රාජ්‍ය ආයතන ආරක්ෂාකරන්න සිවිල් ආරක්ෂක නිලධාරීන්

Published in පුවත්
Tuesday, 26 May 2015 09:56

පෞද්ගලික අංශයට ලබාදී ඇති රජයේ ආයතනවල ආරක්ෂක සේවය සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් යෙදවීමට රජය තීරණය කර අැත.

සිවිල් ආරක්ෂක බලකා සෙබලුන්ගේ සේවය ස්ථීර කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම රාජකාරී කටයුතු සඳහා යෙදවීමට නියමිතව තිබේ.ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව ඇති බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

1986 වසරේ පිහිටවු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින් ස්ථීර කිරීමට සහ ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණි.

ඒ අනුව 39,000කට අධික සිවිල් ආරක්ෂක බලකා නිලධාරින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ලබන 31 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

ඉදිරියේ දී මෙරට ක්ෂේත්‍ර රැසක් සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සේවය ලබාදීමට පියවර ගන්නා බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us