යහ පාලන පොලිසියත් මිනීමරුවන් රකී

Published in පුවත්
Wednesday, 27 May 2015 10:25

නුවරඑළිය, රාගල ප‍්‍රදේශයේ සිදු වූ මිනීමැරුම් දෙකක් සම්බන්ධයෙන් පොලීසිය නිසි පරිදි පරීක්ෂණ සිදු නොකරන බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

ප‍්‍රාදේශීය දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙන් මෙම මිනීමැරුම්වලට සම්බන්ධ ඔහුගේ සමීප ආධාරකරුවන් බේරාගැනීමේ උත්සාහයක් පවතින බවත්, මෙලෙස පොලීසිය අදාළ පරීක්ෂණ යට ගැසීමට උත්සාහ දරන්නේ එම නිසාය යන සැකය මතු වන බවත් ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

රාගල පැරණි බස් නැවතුම්පොළ අසල පිහිටි කඩයක සේවය කළ 32 හැවිරිදි සත්‍යශීලන් කේදීෂ්වරන් මෙලෙස ඝාතනය කර හල්ග‍්‍රන් ඔයට දමා තිබියදී පසුගිය මාර්තු 03වැනිදා සොයාගත් අතර, මේ පිළිබඳව නිකුත් කළ අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ කේදීෂ්වරන්ගේ සිරුරේ අධික ලෙස එතනෝල් අඩංගු වී තිබූ බවයි. ඊට පෙර දින රාත‍්‍රියේ එතනෝල් ව්‍යාපාර හා සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනකු සමඟ මෙම පුද්ගලයා මත්පැන් පානය කරන අයුරුත්, යම් බහින්බස් වීමක් සහ පොර බැදීමක් සිදු වන අයුරුත් ප‍්‍රදේශවාසීන් දැක ඇත. මෙලෙස අදාළ මිනීමැරුම සම්බන්ධයෙන් සැක කළහැකි කරුණු රැසක් තිබියදී පොලිස් ඇප මත සැකකරුවන් නිදහස් කිරීම ගැටලූ සහගත බවද පවසන ප‍්‍රදේශවාසීන්, මීට පෙර කපා කොටා වාහනයකට යට කර ඝාතනය කෙරුණු ශාන්ති කුමාර්ගේ මරණය සහ මෙම මිනීමැරුම අතර යම් සම්බන්ධයක් ඇති බවටද සැක පහළ කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාගල පොලීසියේ ඉහළ නිලධාරියකු සඳහන් කළේ මෙම ඝාතන සිද්ධිවලට අදාළ පරීක්ෂණ විධිමත් පරිදි සිදු වන බවත්, ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් පවසන අදහස් සම්බන්ධයෙන් තමන්ට කිසිවක් පැවසිය නොහැකි බවත්ය.

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us