වයක් උද්ගතව අැති බවත් අමාත්‍යවරයා පැවසුවේය.

විමධ්‍යගත අයවැය ලබා දෙන්නේ සැප්තැම්බරයේ බිහිවන නව අාණ්ඩුවට බව පවසන බවත් මේ හේතුවෙන් සියලු දෙනා වැඩ නොකර සිටීමට සිදුව අැති බවත් ඔහු පැවසුවේය. නමුත් වෙනත් අංශ හරහා එජාපයට හිතවත්කම් දක්වන ප්‍රා.සභා මන්ත්‍රීවරුන්ට වැඩකටයුතු කිරීමට අවශ්‍ය මුදල් ප්‍රා ලේකම් කාර්යාල වලට යවා අැති බවත් ඒවායේ තක්සේරු කටයුතු සිදුව අැති බවත් පැවසුවේය.

මෙවැනි තත්වයක් ශ්‍රීපනිප පාක්ෂිකයන්ට පැහැදිලි කිරීමට නොහැකි බවත් අපි අසරණ වෙද්දී ඒජාප මන්ත්‍රීවරු වැඩ කරන බවත් පැවසුවේය.මෙවන් වාතාවරණයක් උදා කර එජාපය පිරිසිදු බවත් හොරුන් වැඩ නොකරන බවට චෝදනා කරන බවත් පැවසුවේය. මේනිසා තවදුරටත් නිවටයන් ලෙස කටයුතු කිරීමට නොහැකි බැවින් අමාත්‍ය ධුර අත් හැරීමට කටයුතු කළ බව පැවසුවේය.

එජාපය උත්සාහ කරන්නේ ශ්‍රීපනිප පාක්ෂිකයාව දුර්වලකර අසරණ කර මැතිවරණය ජයග්‍රහණය කිරීමට බවත් හෙතෙම පැවසුවේය.

ශ්‍රීපනිපයේ නායක වත්මන් ජනාධිපතිවරයා විශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් බවත් ඔහු පවා එජාපය නිසා අපහසුවට පත්ව අැති බවත් පැවසුවේය. වංචා දූෂණ අල්ලනවාට ශ්‍රීපනිපය විරුද්ධ නැති බවත් මූල්‍ය අපරාධ වලට අයත් නොවන දේ පවා මූල්‍ය අපරාධ සේ සලකා කටයුතු කර බුද්ධාගමට පවා නිගා කරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වූ මහින්ද යාපා අබේවර්ධන, සී.බී. රත්නායක පවිත‍්‍රා වන්නිආරච්චි යන අයද මෙහිදී අදහස් දැක්වූහ.

සම්පූර්ණ හඩපටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/dilan2015-05-21-103522{/soundcloud}

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

DNP 4968

DNP 4930

DNP 4995

DNP 4897 

Last modified on Thursday, 21 May 2015 14:07

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us