එම සාකච්ඡාව සදහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් සහ වෘත්තීය සමිති 22ක නියෝජිතයන් සහභාගී වී ඇත.
මේ යටතේ දීමනාව හිමි වන සෞඛ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව 40,000කට අධික ය. මාසිකව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 40ක අතිරේක මුදල් වැය කිරීමට ආණ්ඩුවට සිදු වන අතර වාර්ෂිකව ඒ වෙනුවෙන් වැය වන මුදල රුපියල් මිලියන 480කට අධිකය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ මෙම අතිරේක වැය බර අවම කර ගැනීම සඳහා නාස්තිය දූෂණය අවම කිරීම පිළිබඳ වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කළ බවයි. ගෙවී ගිය වසර 12ක කාලය තුළ සිදු නොවූ දේ මේ ගතවන කාලය තුළ ඉටු කිරීමට හැකි වූ පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ඒ අනුව ලබන මස සිට මෙම දීමනාව ලබා දීමට නියමිතයි.
හඩ පටයට පහතින් සවන් දෙන්න
{soundcloud}https://soundcloud.com/lankadaily/rajitha-ravi{/soundcloud}