ගිය හතර මහින්ද සමඟ අනාතවෙයි, අනිත් අය එන්න බෑ කියයි. Featured

Published in පුවත්
Friday, 29 May 2015 13:30

ආණ්ඩුවට සම්බන්ධවී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් තමන් දරන ඇමැතිධූරවලින් ඉවත් වීමට සූදානම් නැති බව ඇමැතිධූරවලින් ඉවත්ව ගිය රාජපක්ෂවාදී ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

ඩිලාන් පෙරේරා, සී.බී.රත්නායක, පවිත‍්‍රා වන්නිආරච්චි, මහින්ද යාපා යන ඇමැති පිරිස පසුගිය සතියේ ආණ්ඩුවෙන් ඉවත් වූහ. තමන් සමග එන්නැයි අදාළ මන්ත‍්‍රී පිරිස දැනට ඇමැතිධූර දරන මන්ත‍්‍රීවරුන්ගෙන්ද අවස්ථා ගණනාවකදී ඉල්ලා තිබිණි. එවිට ආණ්ඩුවට ප‍්‍රබල බලපෑමක් එල්ල කළ හැකි බවත්, ඒ හරහා තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගත හැකි බවත් ඔවුන් අදාළ ඇමැතිවරුන්ට පවසා තිබිණි.

මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත් වූ පසු පැවැති එකම සාකච්ඡාව පසුගිය 25දා පැවැති අතර, එහිදී දැනට ඇමැතිධූර දරන පිරිස පැහැදිලිව පවසා ඇත්තේ දහ නවය සහ විසිවැනි ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගැනීම සදහා තමන් ඇමැතිධූර භාර ගත් බවත්, එය වෙනස් කළ නොහැකි බවත්ය.

එස්.බී.නාවින්න ඇමැතිවරයා මේ වෙනුවෙන් ප‍්‍රබලව පෙනී සිට ඇතැයිද හෙළි වේ.

Last modified on Friday, 29 May 2015 13:43

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us